ලබන වසරේ ලංගම ඉතිහාසයේ විශාල වෙනස්කම් රැසක්

Published in පුවත්
Thursday, 14 December 2023 08:24

එළඹෙන වසර ලංගම ඉතිහාසයේ විශාල වෙනස්කම් රාශියක් සිදුවන වසරක් බවට පත්වනු ඇතැයි ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ක්‍රීඩා පාලක සභාව මගින් මෙහෙයවන ලද 2023 වර්ණ ප්‍රදානෝත්සවය ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඊට එක් වූ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ තරග ඉසව්වලදී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ජයග්‍රහණ හිමිකර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයමින් 165 දෙනෙකු සඳහා තිළිණ සහ සහතික පත්‍ර ප්‍රදානය මෙහිදී සිදු විය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

Òඑළඹෙන වසරේ ලංකා ගමනාගමන මණ්ඩලය අනිවාර්යෙන් ලාභ ලබන තත්ත්වයට ළඟා විය යුතුයි. පුද්ගලිකකරණයෙන් තොරව ආයතනයක් වශයෙන් පවත්වාගෙන යෑම සඳහා එම ඉලක්කයට ළඟාවීම අත්‍යවශ්‍යයි. සේවකයින් 23000ක්‌ සේවය කරන තැපැල් දෙපාර්තමේන්තුව අපේ අමාත්‍යංශ විෂය පථය යටතේ ක්‍රියාත්මක වනවා. රජයේ ප්‍රතිපත්ති ඒ අයට වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. ඔවුන් විසින් වැටුප් වැඩි කිරීමක් ඉල්ලා සිටියත් මේ අවස්ථාවේ එය සිදුකිරීමට හැකියාවක් නැහැ. රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප්, සමෘද්ධි ඇතුළු සහනාධාර ගෙවීමෙන් අනතුරුව භාණ්ඩාගාරයේ වෙනත් කිසිදු අමතර මුදලක් ඉතිරි වන්නේ නැහැ. රජයේ අනෙකුත් සියලු කටයුතු සිදු කර තිබෙන්නේ විදේශීය සහ දේශීය වශයෙන් ණය ලබා ගැනීමෙන්. ලබාගත් ණය නොගෙවීම මත මේ වන විට තවත් ණය ලබා ගැනීමේ හැකියාවක් රටට නැහැ. මීට පෙර පැවති රජයන් සිදුකළ ආකාරයට මුදල් මුද්‍රණය කිරීමේ නීතිමය හැකියාවක් ද මේ වන විට නැහැ.

එම නිසා ලංකා ගමනාගමන මණ්ඩලය ද තම ආයතනය උපයා ගන්නා ආදායමෙන් වැටුප් ගෙවීමේ තත්ත්වයට පත්වීම මූලික අවශ්‍යතාවයක්. නව සභාපතිවරයා පත්වීමට පෙර ලංකාවේ ඩිපෝ 107ක්‌ අතරින් තිස් නවයකට වැටුප් ගෙවා ගැනීමට හැකියාවක් පැවතුණේ නැහැ. මේ වන විට එම ඩිපෝ ප්‍රමාණය නවයක් දක්වා අවම වී තිබෙනවා. ඉතාමත් කාර්යක්ෂමව කටයුතු කරමින් හොඳින් ලාභ ලබන ඩිපෝ විශාල ප්‍රමාණයක් පවතිනවා. පොදු ප්‍රවාහන සේවාවන් සැපයීම තුළින් පුද්ගලික අංශයට ලාභ ලැබීමේ හැකියාවක් පවතිනවා නම් රාජ්‍ය අනුග්‍රහයක් සහිතව ක්‍රියාත්මක වන ආයතනවලට ද ලාභ ලැබීමට හැකියාවක් පවතිනවා.

රියදුරන්, කොන්දොස්තරවරුන් ඇතුළු ඇතැම් පිරිස් සිදු කරන මූල්‍ය අක්‍රමිකතා වළක්වා ගත හැකිනම් ආයතනයේ ආදායම තවත් 50%කින් පමණ ඉහළ නැංවීමේ හැකියාව පවතිනවා. මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා එළඹෙන වසරේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඩිජිටල් ක්‍රමවේදයකට අනුව සිදු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අප කටයුතු කරනවා. QR ක්‍රමවේදයකට අනුව හෝ කාඩ්පත් මගින් ගෙවීමේ ක්‍රමවේදයක් සැකසීම තුළින් මුදල් භාවිතයකින් තොරව අවශ්‍ය ගනුදෙනු කිරීම තුළින් බොහෝ අක්‍රමිකතා වැළැක්විය හැකියි.

පවතින ක්‍රමයට පොසිල ඉන්ධන භාවිතය වෙනුවට එළඹෙන වසරේදී විදුලි බස් රථ ලංගම මඟින් ධාවනයට එක් කිරීමට අප කටයුතු කරනවා. චීනය කොරියාව ඇතුළු ලෝකයේ බොහෝ දියුණු රටවල් මේ වනවිටත් විදුලි බස් රථ ධාවනය සිදු කරනවා. 2030 වන විට සමස්ත ලෝකයේම පොසිල ඉන්ධන භාවිතය අවම කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එම නිසා එළඹෙන වසර ලංකා ගමනා ගමන මණ්ඩලයේ 66 වසරක ඉතිහාසයේ විශාල වෙනස්කම් රාශියක් සිදුවන වසරක් බවට පත්වනු ඇති. ඒ වෙනුවෙන් කාර්ය මණ්ඩලයද කැපවී කටයුතු කරනු ඇති බව මා විශ්වාස කරනවා.

මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුවේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වනවා. එම නිසා කැබිනට් මණ්ඩලය විසින් උපදෙස් ලබා දුන් පරිදි විශ්‍රාම වැටුප් ඇතුළු අනෙකුත් ගෙවීම් කටයුතු තැපැල් කාර්යාල මඟින් සිදු කිරීම වෙනුවට කෙළින්ම ගිණුමට බැර කරන තාක්ෂණික ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා. එම නිසා ඉතාමත් ප්‍රවේශමෙන් ආයතන ආරක්ෂා කර ගැනීමේ වගකීම කාර්ය මණ්ඩල සතු වනවා. මේ වන විට බොහෝ ආයතන පවත්වාගෙන යෑම ඉතාමත් අපහසුයි. ඒ බර රටට ඔරොත්තු දෙන්නේ නැහැ. නමුත් ලංගම රටට බරක් වන්නේ නැහැ. විශාල ආදායමක් ඉපයීම සිදු කරනවා. විශාල සේවාවක් සිදු කරනවා. රියදුරු, කොන්දොස්තර, කාර්මික ඇතුළු සෑම අංශයකම කාර්යමණ්ඩලය ඉතාමත් කැපවීමෙන් සිදුකරන කාර්යභාරය තුළ ආයතනය ලාභ ඉපයීමට හැකියාව ලැබුණහොත් ඒ ලාභයෙන් කොටසක්ද නැවතත් සේවකයින් වෙතම බෙදා දීම අපේ අරමුණයි. අපි කිසිවෙකුත් වංචා දූෂණවලට දායක වන්නේ නැහැ. මෙතෙක් පැවති ටයර් මිලදී ගැනීමේ ටෙන්ඩරය වෙනස් කර අඩු මුදලකට වැඩි දුරක් ධාවනය කර හැකි ටයර් මිලදී ගැනීමට තීරණය කිරීම හේතුවෙන් මේ වන විට අමාත්‍යවරයා, සභාපතිවරයා, කැබිනට් මණ්ඩලය ඇතුළු සියලු දෙනාටම අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට සිදුව තිබෙනවා. කෙසේ නමුත් ඒ අභියෝග සියල්ල ජය ගනිමින්, රටේ කීර්තිමත් ආයතනයක් බවට ලංකා ගමනාගමන මණ්ඩලය පත් කිරීමට සියලු දෙනාගේම දායකත්වය ලැබෙනු ඇති බව මා විශ්වාස කරනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ලලිත් ද අල්විස් මහතා, නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණ හංස මහතා ඇතුළු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, වර්ණ ලාභීන් ඇතුළු ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

-දිනමිණ

-P.M

Leave a comment

KJ 300 250 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us