රනිල් එනවා ස්ථීරයි ! මහින්දත් සාක්ෂි. අනුරගෙන් අභියෝගයක් Featured

Published in පුවත්
Monday, 11 December 2023 11:09

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්ථිර වශයෙන්ම ඉදිරිපත්වන බවත් ඔහු ජයග්‍රහණය කරන බවත් Chatham Street Journal පුවත්පත විශේෂ වාර්ථාවක් පළ කර ඇත. එසේම පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් නොකිරීමටත් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමටත් තීරණය කර ඇති බවත් වාර්ථා කර ඇත. එසේම ජනාධිපතිවරණයේදී වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වනු ඇත්තේ ජවිපෙ අනුර කුමාර බවත් සඳහන් කරයි.

 

එම Chatham Street Journal වාර්ථාව.

රෝම අධිරාජ්‍යයේ බලගතුම දේශපාලන නායකත්වය හෙඹවූ සීසර්ව ඝාතනය කිරීමෙන් පසුව බෲටස් කිව්වේ සීසර් කියන්නේ අභිලාෂකාමියෙකු බවයි. ඒ කියන්නේ දේශපාලන බලය ගැන ඇති අධික කැමැත්තෙන් කටයුතු කරන්නක් කියන එක. නැතිනම් දේශපාලනයේ දී බලකාමියෙක් බවයි. ඒ ඝාතනය දේශපාලනිකව සාධාරණීය කරන්න බෲටස් කිව්වේ සීසර් කියන්නේ සර්ප බිත්තරයක්, ඒ බිත්තරයෙන් වර්ගයා බිහිවීම වැළැක්විය යුතුයි කියලා. සීසර්ගේ බලය තවදුරටත් වර්ධනයවීම තමන්ට නපුරක් විදිහට බෲටස් සැලකුවා. ඒ නිසා බිත්තර කටුව කුඩුකර එය අවසන් කළ යුතුයි කියලා බෲටස් තීරණය කළා. බෲටස්ට සීසර් සමඟ දේශපාලනිකව ගැටෙන්න හයියක් තිබුණේ නැහැ. ඒ නිසා තෝරගත්තේ වෙන විදිහක්. සීසර්වරු සමඟ නැතිනම් බලකාමින් සමඟ දේශපාලනිකව ගැටීම පහසු නැහැ. මොකද ඒක ඊට වඩා බලවත් දේශපාලනික ප්‍රහාරයක් වෙන්න ඕන නිසා.

දේශපාලන බලකාමය අභ්‍යාසකිරීමේ හැකියාව දේශපාලන නායකයෙකුට තිබෙන විට ඔහුව නැවැත්වීම සිල්ලර වැඩ වලින් කරන්න බැරි බව පෙන්වන මේ රටේ හොඳම උදාහරණය රනිල් වික්‍රමසිංහ. දශක පහක විතර කාලයක් තිස්සේ රනිල් දේශපාලනය කළේ දියුණු දේශපාලන අභිලාෂයක් තියාගෙන. රනිල් ආවේ වෙන වැඩකරන්න නෙවෙයි. තවමත් ඒ ගුණය තියාගෙන රනිල් රටත් එක්කම ඉදිරියට යමින් සිටිනවා.
-
දේශපාලනයේ දී බලකාමය කියන්නේ වැරදි දෙයක් නෙවෙයි. දේශපාලනයට අවශ්‍ය දෙයක්. දේශපාලනය නමින් නිමක් නැති කෑදරකමකින් හම්බ කරන්න හදන ධනලෝභියෙක්ට වඩා බලකාමියෙක් කොහොමත් හොදයි. ඒ වගේම දේශපාලන අභියෝග ජය ගහන්න ගටක් නැති, ලැබුණ බලයත් අභියෝග මැද්දෙ අතඇරලා යන දුර්වලයෙකුට වඩා බලකාමියෙක් හොඳටම හොඳයි. බලකාමී නොවෙන නැත්නම් බලය වින්දනය නොකරන කවුරුවත් ඇත්ත දේශපාලනය කරන්නේ නෑ..කරන්නත් බැහැ.

අද ගොඩක් අය දේශපාලනයට ඇවිත් තියෙන්නේ දේශපාලන අභිලාෂයක් තමන් ගාව තියෙන නිසා නොවෙයි. ඒක වස්තු දේපොළ මුදල් ඉල්ලමක් විදිහට සලකලා. දූෂිතයන් වංචාකරුවන් ජාවාරම්කරුවන් වෙච්ච ජරාජීර්ණ දේශපාලනඥයන් බිහි වුණේ එහෙම. එහෙම අයට රනිල් එක්ක දේශපාලනිකව ගැටෙන්න බැහැ. අද රනිල් එක්ක ගැටෙන්න හදන, විරුද්ධ දේශපාලන ක්‍රියාවලිය වෙලා තියෙන්නේ අදේශපාලනික විගඩම් ගොඩක්. ඒත් ජනප්‍රිය රැළිවලින්, මාධ්‍ය මෙහෙයුම් වලින්, මුදල් වලින්, පවුල් පරම්පරා බලයෙන්, කයිවාරු වලින් තියා අරගල වලින්වත් රනිල්ව පරාජය කරන්න බැහැ. ඒකට රනිල් අභිබවා යන බලගතු දේශපාලනයක් ඕන වෙනවා.

රනිල් කියන්නේ දේශපාලන බලය විඳින කෙනෙක්. ඒකත් එක්ක සෙල්ලම් කරන කෙනෙක්. කාටත් තේරෙන භාෂාවෙන් කිව්වොත් එයා පොලිටිකල් ගේමක් ගහනවා. ඒකත් හො`ඳටම කරනවා. කාටවත් එයා එක්ක අලඟු තියන්න බැහැ.

2024 අවුරුද්ද කියන්නේ රාජ්‍යයේ දේශපාලන බලය ආපහු උරගාලා බලන අවුරුද්දක්. මහ මැතිවරණයක් ජනාධිපතිවරණයක් එන්න නියමිතයි. මේ තරගයට ජනාධිපති රනිල් එනවද නැද්ද කියන එක ගැන ලොකු සැකයක් විපක්ෂ පාර්ශ්ව මේ වෙලාවේ හදමින් ඉන්නවා. ඒ රනිල්ට තියෙන බය නිසා වෙන්න ඇති. නැත්නම් රනිල් කියන්නේ කවුද කියන එක නොදන්න නිසා වෙන්නත් පුළුවන්.

ඒත් මේ, රනිල් එන්නෙ නෑ කියන්නේ, කෞටිල්‍යව, මැකියාවෙලීව හරි, 48 ඛ්අි හරි, කියවලා නැතත් අඩුම ගානේ ජේ.ආර්.වවත් නොකියවපු දේශපාලන බබෙක් වෙන්න ඕන. නැතිනම් සියල්ල දැනගෙන වෙන වුවමණාවකට වැරදි මතයක් ප්ලාන්ට් කරන තක්කඩියෙක් වෙන්න ඕන. ළඟකදී පාර්ලිමේන්තුවේදි රනිල් එන්නේ නෑ කියලා මොර දීපු විරවංශ කියන්නේ දේශපාලන බබෙක් නෙමේ, හොඳම තක්කඩියෙක්.
ආපහු කිව්වොත් රනිල් කියන්නේ දේශපාලන අභිලාශයක් එක්ක ගේමක් ගහන කෙනෙක්. එයා ඒ ගේම අත්හරින්නේ නැහැ. රනිල් නිසැකවම එනවා. ඒ ගැන සැක තියාගන්න අවශ්‍ය නැහැ.

රනිල් එනවා කියන එක හොඳටම දන්න කෙනා මහින්ද රාජපක්ෂ. ඒක වෙන කතාවකින් කියන්න පුළුවන්. මීට මාස කිහිපයකට කලින් මහින්ද රාජපක්ෂ ජනාධිපති ලේකම් කාර්යාලයට ගියා ජනාධිපති රනිල්ව මුණ ගැහෙන්න. කාර්යාල පරිශ්‍රය දිහා අවධානය දීලා මහින්ද කිව්වේ මං එනකොට මේක පිස්සන් කොටුවක් වගේ. මමයි මේක නාවික හමුදාව දාල හදලා කරල ලස්සන කරලා ගත්තේ කියලා. ඒ වෙලවේ රනිල්, ඔහුව තමන්ගේ කාර්යාල පරිශ්‍රයට එක්කන් ගිහින් වටපිටාව පෙන්නලා කිව්වා, මං මේක ආපහු වෙනස් කළා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා හිටපු කළේ තිබුණා වගේ කියලා. රටේ දේශපාලන තොරතුරු කතා බහ කරලා ආපහු යන ගමනේදී මහින්ද එයා ළඟම හිටපු හිතවතාට කිව්වේ ‘මෙයා ඇවිත් තියෙන්නේ ආපහු යන්න නෙවෙයි’ කියලා.

මේකේ තව කතාවක් තියෙනවා, මීට සති දෙකකට විතර කලින් සිද්දවුණ. පොදුජන පෙරමුණේ නැතිනම් පොහොට්ටුවේ ප්‍රධානින් සියළු දෙනාම කොළඹ දී විශේෂ හමුවක් පැවැත්තුවා. මහින්ද රාජපක්ෂ එක්ක, ඒ පවුලේ අනෙක් දේශපාලන සාමාජිකයනුත් සියළු දෙනාම ඇවිත් තිබුණා. මේ ගොල්ලන්ට ඊළඟ ජනාධිපතිවරණයේ පොහොට්ටු අපේක්ෂකයා ගැන තීරණයක් ගන්න වෙලා තිබුණා. ඒත් එහෙම අපේක්ෂකයෙක් හොයාගන්න හිටියේ නැහැ. අන්තිමට මහින්ද කිව්වේ දැන් අපිට අපේක්ෂකයෙක් නැහැනේ. අපි 2030ට කෙනෙක්ව බලමු. දැන් අපේ අපේක්ෂකයා රනිල්. එයාට සහයෝගය දෙන්න ලැහැස්ති වෙන්න..කියලා. පොහොට්ටුවේ අවසන් තීරණය, ඒකේ නායකයා එහෙම ගත්තා. මහින්ද දන්නවා රනිල් ආවේ යන්න නෙවෙයි කියලා. දැන් එයා එක්ක හැප්පිලා දිනන්නත් බැහැ කියලා.

පොහොට්ටුව එහෙම තීරණයක් ගන්නකොට විපක්ෂය පැත්තේන් රනිල්ට අභියෝග කරනවා ජවිපෙ අනුර කුමාරත්, සජබයේ සජිත් ප්‍රේමදාසත්. ඒත් අනුරගේ ඉදිරිපත් වීම තහවුරු වෙලා තිබුණත් සජිත් එයිද නැද්ද කියන එක සැක සහිතයි. මොකද තමන්ගෙ පක්ෂය තුළමත් තමන් සුළුතරයට වැටිලා කියන එක හෙට අනිද්දා වෙනකොට සජිත්ට දැනගන්න ලැබෙන්න ලොකු ඉඩක් තියෙන නිසා. පසුගිය සතියේ අලුත් ආණ්ඩුවක් ගැන අපි කිව්වේ ඒක ගැන. ඒක කොහොම වුණත් රනිල් කියන අභිලාශකාමී දේශපාලන සත්වයා එක්ක මේ අයට සටන් කරන්න තරම් දේශපාලනික පරිචයක් නෑ කියන එක මේ අවුරුදු එකහාමාරට පෙන්නලා ඉවරයි. සෙල්ලමේ තුරුම්පු ඔක්කොම තියෙන්නේ රනිල් ගාව. රනිල් අද ඉන්නෙත් පීක් එකේ.

ඒ නිසා රනිල් නිසැකවම දිනනවා. පරාජය කරන්න බැහැ. ඒ නිසා දේශපාලනයේදී බලකාමිත්වය අභ්‍යාස කරන කෙනෙක් එක්ක හැපෙන එක, අත්දැකීම් ගන්න හොඳයි, වෙන වැඩක් නම් වෙන්නේ නැහැ.

- Chatham Street Journal

Leave a comment

KJ 300 250 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us