නිල්වලා ගඟේ පහළ ප්‍රදේශ සුළු ගංවතුර මට්ටමේ පවතින බවයි ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර සඳහන් කළේ.
මේ අතර, දැනට පවත්නා වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වන බවත් දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු එකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම සබරගමුව ,මධ්‍යම ඌව සහ උතුරු මැද පළාත් වලටත් මන්නාරම හා පුත්තලම දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
කෙසේ වෙතත් වර්ෂාව හමුවේ නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනයත් නිකුත් කර ඇති අතර මහනුවර , මාතලේ , රත්නපුර , කොළඹ , ගාල්ල , මාතර , කළුතර , කෑගල්ල , කුරුණෑගල හා බදුල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් ඊට ඇතුළත් බව එම නිවේදනයේ සදහන්ය.
-RS