ඊයෙ රෑ Geminids  බලන්න බැරිවුනාද?

Published in පුවත්
Thursday, 14 December 2023 11:49

2023 වසරේ දිස් වන සුවිශේෂීම උල්කාපාත වර්ෂාව වන “ජෙමිනිඩ්” උල්කාපාත වර්ෂාව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය විසින් අද (14) මධ්‍යම රාත්‍රීයේ දීත් නිරීක්ෂණය කළ හැකි බව පවසයි.

ඒ අනුව පයිතන් 3200 ග්‍රාහකයේ සුන්බුන් පෘථිවි වායුගෝලයේ ගැටීමත් සමඟ මෙම උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කළ හැකි බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

තත්පරයට කිලෝමීටර් 35ක් පමණ වන සාමාන්‍ය වේගයකින් පතිත වන මෙම උල්කාපාත වර්ෂාව දිස්වන්නේ මිථුන (Gemini) රාශියේ Castor තාරකාව ආශ්‍රිතවය. තාරකා විද්‍යාඥයින් පවසන්නේ ආසන්න වශයෙන් පැයකදී උල්කාපාත 120ක් පමණ නිරීක්ෂණය වනු ඇති බවය.

උල්කාපාත වර්ෂාවක් ඇති වෙන්නේ පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන වල්ගාතරුවක (ධූමකේතුවක) බලපෑම නිසා වුවද මෙම Geminid උල්කාපාත වර්ෂාව බිහිවන්නේ ඇස්ටරොයිඩයක බලපෑම නිසා යැයිද තාරකා විද්‍යාඥයෝ පවසති.

සූර්යයා වටා කක්ෂයක ගමන් කරන මෙම ඇස්ටරොයිඩය හඳුන් වන්නේ 3200 Phaëthon නමින් වන අතර සූර්යයා ආසන්නයෙන්ම ගමන් කරන ඇස්ටරොයිඩය වන්නේත් මෙම ඇස්ටරොයිඩයයි.

කෙසේ වෙතත් ඊයේ (13) දිනත් මෙම රෑ Geminids උල්කාපාත වර්ෂාව ඇදහැලුණු අතර දෙසැම්බර් 24 දක්වා පවතින බව වාර්තාවේ.

ඇහැලියගොඩ ප්‍රදේශයට ඇද හැලුණු උල්කාපාත වර්ෂාව...

1

 

2

 

3

ඡායාරූප - Thilina Kaluthotage Photography

මෙය  ඔහුගේ සිය මුහුණපොතේ පළ කළ සටහනකි.

ඔය පළවෙනි Photo එකේ තියෙන්නෙ Fireball එකක්, ඒක මගේ පියවි ඇසෙන් ගොඩක් වෙලා දැක්කා. ඒ කියන්නෙ තත්පර 3-5ක් වගේ. ගිණිගෙන විනාශ වෙනකම්ම. මගේ ජීවිතේ දැකපු දෙවනි Fireball එක. මීට අවුරුදු 10-12 ට කලින් ඉස්කෝලෙ යන කාලෙ එකක් දැක්කා. මන් විශ්වාස කරනව ඒක Fireball එකක් කියල.

අනෙක් Photo වල තියෙන්නෙ සාමාන්‍ය උල්කාපාත (ඒව වල සංයුතිය එක්ක වර්ණ වෙනස් වෙනව, දෙවනි සහ තුන්වෙනි Photo වල උල්කාපාත වල වර්ණ එක්ක ඔයාලට ඒ ගැන Idea එකක් ගන්න පුලුවන්)

Last modified on Thursday, 14 December 2023 11:51

Leave a comment

KJ 300 250 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us