ගිනිගත්හේන ප්රදේශයට පසුගිය දින කිහිපය තුළ ඇදහැලුනු අධික වර්ෂාවත් සමග මෙලෙස ප්රධාන මාර්ගයේ කොටස ගිලාබැස ඇති බවයි ප්රදේශවාසින් පවසන්නේ. මේ හේතුවෙන් අදාළ ස්ථානයෙන් රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමාකර ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි.
මේ අතර අද 03) උදෑසන 08 ට පමණ හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ ගිනිගත්හේන කෝවිල අසල ප්රධාන මාර්ගයේ ද කොටසක් මෙලෙස ගිලා බැසීමට ලක්ව ඇති බවත් වාර්තාවේ. මීට පෙර ද එම ස්ථානයේ මෙවැනි ගිලා බැසීම් සිදුව ඇති අතර අක්රමවත් ලෙස ඉදිකෙරුණු මෙම මාර්ග දෙස අවධානය ලබා දෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ප්රදේශවාසීන් ඉල්ලා සිටියි.
කෙසේ වෙතත් පොලිසිය ජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ ගමනාගමනයේ දී සැලකිලිමත් වෙන ලෙසයි.
-RS