රු.මි. 450 ක් වැයකර ලෝකයේ පළමු වතාවට කන්ටේනර් පර්යන්තයක් ඇතුලේ ගබඩාවක් !   Featured

Published in පුවත්
Saturday, 04 November 2023 15:36

ලෝකයේ පළමු වතාවට කන්ටේනර් පර්යන්තයක් ඇතුළත ගබඩාවක් ඉදිකොට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කාර්යක්ෂමතාවය බාල්දු කිරීමට විෂයබාර ඇමතිවරයා වන නිමල් සිරිපාල ද සිල්වා සහ නාවික කර්මාන්තය ගැන මෙලොව හසරක් නොදන්නා එහි වත්මන් සභාපති ලෙස කටයුතු කරන කීත් බර්නාඩ් නමැති අයෙකු කටයුතු කොට ඇති බව වරායේ වෘත්තීය සමිති චෝදනා කරති.

මෙම ගබඩා සංකීර්ණය ඉදිකිරීම සඳහා භාණ්ඩ හා උපකරණ වලට පමණක් වියදම් කොට ඇති මුදල රුපියල් මිලියන 450 ක් (උත්සව සභාවේදී එය මිලියන 400ක් පමණක් කියන ලෙස උපදෙස් දී ඇත.) වන අතර ශ්‍රම වියදම් ඇතුළු අනෙකුත් වියදම් සියල්ල සමග මිලියන නවසීයක් පමණක් වියදම් වී ඇති බව වාර්තා වේ.

මහල් හතරකින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ ඉහල මහලේ පමණක් වැසිකිලි පහසුකම් ඇති අතර ඒ සඳහා ගමන් කළ හැක්කේ තරප්පු පෙලකින් පමණි.

වරායේ ඉංජිනේරුවන් විසින් ඇමතිවරයා, සභාපතිවරයා ඇතුළු පිරිසකගේ මනදොල පිනවීම සඳහා මෙම අපරාධය සිදුකළ බවට චෝදනා නැගෙයි.

මෙම ගොඩනැගිල්ල විවෘත කිරීම වරාය කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ පසුගියදා සිදුකෙරුණ අතර එහිදී උත්සව සභාව ඇමතු වරායේ ප්‍රකට වෘත්තීය සමිති නායකයකු වන ශ්‍යාමාල් සුමනරත්න මෙම අක්‍රමිකතාවය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්විය.

අදාල වීඩියෝව පහතින්...

 

අදානිගේ උපදේශකයෙක් හරහා වරාය අධ්‍යක්ෂ මණ්ඩලයට උපදෙස් !

මේ අතර මීට දින කිහිපයකට පෙර වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්‍ෂක වරයෙකු ලෙස සේවය කළ ප්‍රේමචන්ද්‍ර නමැත්තකු අධ්‍යක්ෂ මණ්ඩලය වෙත කැඳවා නැගෙනහිර පර්යන්තයට ලබා ගත යුතු යන්ත්‍ර සූත්‍ර ගැන උපදෙස් ලබා ගැනීමට කටයුතු කර ඇත. සභාපති වරයා විසින් මෙලෙස ඔහුව රැගෙන එමින්, පර්යන්තයේ මෙහෙයුම් සඳහා ඉතා අඩු කාර්යක්‍ෂමතාවෙන් යුතු උපකරණ මිලදී ගැනීම සුදුසු බව යෝජනා කරගෙන ඇති නමුත් ඊට සභාගී වී සිටි වත්මන් කළමනාකාර අධ්‍යක්ෂ සහ මෙහෙයුම්බාර අධ්‍යක්ෂ ඇතුළු නිළධාරීන් බොහෝමයක් ඊට තරයේ විරුද්ධ වී ඇත.

එහෙත් විෂය ගැන කිසිඳු දැනුමක් නැති වත්මන් වරාය සභාපතිවරයා, ප්‍රේමචන්ද්‍ර සමග එකතු වී කියා ඇත්තේ ප්‍රේමචන්ද්‍රගේ නිර්දේශ වලට එකඟ නොවන්නේ නම් නැගෙනහිර පර්යන්තයේ මිළදී ගැනීම් වලට තමන් සහය නොවන බවයි. එහෙත් සභාපති වරයාගේ මෙම අදහස් අධ්‍යක්ෂ මණ්ඩලය විසින්ද ප්‍රතික්ෂේප කර ඇත.

මෙම ප්‍රේමචන්ද්‍ර නැමැත්තා ඉන්දීය ව්‍යාපාරික අදානී විසින් ඉදිකරන බටහිර පර්යන්තයේ උපදේශක වරයෙකු ලෙස කටයුතු කරන බවත් ඔහු නැගෙනහිර පර්යන්තයේ කාර්යක්ෂමතාවය බිඳ දැමීමේ කොන්ත්‍රාත්තුව බාරගෙන ඇති බවත් ඇතැම් වෘත්තීය සමිති චෝදනා කරති.

එසේම එවැනි පුද්ගලයෙකු අධක්ෂක මණ්ඩලය හමුවට ගෙන එමෙන් සභාපති බර්නාර්ඩ් නැමැත්තා මුළුමනින්ම ආයතනයේ මූලික රෙගුලාසි, විශේෂයෙන් ලබැඳියාවන් අතර ගැටුම, අමු අමුවේ උල්ලඝණය කර ඇති බවටද ඔවුන් චෝදනා කරති.

Last modified on Saturday, 04 November 2023 15:40

Leave a comment

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us