තැපැල් කන්තෝරුව හෝටලයක් කරන යෝජනාවට බන්දුලගේ අදහස .

Published in පුවත්
Thursday, 09 November 2023 11:37

නුවරඑළිය තැපැල් කන්තෝරුව පැවැති ස්ථානයේ වෙනත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට විෂය භාර ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා ගත් තීරණයට තමන් එකඟ වන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කැබිනට් තීරණය දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට ඊයේ (08) සහභාගි වෙමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ තැපැල් කන්තෝරුව වෙනත් ස්ථානයකට ගෙන ගොස් එය දැනට පිහිටි ස්ථානයේ වෙනත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ යන අතර රැකියා අවස්ථා නිර්මාණය වන බවත් ,සංචාරක ව්‍යාපාරයේ දියුණුවට ද වැදගත් වන බවත්ය.

අමාත්‍යවරයා එහිදී දැක්වූ අදහස ,

රජය ෂැංග්‍රිලා හෝටලය සෑදීමට ගාලුමුවදොර ඉඩම පුද්ගලිකව විකිණීමෙන් පසු කිසිම ඉඩමක් විදේශිකයන්ට අලෙවි නොකිරීමට ලංකා ආණ්ඩුව තීරණයක් ගෙන තිබෙනවා. ඒසේ වුවද ඕනෑම ඉඩමක් රජය ව්‍යාපෘති සඳහා බදු පදනමෙන් ලබා දෙනවා. තමා විෂය භාර ඇමැතිවරයා ලෙස ඕනෑම අවස්ථාවක පිටකොටුව, කොල්ලුපිටිය, බම්බලපිටිය, බෙන්තොට, හික්කඩුව, අනුරාධපුර ආදි ඕනෑම දුම්රිය නැවතුම්පොළක් ආශ්‍රිතව දුම්රිය නගරයක් (Station Plaza) සෑදීමට ආයෝජකයන් යෝජනාවක් රැගෙන ආවොත් එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන කමිටුවක් පත් කර වඩා විනිවිද පෙනෙන ආකාරයට කටයුතු කරනවා. ආයෝජන ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. මහ පොළොව තියාගෙන එම මහ පොළොවෙන් ආදායම් උපදවන්නේ නැති නම් අපි රටේ ආර්ථික යන්ත්‍රණය පණගන්වන්නේ කෙසේද?

නුවරඑළියේ තිබෙන තැපැල්හල ගරා වැටෙමින් පවතින, නඩත්තු කරන්න බැරි, තීන්ත ගාන්නවත් බැරි, එහි තෙමෙන තැන්වලට බාල්දි තියලා තිබෙන්නේ. ඒ අකර්මණ්‍ය වූ ඌන උපයෝජිත සම්පත ඵලදායීව ඉදිරිපත් කිරීමේ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් වෙලා තිබෙනවා. සංචාරකයන් සඳහා ටාජ් සමුද්‍රා හෝටලයක්. නුවරඑළිය කියන්නේ සංචාරක ව්‍යාපාරයේ සංචාරකයන් වඩා ආකර්ෂණය කරගත හැකි ගමනාත්තයක්. විශේෂයෙන්ම ඉන්දීය සංචාරකයෝ සීතඑළිය හරහා එන ගමනාත්තයට විශේෂ ආකර්ෂණයක් දක්වනවා. එම නිසා ඔවුන්ගේ හෝටලයක් ඉදි කිරීම තුළින් එම ප්‍රදේශයේ ජනතාවගේ ආදායම් මට්ටම, රැකියා අවස්ථා නිර්මාණය කිරීමටත් හැකියාව ලැබෙනවා. එම නිසා විෂය භාර ඇමැතිවරයා ලෙස මම කැමැතියි වෙනත් ස්ථානයකට තැපැල් කන්නෝරුව ගෙනියලා ඒ ස්ථානය එම ව්‍යාපෘතිය සඳහා ලබා දෙන්න. මීට වඩා ඓතිහාසික ස්ථාන වන ලෝකයේ පළමු අගමැතිය බිහි වුණු රොස්මිඩ් ප්‍රදේශයේ නිවෙස, බණ්ඩාරනායක මහත්මය හිටිය පමණක් නෙවයි වෙඩි තබා ඝාතනය කළෙත් ඒ නිවෙසේ. මෙවැනි පාරම්පරික ඓතිහාසික උරුමයක් තිබෙන නිවෙසත් ඉහළ ගණයේ සංචාරක හෝටලයක් බවට පත් කරලා තිබෙනවා. ගාලුමුවදොර මරමස්ථානය පොළොව යට බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ පවා තිබුණේ හමුදා කඳවුරු. ගොඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ෂැංග්‍රිලා හෝටලය සඳහා කැබිනට් අනුමැතියකින් ලබා දුන්නා. රටක් නතර වෙලා තිබෙන කොට එහි නිෂ්පාදන ක්‍රියාවලිය පටන් ගන්න ඕනෑ.

 

-P.M

Last modified on Thursday, 09 November 2023 12:14

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us