මරඳගහමුල සහල් ගබඩාව හෙට සිට ජනසතු වෙයි

Published in පුවත්
Monday, 18 December 2023 13:19

මරඳගහමුල සුළු සහ මධ්‍යම පරිමාණයේ සහල් ව්‍යාපාරයෙහි නිරත ව්‍යපාරිකයන් වෙනුවෙන් ඉදිකර වසර නවයකට ආසන්න කාලයක් අත්හැර දමා තිබූ සහල් තොග වෙළඳ මධ්‍යස්ථානය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) විවෘත වේ.

මරඳගහමුල නගරය සහල් තොඟ වෙළඳාම සදහා මෙරට ප්‍රසිද්ධ නගරයකි. මෙරටතුළ සහල් තොග වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ව්‍යාපාරික ප්‍රජාවක් සිටින එකම ස්ථානය මරඳගහමුලයි. 1977 වසරේ සිට මේ දක්වා සහල් ව්‍යාපාරකයින් දුෂ්කරතා රැසක් මැද තම ව්‍යාපාරික කටයුතු මරඳගහමුලනගරයේ සිදු කරයි. එහෙත් සහල් අලෙවිය සඳහා පහසුකම් සහිත නියමිත ස්ථානයක් නොපැවතීම සහ සහල් ගබඩා කිරීමේ ස්ථානයක් නොපැවතීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත් ව සිටියහ.

පුද්ගලික අංශය සතුව පවතින මෙරටසහල් ඒකාධිකාරිය බිඳ දැමීමේ අරමුණින් මෙම ධන්‍යාගාර සංකීර්ණය හා තොඟ වෙළඳ මධ්‍යස්ථානය ඉදිකරනු ලැබුවේ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසිනි. ඒ 2014 වසරේදී ක්‍රියාත්මක කරනු ලැබූ දිවිනැඟුම ව්‍යාපෘතිය මගිනි.

නමුත් යහපාලන රජය යටතේ ක්‍රියාත්මකවූ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් 2015 වසරේදී අහෝසිකරනු ලැබිණ. ඒ සමඟම පසුගිය වසර නවයක කාලය පුරාම මෙම ධන්‍යාගාර සංකීර්ණය හා තොඟ වෙළඳ මධ්‍යස්ථානය වල් බිහි වෙමින් තිබුණි.

ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මැදිහත්වීමෙන් මෙම ගබඩා සංකීර්ණය නැවත පිළිසකර කෙරිණ. මරඳගහමුල ධන්‍යාගාර සංකීර්ණය හා තොඟ වෙළඳ මධ්‍යස්ථානයේ සියලුම වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලාඅමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම වසරේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්ද ඉදිරිපත් කර තිබුණි.

මරඳගහමුල ධන්‍යාගාර සංකීර්ණය හා තොඟ වෙළඳ මධ්‍යස්ථානය පිහිටි ඉඩම අක්කර දෙකක පමණ විශාලත්වයකින් යුතුය. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ වෙළඳ කුටි 115 න් පමණ සමන්විත මෙය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 459 මුදලක් වැයවූ බවයි.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මෙහි සම්පූර්ණ ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත. ගබඩා සංකීර්ණයේ වී මෙක්ට්‍රික් ටොන් 75,000ක් පමණ ගබඩා කිරීමට පහසුකම් ඇත. වී අළවි මණ්ඩලය යටතේ පවතින එම ගබඩා දෙකද මේ වනතෙක් කිසිඳු ප්‍රයෝජනයක් ගෙන නැති බවට වෙළෙඳුන් චෝදනා කරයි. මෙම ගබඩා සංකීර්ණය ලබන මහ කන්නයේ සිට වී ගබඩා කිරීමට බස්නාහිර පළාත් සමූපාකාර දෙපාර්තමේන්තුවට ලබාදෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ පිළිබඳව බස්නාහිරපළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු අදාළ පාර්ශව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයිද අමාත්‍යවරයා පවසයි. මරඳගහමුල විශේෂිත තොඟ වෙළඳ මධ්‍යස්ථානය හෙට (19) ජනතා අයිතියට පත් පත් කිරීමෙන් පසුව එය දිනපතා පෙරවරු 5.00 සිට පස්වරු 3.00 දක්වා විවෘතව තැබීමට නියමිතය. සහල් ඇතුළු අත්‍යාවශ්‍යආහාර ද්‍රව්‍ය සියල්ල මෙතැනින් ලබා ගැනීමට තොඟ වෙළඳුන්ට අවස්ථාව හිමි වේ. ඔවුන්ට අවශ්‍ය වාහන ගාල් කිරීමේ පහසුකම් හා පොදු පහසුකම් සියල්ලන්ගෙන්ම මෙම මධ්‍යස්ථානය සමන්විත වේ

WhatsApp Image 2023 12 18 at 10.53.51

  • දිනමිණ

Leave a comment

KJ 300 250 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us