ලොව ජනප්‍රිය සංචාරක ගමනාන්ත අතර ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයට, ආදායමත් දෙගුණයක් වෙයි Featured

Published in පුවත්
Monday, 08 January 2024 13:55

 2023 වසරේ ශ්‍රී ලංකාවේ සමස්ත සංචාරක ඉපැයීම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,068 ක් බව මහ බැංකුව පවසයි.

මෙය 2022 වසරේ සමස්ත සංචාරක ඉපැයීම් වටිනාකම වූ ඩොලර් මිලියන 1,136.3 හා සැසඳීමේ දී 82% ක වර්ධනයක් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ රුපියල් වටිනාකම අනුව 2022 වසරට වඩා 2023 වසරේ දී මෙරට සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය 100%කින් ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව 2022 වසරේ රු. බිලියන 338.1 ක් ලෙසින් වාර්තා වී ඇති සංචාරක ඉපැයීම් අගය 2023 වසරේ දී රු. බිලියන 678.5 ක් දක්වා 100.7% ක ජයග්‍රාහී වර්ධනයක් පෙන්නුම් කර ඇත.

සංචාරක සංවර්ධන අධිකාරියට අනුව 2022 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 719,978 ක් වූ අතර 2023 වසරේ දී 106.6% ක් වර්ධනයක් අත්පත් කර ගනිමින් පසුගිය වසර තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,487,303 ක් වේ.

කෙසේ වෙතත් 2024 වසරේ තනි සංචාරයන් සඳහා  ලොව වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්ත අතර ශ්‍රී ලංකාවට සිව්වැනි ස්ථානයට පත්ව තිබේ.

''ෆෝබ්ස් '' ව්‍යාපාරික සඟරාව මේ බව අනාවරණ කර ඇත්තේ ''ෆ්ලෑෂ් පැක්'' සංචාරක වෙබ් අඩවිය සිදුකළ ඇගයීමකට අනුවය.

ශ්‍රී ලංකාවට ඉහළින් එම ලැයිස්තුවේ දැක්වෙන්නේ ජපානය,ආජන්ටිනාව සහ ඊජිප්තුව ය.

දුෂ්කර වසර ගණනාවකින් පසු ශ්‍රී ලංකාව සංචාරක ක්ෂේත්‍රයේ මේ වනවිට ඉදිරියට පැමිණෙමින් සිටින බව එම වෙබ් අවඩිය, ශ්‍රී ලංකාව පිළිබඳ තබාඇති සටහනක දැක්වේ.

Last modified on Monday, 08 January 2024 13:57

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us