ජනාධිපති කාර්යාලයේ නත්තල් කැරොල්

Published in පුවත්
Thursday, 21 December 2023 13:22

ජනාධිපති කාර්යාලය, සංචාරක සංවර්ධන මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව ජනාධිපති කාර්යාල පරිශ්‍රය සහ ඒ අවට වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ නත්තල් කලාපය ඊයේ (20) ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් විවෘත කෙරිණි.

විදුලි පහන් ආලෝකය දල්වා මෙම අවස්ථාවේ සමාරම්භය සනිටුහන් කළ ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවති නත්තල් කැරොල් ගී ප්‍රසංගය නැරඹීමටද එක් විය.

ඊයේ දින නත්තල් කැරෝල් ගී ප්‍රසංගය ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගායන සහ වාද්‍ය කණ්ඩායම විසින් සිදු කළ අතර මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය දෙසැම්බර් 23 වනදා තෙක් දිනපතා රාත්‍රී 7.00 සිට රාත්‍රී 8.30 දක්වා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

අද (21) දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්ද, හෙට (22) ශ්‍රී ලංකා යුද හමුදාව සහ දෙසැම්බර් 23 වනදා ශ්‍රී ලංකා පොලීසියේ ගායන සහ වාද්‍ය කණ්ඩායම විසින් නත්තල් කැරොල් ගී ප්‍රසංගය ඉදිරිපත් කරනු ඇත.

ඊයේ දින පැවති ප්‍රසංගය නැරඹීමට ජනාධිපතිවරයා සමඟ ජනාධිපති ලේකම් සමන් ඒකනායක  ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාපතිවරු ප්‍රමුඛ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ.

WhatsApp Image 2023 12 21 at 12.58.21 9efe9d32

WhatsApp Image 2023 12 21 at 12.58.22 6d3bae69

WhatsApp Image 2023 12 21 at 12.58.22 cfba7e43

WhatsApp Image 2023 12 21 at 12.58.22 db9642ef

 

Last modified on Thursday, 21 December 2023 13:27

Leave a comment

KJ 300 250 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us