මෑත කාලයේ වාර්තා වූ අවාසනාවන්ත සිදුවීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම ඒකකය පිහිටුවා ඇති බවයි අමාත්‍යවරයා පවසා තිබෙන්නේ.
මෙම ඒකකය හරහා පාසල් පද්ධතිය තුළ සිදුවන විවිධ වැරදි හැසිරීම් රටා මැඩපැවැත්වීමට හෝ සම්පූර්ණයෙන් නවතා දැමීමට අවැසි පියවර ගැනීම සදහා මෙම ඒකකය පිහිටුවා ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් වැඩිදුරටත් පවසා සිටියේ මෙම වසර තුළ ජාතික බුද්ධි ඒකකයත්, ජාතික ශිෂ්‍ය භට බළකායත් සමග එකතුව සමාජ බුද්ධි එකකයක් පිහිටුවීමට තීරණය කළ බවත් ඒ අනුව පාසල් තුළ සිදුවන අකටයුතුකම්, මත්ද්‍රව්‍ය උවදුර අවම කිරීම් සහ සම්පූර්ණයෙන් එවැනි ක්‍රියා නවතා දැමීමට මෙම බුද්ධි එකකය ඉවහල් කර ගැනීමට හැකි බවත්ය.
ඒ අනුව අනාගත පරපුරේ ආරක්ෂිත පියවරක් ලෙස මෙම සමාජ බුද්ධි ඒකකය පාසල්වල සහයෝගය ඇතිව පුළුල් කොට ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දී ඇත.
-RS