අහස උසට නැග්ග ලොකු ළුණු මිළේ තිත්ත ඇත්ත Featured

Published in පුවත්
Thursday, 21 December 2023 09:07

ඉන්දියාවෙන් හා වෙනත් රටවලින් ගෙන්වා ඇති ලොකු ලූනු තොග ගබඩාවල රඳවාගෙන සීමිත ප්‍රමාණයක් රුපියල් 600 බැගින් හෙට සිට විකුණන ලෙසත් ඉන්දියාවේ සිට ලොකු ලූනු එවන ව්‍යාපාරිකයන් දැනුම් දුන් බව දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූනු තොග අලෙවි කරන වෙළෙන්දෝ පවසති.

ඉන්දියාවෙන් ගෙන්වා ඇති සියලු ලොකු ලූනු තොග අයිතිකරුවන් ඉන්දියාවේ ව්‍යාපාරිකයන් බවත් එම ව්‍යාපාරිකයන් කියන මුදලට පමණක් තමන්ට ලූනු අලෙවි කිරීමට සිදුව තිබෙන බවද ඔවුහු අවධාරණය කරති. ඉන්දීය ව්‍යාපාරිකයන් තමන්ට පවසන්නේ තවදුරටත් ලොකු ලූනු මිල ඉහළ දමන බව යැයි ද දඹුල්ලේ තොග වෙළෙන්දෝ පවසති.

දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූනු තොග ගබඩාවල විශාල වශයෙන් ලූනු ගබඩා කර වෙළෙඳපොළේ ලොකු ලූනු හිඟයක් ඇතිකර ඉතා සූක්ෂ්ම ලෙස ලංකාවේ කීප දෙනෙකු සහ ඉන්දියාවේ ව්‍යාපාරිකයන් කීප දෙනෙකු එක්ව ලොකු ලූනු මිල ඉහළ දමා ජනතාව සුරාකෑමට ලක් කරන මාෆියාවක් ක්‍රියාත්මක වන බව ලොකු ලූනු තොග වෙළෙන්දෝ පවසති.

මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සල්වල ලොකු ලූනු අලෙවියට සීමිත ප්‍රමාණයක් පෙන්වමින් ලොකු ලූනු තොග ගබඩාවල සඟවා තිබෙන බව ද එම වෙළෙන්දෝ පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල පාකිස්තානය, ඉන්දියාව සහ තුර්කිය රටවලින් ගෙන්වා ඇති ලොකු ලූනු කිලෝවක් රුපියල් 420 සිට 600 දක්වා තොග මිල ගණන් යටතේ අලෙවි කරන බව ද එම වෙළෙන්දෝ පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ මෙන්ම දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙන්ම අවට ප්‍රදේශවලින් විශාල වශයෙන් තොග ගබඩාවලින් විදේශ රටවලින් ගෙන්වා ඇති ලොකු ලූනු ගබඩා කර තිබෙන බවත් ඒවා ඉතා සූක්ෂ්ම ලෙස හිඟයක් මවා පාමින් විශාල ලාභයක් තබාගෙන අලෙවි කිරීමේ ක්‍රියාවලිය සිදු කරන බව ව්‍යාපාරිකයකු වන එම්. ජි. ෆසිල් මහතා සඳහන් කළේය.

මේ ලොකු ලූනු වැඩි මිල ගණන් යටතේ ගෙන්වා නොතිබූ බවත් උත්සව සමය ඉලක්ක කරගෙන ලොකු ලූනු මිල ඉහළ දැමීම ජාවාරමක් කරගෙන යන නිසාවෙන් මේ ජාවාරමට තිත තබන්නැයි එම වෙළෙන්දන් රජයෙන් ඉල්ලීමක් ද කළේය.

දේශීය ලොකු ලූනු වගාව සම්පූර්ණයෙන්ම අඩපණ කිරීම ජාවාරම කිරීමට පසුබිම සැකසූ ක්‍රියාවලියක් බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට ඉන්දියාවේ සහ ලංකා ව්‍යාපාරිකයන් කීප දෙනෙකු එක්ව මුළු රටේම ලොකු ලූනු මිල තීන්දු කරමින් මහා පරිමාණ ජාවාරමක් කරනතුරු ආණ්ඩුව සහ වගකිවයුතු ඇමැතිවරුන් නිහඬව බලා සිටින්නේ යම් වාසියක් ඒ අයට ලැබෙනවා දැයි සැක මතුවන බවය.

දේශීය ලොකු ලූනු වගාව සම්පූර්ණයෙන්ම අඩපණ කිරීම කළ බවට ද නාමල් කරුණාරත්න මහතා චෝදනා කරමින් මේ ලොකු ලූනු සඟවාගෙන අලෙවි කරන ජාවාරම්කරුවන්ට නිසි දඬුවම් දෙන්නැයි ඔහු රජයෙන් ඉල්ලා සිටී.

ලොකු ලූනු තොග සඟවාගෙන සූක්ෂ්ම ලෙස මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් ප්‍රධානී රේණුක පෙරේරා මහතාගෙන් විමසීමේ දී කියා සිටියේ එවැනි තොග සඟවා ඇති බවට තමන්ට කිසිම තොරතුරක් මේ වනතුරු ලැබී නැති බවයි.

මේ පිළිබඳව වහා සොයා බැලීමට අවශ්‍ය පියවර ගන්නා බවත් පැවසූ ඒ මහතා කියා සිටියේ ලොකු ලූනු සඳහා ගැසට් එකකින් මිලක් පාලනය කර නැති නිසා තමන්ට ඒ පිළිබඳව රාජකාරියක් කිරීමට හැකියාවක් නැති බවයි. කෙසේ වෙතත් තොග සඟවා තැබීම ගැන සොයා බැලීමට හැකියාවක් තිබෙන බව ද සඳහන් කළේය.

ලොකු ලූනු කොමිස්පිට අලෙවි කරන ප්‍රජාව කියා සිටියේ මේ වන විට ලොකු ලූනු මිල පාලනය කිරීම අතළොස්සක් වූ ව්‍යාපාරිකයන් කීප දෙනෙකු විසින් සිදුකරන බවය. ඕනෑ තරම් ගබඩාවල සඟවාගෙන ප්‍රසිද්ධියේ මෙය කරන බව ද මේ පිරිස චෝදනා කරති.

ලොකු ලූනු අලෙවි කරන ව්‍යාපාරිකයකු වූ ෆසිල් මහතා කියා සිටියේ දඹුල්ල අවට පමණක් පිටරටවලින් ගෙන්වූ ලොකු ලූනු කිලෝ ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් සඟවාගෙන ඉතා සූක්ෂ්ම ලෙස අලෙවි කිරීමේ කටයුතු සිදු කරන බවයි.

-දිනමිණ

Leave a comment

KJ 300 250 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us