ලොකු ලුණු මිළ රු 300 – 350ත් දක්වා පහත වැටේ

Published in පුවත්
Monday, 01 January 2024 09:54

කිලෝවක් රුපියල් 600 – 700ත් අතර මිලකින් ඉහළ ගිය ලොකු ලූනු මිල මේ වන විට රුපියල් 300 – 350ත් අතර මිලක් දක්වා පහත වැටී තිබේ.

ඉන්දියාව ලොකුලූණු මෙරටට එවීම තහනම් කිරීමත් සමඟින් පාකිස්තානය සහ තවත් රටවල් කිහිපයකින් මෙරටට ලොකුලූනු තොග එවීමත් සමඟ මෙසේ ලූනු මිල පහත වැටී ඇතැයි ලොකුලූනු අලෙවි කරන දඹුල්ලේ ව්‍යාපාරිකයෝ පවසති.

පසුගිය කාලයේ ඉන්දියාවෙන් වෙනත් රටවලට තම නිෂ්පාදන යැවීම තහනම් කොට ඇති බව මාධ්‍ය වාර්තා පළ විය, ඒ සමඟම ගෙනැවිත් තිබූ ලොකුලූනු තොග කිලෝව රුපියල් පන්සීයත් හයසියයත් අතර ඉහළ මිලයකට වෙළෙන්දන් ඉතා කූට ආකාරයෙන් අ‍ෙලවි කිරීමේ ජාවාරමක නිරත විය.

මෙම ජාවාරම පිළිබඳ දිගින් දිගටම ජනමාධ්‍ය මඟින් පෙන්වා දීමත් සමඟ ලොකුලූනු තොග අලෙවි කර ගැනීමට ඔවුන්ට නොහැකි වී ඒවා කුණු වී නරක් වී විනාශ කරන්නටද සිදු වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් මේ වන විට පාකිස්තානය, තුර්කිය, ඉරානය ඇතුළු රටවල් කීපයකින් විශාල වශයෙන් ලොකුලූනු තොග මෙරටට ගෙන්වා තිබේ. ඒ අනුව දඹුල්ල ප්‍රදේශයේ ලොකුලූනු තොග අලෙවි කරන ව්‍යාපාරිකයන් කියා සිටියේ පාකිස්තානය ලංකාවේ ඉහළ ගිය ලොකුලූනු මිල පහත දැමූ බවය. වෙ‍ෙළඳ සැල්වල පාකිස්තානයෙන් සහ තුර්කියෙන්, ඉරානයෙන් ගෙන්වා ඇති ලොකුලූනු කිලෝව රුපියල් 300ත් 350ත් අතර මිලකට අලෙවි කරන අතර, ඇතැම් වෙළෙන්දෝ එම ලූනුම රු. 400 කට විකිනීමට උත්සාහ දරමින් සිටිති.

තවත් කන්ටේනර් රැසක් වරායේ තිබෙන බවත් ඉදිරියේ දී එම ලූනු තොග වෙ‍ෙළඳ පොළට ලැබීමත් සමඟ තවදුරටත් ලොකුලූනු මිල පහත යනු ඇති බව ඔවුහු විශ්වාසය පළ කරති. අලුත් අවුරුදු සමය වන විට ඉන්දියාව තහනම ඉවත් කරන බවත් එසේ වූ විට දේශීය පාරිභෝගික ජනතාවට අඩු මුදලකට ලූනු මිල දී ගන්නට හැකිවනු ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. ලොකුලූනු අලෙවි කරන වෙළෙඳුන්ට තැරැව්කරුවන් දුරකතන ඇමතුම් ලබා දී අඩු මුදලට අලෙවි නොකොට ලොකුලූනු කිලෝව රුපියල් 400න් ඉහළ තබා ගන්නා ලෙස උපදෙස් ලබා දෙන බව ද වෙළෙන්දන් සඳහන් කරන්නට විය.

කෙසේ වෙතත් පාරිභෝගික ජනතාවට සහන ලබා දීම සඳහා මෙන්ම ලූනු අලෙවි කරන බොහෝ දෙනා රුපියල් 300ත් 350ත් අතර මිලකට අලෙවි කිරීම සිදු කරන බව ද ව්‍යාපාරිකයෝ පවසති.

මේ අතර ඉහළ ගොස් තිබූ එළවළු වර්ග රාශියක මිලද සෑහෙන ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ පවසති.

පෙරේදා (30දා) දින වර්ෂාවේ යම් අඩු වීමක් දක්නට ලැබුණු අතර, මේ හේතුවෙන් ගොවීන් විශාල වශයෙන් එළවළු තොග කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වෙත වෙ‍ෙළඳාම් කටයුතු සඳහා ගෙනවිත් තිබූ ආකාරයක් දැකගන්නට හැකි විය. පිට පළාත් වෙළඳුන්ගේ පැමිණීමේ යම් අඩුවක් පැවැති අතර, ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් කියා සිටින්නේ පෙර දිනවල පැවැති එළවළු තොග මිලට වඩා සියයට 20කින් 30කින් පමණ ඇතැම් එළවළු වර්ගවල මිල පහත වැටී ඇති බවයි.

ලීක්ස් පසුගිය දිනවල රුපියල් 400ට පමණ ඉහළ ගිය අතර, එය මේ වන විට රුපියල් 280 – 250ත් පමණ මිලකටත් රුපියල් 600ට පමණ පැවැති බෝංචි රුපියල් 500 – 550ත් අතර මිලකටත් රුපියල් 500ට පැවැති තක්කාලි රුපියල් 450ක මිලකටත් රුපියල් 400ට පැවැති ගෝවා මේ වන විට රුපියල් 250ක මිලකටත් රුපියල් 700ට පමණ පැවැති කැරට් මේ වන විට රුපියල් 550 – 600 මිලකටත් රුපියල් 150 -160ට පැවැති රාබු මේ වන විට රුපියල් 110ක මිලකටත් රුපියල් 300 – 400ට මිල ඉහළ ගිය නෝකෝල් මේ වන විට රුපියල් 250 -300 මිලකටත් රුපියල් 700 – 800ට පැවැති මාළු මිරිස් මේ වන විට රුපියල් 550 – 600ක මිලකටත් පහත වැටී ඇති බව වෙළෙන්දෝ පවසති.

එළවළු මිල පහළ ගියද සියලු ආර්ථික මධ්‍යස්ථානවල අමුමිරිස් කිලෝවක මිල 2000 – 2200ත් අතර පැවැතිණි. මේ හේතුවෙන් අමුමිරිස් ග්‍රෑම් සියයක් රුපියල් 200 – 250ත් අතර මිලකට අලෙවි වූ අතර, එක කරලක් රුපියල් 20ක් පමණ විය.

-දිනමිණ

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us