ක්‍රිකට් ප්‍රශ්නයේදී රනිල් කොයි පැත්තේද ? Featured

Published in පුවත්
Friday, 10 November 2023 08:38

තමන් කිසිදු පාර්ශ්වයකට සහාය නොදක්වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් රැක ගැනීම වෙනුවෙන් පමණක් පෙනී සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ දින (9) ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් හමුවෙමින් අවධාරණය කර ඇත.

පැලැස්තර විසඳුම් නැතිව ක්‍රීඩා නීතිය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු අතර ක්‍රිකට් අර්බුදය විසඳීමට නම් චිත්‍රසිරි වාර්තාව නිවැරැදිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ අවධානයෙන් සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ජාත්‍යන්තරයෙන් කිසිදු බලපෑමක් නොවීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ක්‍රිකට් වැඩපිළිවෙළ පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය කාලෝචිත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පෙර දිනයේදී පාර්ලිමේන්තුව තුළ අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ සිදු කරන ලද සමහර ප්‍රකාශ ජනතාව අනුමත නොකරන බව ද කියා සිටියේය.

ක්‍රිකට් ලොක්කන් ඉවත් කරන යෝජනාව ඒකමතිකව සම්මතයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපතිවරයා ඇතුළු නිලධාරි මණ්ඩලය ඉවත් කිරීමට ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ඒකාබද්ධව ගෙනා යෝජනාව පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ඒකමතිකව සම්මත විය.

මෙම යෝජනාව සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බව විපක්ෂය ඉල්ලා සිටි අතර යෝජනාව පිළිබඳ විවාදය අවසන් වීමෙන් පසුව අදාළ යෝජනාව ආණ්ඩු පක්ෂය හා විපක්ෂය එක්ව ගෙන ආ බැවින් දෙපාර්ශ්වයම ඒ සඳහා එකඟ බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක සඳහන් කළේය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ ,යෝජනාව සඳහා දෙපාර්ශ්වයේම අනුමැතිය හිමිව ඇති බවත් ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ඒකාබද්ධව යෝජනාව ඉදිරිපත් කළ බැවින් යෝජනාව ඒකමතිකව සම්මත වූ බවයි.

මෙම විවාදය අවස්ථාවේදී අධිකරණයේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවේචනය කිරීම සම්බන්ධයෙන් කනගාටු වන බව ද කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසා තිබේ.

යෝජනාව පිළිබඳ විවාදය අවසාන අවස්ථාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු සභාවෙහි නොසිටි බව අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රකාශ කළේය.

ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ රැසක්...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් වංචා දූෂණ රැසක් අනාවරණවී ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

මේ අතර අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව පවතින සුවිශේෂී බැංකු ගිණුමක් පිළිබඳවත් කරුණු හෙළි කෙරුණි.

"ඉවසලා ඉවසලා බැරිම තැන තමයි හෙළිකළේ. මෙන්න අලුත් කරුණු. 2018 සංචාරක එංගලන්ත කණ්ඩායමේ ලංකා සංචාරයේදී විකාශන අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවිය යුතු පළමු වාරික මුදල අමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් රුපියල් දසදහස් 175න් ලක්ෂයක් මුදල් වෙනත් බැංකු ගිණුමකට යොමු කිරීමට උත්සාහ දරා ඇත."

"මෙම ගිණුම හොංකොංවල පිහිටි ගිණුමක්. එහි විශේෂත්වය මෙම ගිණුමට කවර හෝ ඩොලර් තැන්පතුවක් ලැබුණොත් එය ස්වයංක්‍රියව අමෙරිකා එක්සත් ජනපදයේ ගිණුමකට හුවමාරු වෙනවා."

"මෙම ගිණුම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු ගිණුමක්."

"අමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදල තාමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබුණේද යන්න කිසිවෙක් නොදනී. ඒක ඇවිත් නැහැ."

"ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නමින් මෙහෙම ගිණුම් අරින්නේ කොහොමද?"

"දැන් ගිය සතියේ හදිසියේ ක්‍රීඩා සමාජවලට සල්ලි බෙදලා. ක්‍රීඩා සමාජ රැසකට මුදල් ලබාදීලා. සමස්තය රුපියල් ලක්ෂ 5,400ක්."

"ක්‍රිකට් බෝඩ් එකට වාහන 24ක්. අති සුඛෝපභෝගී වාහන. තවත් වාහන 13කට වැඩි ප්‍රමාණයක් කුලියට අරගෙන තිබෙනවා."

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට ...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කීප දෙනකු සහ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්,පුහුණුකරුවන් , භෞතචිකිත්සකයන් ඇතුළු නිලධාරීන් සියලුම දෙනා ඔවුන් පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

ඔවුන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යාම සදහා පොදු බස් රථයක් සූදානම් කර තිබුණ ද බොහෝ ක්‍රීඩකයින් තම පෞද්ගලික මෝටර් රථවලින් සිය නිවෙස් බලා පිටත්ව ගිය අතර මොවුන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ සහ ඒ අවට වැඩි ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවා තිබුණි .

 

ගුවන් තොටුපොළහිදී ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයාගේ අදහස ...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස, එක්තරා කණ්ඩායමක් සිටි බවත් ,ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා මෙම ඛේදනීය පරාජය අත් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ කටුනායක ගුවන් තොටුපොළේ දී අද අලුයම පවසා ඇත.

ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් තම ග්‍රහණයට ගැනීමට කැසකවමින් සිටින බවත් ,මේ පිළිබඳ සියලු තතු තව දින දෙකකින් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් ශ්‍රී ලාංකීය ජනතාවට දැන ගැනීමට සළස්වන බවත් ඔහු සදහන් කර තිබේ.

 

නීතිපති අද අභියාචනාධිකරණයට !

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අභියාචනාධිකරණයෙන් ලබා ගත් අතුරු තහනම් නියෝගයට එරෙහිව නීතිපතිවරයා අද දිනයේ විරෝධතා ගොනු කරන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරින් වහා ඉවත් විය යුතු බවට ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් යෝජනාව පදනම් කර ගනිමින් මෙම විරෝධතා ඉදිරිපත් කරන බවයි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඊයේ එම යෝජනාව ඉදිරිපත් කළේ, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේ කළ ආන්දෝලනාත්මක අනාවරණයෙන් පසුවයි. වත්මන් දූෂිත ක්‍රිකට් සභාපතිවරයා ඇතුළු එම මණ්ඩලය වහා ඉවත් විය යුතු බව යෝජනාවෙන් කියවෙන අතර ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් නව නීති පද්ධතියක් ඇතුළත් පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කල යුතු බව ද එහි සඳහන් ය.

 

 -P.M

Last modified on Friday, 10 November 2023 09:53

Leave a comment

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us