වැට් බදු වැඩි වේ - භාණ්ඩ රැසක මිළත් ඉහළට

Published in පුවත්
Monday, 01 January 2024 08:43

අද (01)සිට 15% ක් වූ වැට් බද්ද 18% දක්වා ඉහළ යයි.

ඒ අනුව මෙතෙක් වැට් අය කළ සෑම භාණ්ඩයකම හා සේවාවක මිල අවම වශයෙන් 3% කින් ඉහළ යනු ඇති.

මෙවර වැට් බදු සංශෝධනයේදී මෙතෙක් වැට් අය නොකළ භාණ්ඩ රැසකටද වැට් බදු පනවනු ලැබුවේ ය.

භාණ්ඩ රැසක මිල ඉහළ යෑමට හේතුවන ඩීසල්, පෙට්‍රල් සහ ගෑස් ද ඊට ඇතුළත් ය.

පෙට්‍රල් සහ ඩීසල් මත 18% ක වැට් බද්ද අදාළ වෙද්දී මෙතෙක් ඒ මත අය කළ 7.5% ක් වූ වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් කෙරිණ.

ඒ අනුව ඩීසල් හා ප්‍රෙටල් මිල මත10.5% ක අලුතින් බදු බරක් එක්වනු ඇති.

මේ අතර ගෑස් සදහා ද වැට් බදු අදාළ කළේ, ඒ මත තිබූ 2.5 %ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් කරමින් ය.

ඒ අනුව ගැස් මිල 15.5% කින් ඉහළ යාමට නියමිතයි.

මේ අතර අද සිට මත්පැන් මිලද 3% කින් ඉහළ යන බව, ඩී සී එස් එල් සමාගම ප්‍රකාශ කළේ ය.

වැට් බදු ඉහළ දැමීමත් සමග අද සිට දුරකතන ගාස්තු ද ඉහළ යයි.

දුරකතන සමාගම් පැවසුවේ, දැනට පවතින බදුවලට තවත් 3% බදු එක්වන බවයි.

ඒ අනුව, ඇමතුම් සඳහා සෙස් බදු ලෙස 2% ක්, විදුලි සංදේශ බදු 15% ක්, සමාජ ආරක්ෂණ බදු 2.5% ක් සහ වැට් බද්ද 15% ක් ලෙස මුළු බදු ප්‍රතිශතය 38.4%කි.

එම බදු ප්‍රතිශතය වැට් බදු සංශෝධනයත් සමග 42% කට ආසන්න වෙයි.

දුරකතන සමාගම් පෙන්වා දෙන්නේ, අන්තර්ජාල සේවා සඳහා දැනට පවතින 20.3% ක බදු ප්‍රතිශතය 23.5% ක් දක්වා ඉහළ යන බවයි.

දැනට අන්තර්ජාල සේවා සඳහා අයකරන බදු වන්නේ, සෙස් බද්ද, සමාජ ආරක්ෂණ බද්ද සහ වැට් බද්ධයි.

මේ අතර, අද සිට වැඩිවන වැට් බදු හමුවේ රුපියල් ලක්ෂයක් වටිනා ජංගම දුරකතකයක් සදහා රුපියල් 18,000ක බදු ප්‍රමාණයක් ගෙවීමට සිදුවන බව ශ්‍රී ලංකා ජංගම දුරකතක ආනයන හා විකිණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් සඳහන් කළේ ය.

මේ අතර, ජල බිල්පත් ගාස්තු ද, මේ මාසයේ සිට 3 % කින් වැඩිවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පියල් පද්මනාත ගජධීරආරච්චි සඳහන් කළේ, වැට් බදු සංශෝධනයත් සමග 3% අමතර වැට් බද්දක් මේ මස සිට ජල බිලට එක්වන බවයි.

මේ අතර, ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ මහලේකම් එල් රෝහණ පෙරේරා පැවසුවේ දෙවැනි කිලෝමීටරය සඳහා අයකරන රුපියල් 80 ගාස්තුව රුපියල් 100 දක්වා ඉහළ දමන බවයි.

සමස්ත ලංකා ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ අද සිට බත් පැකට්ටුවක මිල ද රුපියල් 25 කින් ඉහළ යන බවයි.

මේ අතර වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් ජනතාව අතර සාවද්‍ය මතයන් ද සමාජගතකර ඇති බව රජය පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවසුවේ, බදු සංශෝධනය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකරන පාර්ශවවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවය.

"ජනතාව රජය සමග විශ්වාසවන්තව වැඩකටයුතු කරන්න ඔනේ. රජය ජනතාව සමග විශ්වාසවන්තව කටයුතු කරන්න ඔනේ. ඒක තමා වැදගත්ම දේ. මෙතන දී දේශපාලනය අරමුණු කරගෙන, ඡන්දය අරමුණු කරගෙන අපි රටක් වශයෙන් වැඩකටයුතු කරන්න ගියොත්, ආණ්ඩුවක් වශයෙන් වැඩකටයුතු කරන්න ගියොත් අපේ ගමන හැමෝම එකතු වෙන්න ඔනේ. වැරදි ලෙස වැඩකටයුතු කරන ඒවට අපි ක්‍රියාමාර්ග ගන්නවා. වැට් බද්ද මුවාවෙන් වැඩකටයුතු කරන අය සමහර වෙලාවට නැති රකුසෙක් මවලා ජනතාව කුපිත කරලා, අවුල් කරන්න යන අය ගැන දැඩි තීන්දු අරගෙන නීතිය තුළ කටයුතු කරනවා. "

වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව නිසි අවබෝධයකින් පසු වීම ඉතා වැදගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

-P.M

Last modified on Monday, 01 January 2024 10:52

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us