ජනාධිපතිවරණයට රනිල් ලැහැස්තියි! වෙන්ඩ ජනාධිපතිවරුන්ට අභියෝගයක් Featured

Published in පුවත්
Sunday, 17 December 2023 18:03

ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමේ සූදානම තහවුරුකර ඇති බව මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවීම් වලින් පැහැදිලිය.

පසුගියදා ජනපති රනිල්ගේ ජනාධිපතිවරණ සටන් මෙහෙයුමේ ප්‍රධානිය ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකයකු ලෙස කටයුතු කළ සාගල රත්නායක පත්කර ඇති බව ද වාර්ථා විය.

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශයට සම්බන්ධ කණ්ඩායමක් විසින් පවත්වාගෙන යන Chatham Street Journal පුවත් පතෙහි මෙම සතියේ ප්‍රධාන පුවත් සිරසතලය ලෙස සඳහන් කර ඇත්තේ "ජනාධිපතිවරණයට සූදනම් ‌වෙන්න" ලෙසය. එමෙන්ම ඊට අදාල ලිපියෙහි අඩංගුව අනුව ( එම ලිපිය පහත දක්වා ඇත) ජනාධිපතිවරණයෙහි ජයග්‍රහණය රනිල් වික්‍රමසිංහ ලබන බවට හේතු සාදක ද ඉදිරිපත් කර තිබෙන අතර මෙවර ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන අපේක්ෂකයන් වනු ඇතැයි දැනට ප්‍රකාශිත සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දෙදෙනාට එ් ජය ගැනීමම් අවස්ථාව විරල බවත් පෙන්වා දී තිබේ. මේ පිළිබඳ තවත් සවිස්තර වාර්‍තා කිහිපයක්ම පළ වී ඇත.

කෙසේ නමුත් විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව ජනපති රනිල් ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් නොවනු ඇති බවට පසුගිය කාලයේ ප්‍රචාරයක් ගෙන ගියද මේ වන විට රනිල්ගේ ඉදිරිපත් වීම සිදුවීම මත විපක්ෂයේ පක්ෂ වලට තමන්ගේ අපේක්ෂකයා ගැන යළි සිතා බැලීමට සිදුව තිබෙන් බවත් ලැබෙන ආරංචි මාර්ග පෙන්වා දෙයි. විශේෂයෙන්ම සජබයේ එකම අපේක්ෂකයා තමන් බව කිහිප වතාවක්ම සජිත් ප්‍රේමදාස විසින් සපථ කර තිබුණද මේ වන විට එම පක්ෂයද දියාරු වෙමින් පවතින තත්වයන් හමුවේ සජිත් වෙනුවට වෙනත් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම ගැන කතා බහක් සිදු වෙමින් තිබේ.

එසේම ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේකෂකයා තමන් බවට එහි නායක අනුර කුමාර පවසා තිබිණි. ඒ එම පක්ෂයේ මන්ත්‍රී හරිණි අමරසූරිය ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙසට ඉදිරිපත් කරවීමට එහි පාර්ශ්වයක් විසින් කටයුත් කරමින් සහ ඊට ප්‍රචාරයක් ලබා දී තිබු තත්වයන් හමුවේය. අනුරගේ මැදිහත් වීමෙන් හරිණිව යටපත් කළ නමුදු යළි ඒ සම්බන්ධයෙන් මත ගැටුමක් ජාජබය තුළ වර්ධනය වෙමින් තිබේ. කෙසේ නමුත් ජනාධිපති රනිල් සමඟ තවත් දේශපාලන බලවේග රැසක් එකතුවීම හා රට ගොඩදැමු නායකයා ලෙස වර්ධනය වන ජනප්‍රසාදය හමුවේ අනුර කුමාරගේ ඉදිරිපත් වීම නිරර්ථක වෑයමක් වනු ඇති බවට ඇතැම් දේශපාලන විචාරක මතය වී ඇත.

Chatham Street Journal ලිපිය.

ජනාධිපතිවරණයට සූදානම් වෙන්න !

‘දේශපාලනය යනු වියහැකියාවන්ගේ කලාවකි, එය දක්ෂතමයාගේ කලාවකි.’ මෙහෙම කිව්වෙ ඔටෝවන් බිස්මාක්. ඒත් බිස්මාක්ගේ මේ ප්‍රකාශයට අභියෝග කළ දේශපාලන අභිලාශකාමීන් කීපදෙනෙක් ‘දේශපාලනය යනු වියනොහැකියාවන් වියහැකියාවන් බවට පත්කිරීමේ කලාවක්’ බව පැවසුවා. එයිනුත් ඉතාම සීමිත පිරිසක් ‘වියනොහැකියාවන්, වියහැකියාවන්’ බවට පත්කළා.

ලංකාවේ දේශපාලනය ගත්තොත් ‘වියනොහැකියාවන් වියහැකියාවන්’ ලෙස විශ්වාස කළ කෙනෙක් තමා අනුර දිසානායකගේ පූර්වජයා වන රෝහණ විජේවීර, ඒත් විජේවීරට ඉතිහාසයෙන් සමුගන්න වුණේ සිය අරමුණ තවදුරටත් ‘වියනොහැකියාවක්’ ලෙසම ඉතිරි කරමින්.

දැන් අනුර දිසානයකත් එවැනි ‘වියනොහැකියාවක් වියහැකියාවක්’ කරන්න උත්සාහ කරනව. ඒ සියයට තුන, සියයට පනහ ඉක්මවාගැනීම කරන එක. ඒ සඳහා ඔහු තරණය කළයුතු කන්ද ලේසි පහසු නෑ, විශාලයි.

එකපාර සිරිපතුලටම නඟින්නෙ නැතුව, ලිහිණිහෙල හරියේ විවේක ගන්න ප්ලෑන් කළානම්, කන්ද ස්ටෙප් දෙක, තුනකට නඟින්න පෑලෑන් කරන ඉවසීම රනිල්ගෙන්වත් ඉගෙන ගෙන තිබුණා නම්, සිසිප් කන්ද මතට ගෝලය තල්ලු කරන් ගිය යෝධයා මෙන් ගෝලය යළි යළිත් කන්ද පාමුලට ඇදවට්ටා ගැනීමේ ඛේදවාචකයෙන් ගැලවී ඔහුට කඳු මුදුනට සේන්දු වෙන්න ලැබේවා කියා අපටත් සුබ පතන්න තිබුණා.

කොහොම නමුත් මේ අධි තක්සේරුව ගැන විශ්වාසය නිසාම අනුර කැමති මහ මැතිවරණයකට නෙමේ ජනාධිපතිවරණයකට, ඒකට හේතුව අධි විශ්වාසය විතරක් නෙමේ, මහ මැතිවරණයකට ගිහින් තරග කරන්න තරම් ශක්තිමත් ප්‍රාදේශීය නායකත්වයක් මාලිමාවට නැති නිසා බහුතරයක් නොලැබීමේ සැකය සහ පාර්ලිමේන්තුවේ දී අනුරට විපක්ෂනායකකම ගන්න සෙසු පක්ෂවල සහය නොලැබෙයි කියන සැකය නිසා. ඒත් ජනාධිපතිවරණය දිනන්න බැරි වුණත් රැල්ලට දෙක වුණොත් රට ඇතුළේ එයා විපක්ෂනායක. අනුර කැමැති වුණත් නැතත් අනුරට ඒක බාරගන්න පුළුවන් ඉඩක් හදලා තියෙන්නේ.

සජබය නම් ඉන්නේ කොහොම හරි මහ මැතිවරණයක් ගන්න, මොකද ඔවුන්ට ඉන්නේ ගියපාර රේස් එක පැරදුන අස්සයෙක්, අනික අස්සයගේ ජොකියත් බිරින්දෑම හින්ද ඕන වෙලාවක කැලෑ පාරක පැනලා වැඬේ අවුල් කරගන්න ඉඩ තියෙනවා.

ඒවගේම සජබයේ ඉන්න හුඟ දෙනෙක් රනිල් එක්ක ඩීල් හින්ද ජනාධිපතිවරණයක දී කීදෙනෙක් සජිත්ට උදව්කරන්න ඉතිරි වෙයිද ශුවර් එකකුත් සජිත්වාදීන්ට නෑ. ගියවර මහ මැතිවරණයේදී සජබය සමඟ හිටපු පෙරමුණේ රාළ වෙච්ච චම්පික අද එතැනින් ඉවත් වෙලා. සෙන්පති ෆොන්සේකා මඟහැරලා. හරීන්ලා මනුෂලා වගේ ජවසම්පන්න පිරිස රනිල් එක්ක. දෙමළ මුස්ලිම් පක්ෂ ටිකත් වෙනම ඉන්නේ. සජබයේ දැනට ඉතුරුවෙලා ඉන්න පක්ෂ ප්‍රබලයන් ගනනාවක්ම දැන් ඉන්නේ රනිල් සමඟ එකතුවෙන එකඟතාවයක. කලින් මහ මැතිවරණයකට ගියොත් මේ අයගෙන් කීපදෙනෙක් හරි සජබයේ ඉතුරු කරගන්න පුළුවන් කියලා සජිත් හිතනවා. මහ මැතිවරණයේදී ජීඑල්ලා ගොඩහේවලා එක්ක එකතුවෙන්න විදිහක් හදාගන්න බලන්නෙත් සජබය දියවී යෑම වලක්ව ගන්න.

මේ අතර පොහොට්ටුවේ කීපදෙනෙක් විපක්ෂයට ගිහින් විපක්ෂනායකකම අරගමු කියල හිතුවට දැන් ඒ අදහස අතඇරල, ඒ අනුරට ඒක ගියොත් විපක්ෂයත් තමන්ට නැතිවෙන හින්ද. දැන් ඒ සුළුතරයත් පොහොට්ටුවේ බහුතරය එක්ක එකතුවෙලා ජනාධිපතිවරණයම කරමු කියනවා. ඒත් එයාලට ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් නැහැ. මහින්ද ඒ ප්‍රශ්නය විසඳුවේ මේ ගමන රනිල් තමයි අපේ අපේක්ෂකයා කියලා තීරණය අරගෙන.

‘වියනොහැකියාවක්, වියහැකියාවක්’ බවට පත්කිරීමේ ලංකාවේ දේශපාලනය තුළ සිදුවුණ ලොකුම ප්‍රාතිහාර්යය තමා තනි මන්ත්‍රීවරයෙක් ලෙස ඇවිත් රනිල් ජනාධිපති වුණ එක. දෙවෙනි ප්‍රාතිහාර්යය තමා යාදෙක නොරත රත වගේ පිරිසක් එක ටීම් එකකට ගෙනත් අවුරුදු එකහමාරක් ආණ්ඩුවකුත් කරල, රටත් බංකොලොත්භාවයෙන් නිදහස් කරගත්ත එක.
අනිත් හැමෝම කයිවාරු පොරොන්දු මළු විතරක් අරන් එද්දි, කවුරුත් ‘වියනොහැකියාවක්’ කියල විශ්වාස කරපු දේවල් රනිල් ‘වියහැකියාවක්’ කරලා පෙන්නුවා.

අනාගත පොරොන්දු වෙනුවට යථාවත් කළ ප්‍රතිඵල අරන් එන රනිල් ඊළඟ ජනාධිපතිවරණය දිනන එක මේ වෙලාවේ පේනෙන්න තියන එකම ‘වියහැකියාව’. ඒ වියහැකියාව සමඟ එකතුවෙන පිරිස වැඩියි. වියනොහැකියාවන් දෙකක් වියහැකියාවන් කළ රනිල්ට මේ සරළ, ඇසි පනාපිට තියන වියහැකියාව නොතේරෙන්න විදිහක් නැහැ. ඒ නිසා දැන් ඔය වෙන්ඩ ජනාධිපතිලා සේරම ජනාධිපතිවරණයට ලෑස්ති වුණොත් හොඳයි. තව වෙන්න වෙනදෙයක් නැහැ.

 

- csj.lk

 

Last modified on Sunday, 17 December 2023 18:14

Leave a comment

KJ 300 250 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us