ලලිත් කොතලාවලගේ මරණය ස්වාභාවික මරණයක් ලෙස පෙන්වීමට කොතලාවලගේ නීතිඥවරුන් ඇතුළු කිහිප දෙනෙක් කුමන්ත්රණය කර ඇති බවට සෙලින්කෝ තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපති ජුඩ් මාකෝ අද දින (03) කොළඹ මහෙස්ත්රාත් අධිකරණය හමුවේ ප්රකාශයක් කර ඇත.
ජුඩ් මැකෝ පවසන්නේ කොතලාවල සහ ඔහුගේ බිරිඳ සමඟ ජීවත් වූ නිවසින් බැහැර කොට කොළඹ ෆොන්සේකා මවතේ පිහිටි ඔහුගේ කාර්යාලය වෙත බලහත්කාරයෙන් රැගෙන ගොස් වාතාශ්රය පවා නොලැබෙන කාමරයක රඳවා සිටි බවයි. එම කාලය තුළ දී නිවිතිය මිශ්ර සුප් වර්ගයක් සහ තැඹිලි වතුර විටින් විට පානය කිරීමට සලස්වා ඇති බව ඔහු අධිකරණය හමුවේ ප්රකාශ කර ඇත.
මෙවැනි අනීතික ක්රියා කර ඇත්තේ, ලලිත් කොතලාවල මහතා අනාථ නිවාසයකට යොමු කරන බවට තර්ජනය කරමින් බව ද සාක්ෂිකරු අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.
-RS