මෝටර් රථ ආනයනය සීමා ඉවත්කිරීම තවත් කල් යයි

Published in පුවත්
Sunday, 07 January 2024 10:22

පෞද්ගලික මෝටර් රථ ආනයනය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් ස්ථිර තීරණයකට පැමිණ නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඊයේ ප්‍රකාශ කළේය.

ආර්ථික ස්ථාවරත්වය පිළිගත හැකි සීමාවක පවත්වා ගැනීම රජයේ ප්‍රමුඛ අවධානය බව පැවසූ ඒ මහතා මෙතෙක් ලබාගෙන ඇති ආර්ථික ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම සඳහා මෙම ප්‍රවේශම් සහගත ප්‍රවේශය ගන්නා බවද පැවසීය.

අඛණ්ඩ ආර්ථික ස්ථාවරත්වයේ ගමන් මග අනතුරට පත් කළ හැකි හදිසි තීරණ ගැනීමෙන් රජය වැළකී සිටින බව, ඔහු පැවසීය.

එන්ජින් ධාරිතාව 1000 cc ට අඩු පුද්ගලික මෝටර් රථ සහ විදුලි වාහන ආනයනය කිරීමට අවසර දීම සඳහා රජය ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සකස් කරමින් සිටින බවට වාර්තා පළ වී තිබේ.

ඒ අතර 2020 වසරේ සිට ක්‍රියාත්මක වන වාහන ආනයන තහනම අර්ධ වශයෙන් ලිහිල් කිරීමට රජය සූදානම් බවත් මෙම පියවරත් සමඟ, එන්ජින් ධාරිතාව 1,000CC සහ 1,300CC සහිත කුඩා මෝටර් රථ සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කිරීමට රජය සැලසුම් කරන බවත් First Capital Research ආයතනය පවසා තිබිණි.

මෙලෙස කුඩා වාහන ආනයනය ලිහිල් කිරීමට පියවර ගෙන ඇත්තේ ශ්‍රී ලංකා රේගු ආදායම් ආසන්න වශයෙන් රුපියල් බිලියන 300 සිට 450 පමණ් ප්‍රමාණයකින් අඩු වීම මත බවද පැවැසේ රජයේ ආදායම් ඉලක්ක සපුරාගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධාරණයන් මත මෙම පියවර ගැනීම සිදු වීම වෙනු ඇති බව මෙම ආයතනයේ අදහසය.

වාහන ආනයනය තහනම් කිරීමට පෙර, ශ්‍රී ලංකාව වාර්ෂිකව 350,000 කට අධික නව වාහන ලියාපදිංචි කර ඇත.

කෙසේ නමුත් පෙට්‍රල් සහ විදුළි මෝටර් රථ සඳහා වන සංශෝධිත නිෂ්පාදන බදු ඇතුළත් ගැසට් පත්‍රයක් පසුගියදා ප්‍රකාශයට පත් කිරීමද මෙම අදහස් පැතිර යාමට හේතුවක්ව තිබේ. මෙම නිවේදනයට අනුව, රේගු බදු සහ වැට් බද්දට අමතරව, සමහර පෞද්ගලික මෝටර් රථ කාණ්ඩවලට සියයට 300 ක රේගු බදු බද්දක් ගෙවීමට සිදුවේ.

රාජ්‍ය අමාත්‍ය සේමසිංහ පැවසුවේ, ආර්ථිකය සාධාරණ ලෙස ස්ථාවර කිරීම අපේක්ෂාවෙන්, රජය සතු සංචිත සහ ගෙවුම් ශේෂය යහපත් සහ පිළිගත් ප්‍රමිතීන්ට ළඟා වූ විට පුද්ගලික මෝටර් රථ ආනයනය සලකා බලන බවත් ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව සාකච්ඡා සිදුවෙමින් පවතින බවත්ය.

 -P.M

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us