ඇහැළේපොළ වළව්ව ගැනත් තීරණයක් !

Published in පුවත්
Thursday, 09 November 2023 12:59

ඓතිහාසික ඇහැළේපොළ වළව්ව දළදා මාළිගාව භාර නොගන්නේනම් එය ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීමට ඇමති මණ්ඩල අනුමැතිය ලබාගැනීමට තීරණය කෙරේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දෙමින් කියා සිටියේ ,ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසයි.

ඇහැලේපොළ වලව්ව ආයෝජන ව්‍යාපෘතියක් ලෙස යෙදවීමේ දී එහි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ඇමතිවරයා අවධාරණය කළේය.

මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි ඓතිහාසික ඇහැළේපොළ වලව්ව සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 147ක් පමණ වැයවී තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අවධාරණය කරන්නේ මෙම දේපළ දළදා මාළිගාවට පවරා ගන්නේ නම් සංවර්ධන කටයුතු වෙනුවෙන් වැයවූ රුපියල් මිලියන 147ක මුදල නැවත නාගරික සංවර්ධන අධිකාරියට ගෙවිය යුතු බවයි. එම මුදල ගෙවීමට දළදා මාළිගාව අකමැතිනම් මෙම දේපළ ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගත යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ ඇහැලේපොළ වලව්ව නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරනු ලැබුණි. මෙම වළව්ව දළදා මාළිගාවට පවරා දිම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය විසින් මීට මාස හයකට පමණ පෙරදීද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබිණ.

එහෙත් මෙම දේපළ සංවර්ධනය කිරීමට වැයවූ මුදල් නැවත ගෙවීම සම්බන්ධයෙන් දළදා මාළිගාව පැහැදිලි පිළිතුරක් ලබාදී නොමැති බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේදී අණාවරණය විය.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ අමාත්‍යංශ උපදේශක කාරක සභාවට මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් ලබාදෙන්න උපදේශක කාරක සභාවට සහභාගීවෙන නිළධාරීන් කටයුතු කළ යුතු බවයි. තම අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව මීට කලින් පැවැත්වුවේ මාස තුනකට පෙර බව කී අමාත්‍යවරයා එම උපදේශක කාරක සභාවට ඉදිරිපත් වුණ ගැටළු තවම විසඳී නොමැති බවද සඳහන් කළ අමාත්‍යවරයා ඒ පිළිබඳවව අමාත්‍යංශ නිළධාරීන්ට දැඩිව දෝෂාරෝපණය කළේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ප්‍රසන්න රණතුංග උපදෙස් දුන්නේ අදාළ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අත්තනගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා ලෙසයි.

කුරුණෑගල රජපිහිල්ල උද්‍යානයේ පිහිටි තානායම හා මීගමුව තානායම ඇතුළු තානායම් සංවර්ධනය කිරීම පිළිබඳවද අමාත්‍යංශ උපදේශන කාරක සභාවේදී දීර්ඝව සාකච්ඡා විය. පසුගිය සමයේදී මෙම තානායමි නිසිපරිදි ක්‍රියාත්මක වී නොමැත. අමාත්‍ය ප්‍රසන්න රණතුංග නිළධාන්ට උපදෙස් දුන්නේ අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කොට ගැටළු විසඳාගගන්නා ලෙසයි.

එමෙන්ම සංචාරක ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශ සංවර්ධනය කර දෙස් විදෙස් සංචාරකයන් ගැවසෙන මුහුදු තීරයන් හා ජලාශ අපවිත්‍ර වීම වළක්වාගත යුතු බව කී අමාත්‍ය ප්‍රසන්න රණතුංග සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරියට උපදෙස් දුන්නේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව සමඟ එක්ව ඒ සඳහා සැළසුම් සකස් කරන ලෙසය.

 

-P.M

Leave a comment

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us