මේ අතර ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළියේ සහ මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයන් අද (7) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළ බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.
මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන්ගේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය අද (7) සවස 4 සිට ආරම්භ කෙරුණු බවද ඔහු සඳහන් කළේය.මීට අමතරව තැපල් සේවකයන් සංවිධාන කරන විරෝධතා ව්‍යාපාරයක් ලබන 9 පැවැත්වීමට නියමිත අතර එවන් පසුබිමක 8,9,10 දින තුන තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තැපැල්පති රුවන් සත්කුමාර තීරණය කර ඇත.
එම නිවේදනය මෙසේය ,
-P.M