සජබයෙන් කීරී සම්බා විරෝධයක්

Published in පුවත්
Tuesday, 09 January 2024 17:09

සහල් ආනයන ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර පාර්ලිමේන්තුවේ දී අද (09) යම් උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇත.

කෙසේ වෙතත් විපක්ෂය චෝදනා කර සිටියේ වෙළෙඳපොළ තුළ පවතින විශේෂයෙන් කීරි සම්බා හිඟයට පිළියමක් ලෙස සහල් ටොන් 50,000ක් ආනයනය කිරීමට ආණ්ඩුව අවසර දී තිබෙන අතර මෙය වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් ජාවාරමක් බවට පත්කර තිබෙන බවය.

මෙම සහල් ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ රටේ ජනතාවට අවශ්‍ය සහල් රට තුළ නිෂ්පාදනය වන බවත් සහල් ආනයනයට අදාළව තමන් එකඟතාවක් දී නැති බවත් අමරවීර අමාත්‍යවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

සහල් ගෙන්වීම සම්බන්ධව මම එකඟතාවක් දීලා නැහැ. අපට අවශ්‍ය සහල් අපේ රට තුළ නිෂ්පාදනය වෙනවා. මම පිළිගන්නවා කීරි සම්බාවල යම් හිඟයක් තියෙනවා. ඒ අනුව තමයි ඒ කටයුත්ත සිදුවෙන්න තීන්දු කරලා තියෙන්නේ. කෙසේවෙතත් දැනටත් මම කියන්න කැමතියි ඔබ අපි සාමාන්‍ය මිනිස්සු කන සහල්වල කිසිම හිඟයක් නැහැ. අපේ රටේ අවශ්‍ය ප්‍රමාණයට සහල් නිෂ්පාදනයක් සිද්ධ වෙලා තියෙනවා.” යනුවෙන් පැවසුවේය.

ඒ අනුව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මෙහිදී විමසා සිටියේ වෙළෙඳ අමාත්‍යවරය සහල් ජාවාරමක නිරතව සිටිනවාද යන්නයි. කීරි සම්බා ගෙන්ව්වන මුවාවෙන් සම්බා සහලක් ආනයනය කිරීමට සැරසෙන බවටයි මන්ත්‍රීවරයා චෝදනා කළේ.

ඊට පිළිතුරු දුන් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා,

අපි පැහැදිලිව කැබිනට් මණ්ඩලයට දාලා තියෙනවා ගෙන්වන සහල් වර්ගයේ මොන හාල් වර්ගයක්ද කියන එක. ජාවාරමක් නෙවෙයි. ඔබතුමා එකක් පිළිගන්න රටේ මන්ත්‍රීවරයෙක් වශයෙන් අද වෙද්දී කීරි සම්බා කිලෝ එකකින් රු 140කට අධික ලාභයක් ඒ නිෂ්පාදකයින් රටේ ජනතාවගෙන් ගන්නවා. මොකද අද වෙද්දී කීරි සම්බා කිලෝ එකක රු 340යි රු.350යි. පාලන මිලක් තියෙනවා 260කට. නිෂ්පාදන වියදම වෙන්නේ රු.225 යි 230යි. සම්බා වලත් තත්ත්වය ඕක තමයි. මොකද හේතුව සම්බා පාලන මිල 230යි. හැබැයි 265යි 270යි මිල වෙන්නේ. ඒ තුළ පාරිභෝගිකයා ආරක්ෂා කරන්න යම් වැඩපිළිවෙලක් අපිට අනිවාර්යයෙන්ම ගන්න වෙනවා. හැබැයි කීරි සම්බා සහ සම්බා තව මාස එකහමාරක් විතර යනකම් වෙළෙඳපොළට එන්නේ නැහැ. මොකද හේතුව ඉස්සෙල්ලම නාඩු එනවා. ඊළඟට සම්බා එනවා. ඊළඟට කීරි සම්බා එනවා. ඒ නිසා මේ සහල් දෙකටම පාවිච්චි කරන්න පුළුවන් හාලක් තමයි අපි ආනයනය කරන්නේ. මේ 21 වෙද්දී ඒ කටයුතු අවසන් කරන්න ඕනේ. නමුත් මම හිතන්නේ නැහැ අවසන් කරනන් පුළුවන් වෙයි කියල දුන්න කාල සීමාව තුළ.” යනුවෙනි.

කෙසේ වෙතත් වෙළෙඳ අමාත්‍යවරයාගේ මෙම පිළිතුරට ප්‍රතිචාර ලෙස විපක්ෂයේ මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යවරය සහල් අතිරික්තයක් ගැන කියද්දී වෙළෙඳ අමාත්‍යවරයා සහල් ටොන් 50,000ක් ආනයනය කිරීමට සැරසීමෙන් සිදුවන්නේ මෙරට ගොවියාගේ වී මිල පහළ යාම සිදුවන බවය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us