ඔහු මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
පළාත් සභා යටතේ ඇති පළාත් පාලන ආයතනවල සිටින මෙතෙක් ස්ථිර කර නැති සේවකයන් 8,400ක් කැබිනට් අනුමැතිය ලැබුණු වහා රජයේ ස්ථිර සේවයට බඳවාගැනීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ,
“GIS සහ GPS Mapping මඟින් පළාත් පාලන ආයතනවල සියලු මාර්ග ඛණ්ඩාංකගත කර මාර්ග ඉන්වෙන්ට්‍රියක් සකස් කර එම මාර්ග 1987/ අංක 15 දරන පළාත් පාලන ආයතන පනතේ විධිවිධාන ප්‍රකාරව ගැසට් නිවේදන මඟින් පළ කර එහි අයිතිය පළාත් පාලන ආයතන වෙත තහවුරු කිරීමට නියමිතව තිබෙනවා. අප එම වැඩපිළිවෙළ වයඹ පළාත තුළ ක්‍රියාත්මක කරනු ලැබුවා. ඒ ක්‍රමවේදය සියලු පළාත් ආවරණය කිරිම සඳහා වන ප්‍රතිපත්තිමය තීරණය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර 2023.10.09 දින ඊට අනුමැතිය ලබාගෙන තිබෙනවා. වසර 36කින් සිදු කිරීමට අපොහොසත් වූ මාර්ග සිතියම්ගත කිරීමේ ක්‍රමවේදය අප වසර එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ සිදු කරනවා.
“එමෙන්ම උතුරු මැද හා උතුර යන පළාත් මේ වන විට මාර්ග හඳුනාගෙන ඛණ්ඩාංක සලකුණු කිරිම අවසන් කර තිබෙනවා. එය 2023.12.31 දිනට පෙර එම පළාත් දෙකෙහි කටයුතු අවසන් කිරීමට නියමිතයි. ඉතිරි පළාත් 06 සඳහා කාල රාමුවක් සකස් කර පුහුණුවීම් දී 2024 වසරේදී ඉලක්කය සපුරාගැනීමට අපේක්ෂා කරනවා.
“අප අමාත්‍යංශය යටතේ ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතියක් හරහා පළාත් නවයම ආවරණය වන පරිදි සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර වෙනුවෙන් රුපියල් බිලියන නවයක් ලබාදීමට කටයුතු කරනවා. ඉන් සෞඛ්‍ය අංශය වෙනුවෙන් රුපියල් මිලියන 4,500ක් දීමට කටයුතු කරනවා. ලබන වසරේ ජූනි මාසය අවසන් වන විට අදාළ පළාත්වල සෞඛ්‍ය ගැටලු විසදීමට කටයුතු කරනවා. එම පළාත්වල තිබෙන පාසල්වල පවතින අඩුපාඩු පිරිමසා ගැනීම වෙනුවෙන් තවත් රුපියල් මිලියන 4,500ක් දීමටද අප කටයුතු කරනවා. ජනවාරී මාසයේ ආරම්භ කෙරෙන මේ ව්‍යාපෘතිය මාස 6ක් තුළ නිම කිරීමටද බලාපොරොත්තු වනවා.
“ඒ වගේම පළාත් සභා යටතේ ඇති පළාත් පාලන ආයතනවල සිටින ස්ථිර නොකරන ලද සේවකයන් 8,400ක් කැබිනට් අනුමැතිය ලැබුණු වහා රජයේ ස්ථිර සේවයට බඳවාගැනීමට කටයුතු කරනවා.
ඔවුන් වසර 15ක හෝ ඊට ආසන්න කාලයක් සේවයේ නියුතු පුද්ගලයන් වනවා. පළාත් සභාවලට සේවකයන් 10,000ක පුරප්පාඩුවක් තිබුණා. ඉන් 6,000කට වැඩි පිරිසක් බහුකාර්ය සේවකයන් ලෙස දී තිබෙනවා. මේ මස 10 වන විට ඉතිරි පුරප්පාඩු සඳහා එම බහුකාර්ය සංවර්ධන නිලධාරීන්ගෙන් ආවරණය කිරීමට කටයුතු කරනවා.
“එමෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ පළාත් පාලන ආයතනවල වරිපනම් ගෙවීම, කඩකුලි ගෙවීම් සහ ස්ථාන වෙනක්ර ගැනීම් ආදී කටයුතු සිදු කිරිමට අදාළව මෘදුකාංගය සකස් කිරීම ඉදිරි සති 2ක් වැනි කාලයක් තුළ නිම කිරිමට අපේක්ෂා කරනවා. එහි පළමු අදියර යටතේ මධ්‍යම පළාත සහ බස්නාහිර පළාත තුළ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් කිරිම 2023.11.30 දින වන විට ආරම්භ කිරිමට නියමිතයි.
“ඒ වගේම ඝන අපද්‍රව්‍ය පිරිසැකසුම් කිරිම සහ සනීපාරක්ෂතා බිම් පිරවුම් ව්‍යාපෘතිය නමින් කොරියානු රජයේ මූල්‍ය ආධාර යටතේ බදුල්ල සහ වව්නියාව යන දිස්ත්‍රික්වල සහ සියලු පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණ ගැටලු සඳහා විසඳුම් දීම පිණිස වූ ව්‍යාපෘතිය 2024 ජනවාරි මාසයේදි ආරම්භ කිරිමට නියමිතව තිබෙනවා.”
-P.M