මෙම වසරේදී වෙරළ ආරක්ෂක ව්‍යාපෘති 9ක් ඇතුළු වැඩසටහන් 24ක්

Published in පුවත්
Wednesday, 10 January 2024 12:08

මෙම වසරේදී වෙරළ ආරක්ෂක ව්‍යාපෘති 9ක් සහ කඩොලාන සිටුවීම ඇතුළු තවත් වැඩසටහන් 24ක් ක්‍රියාත්මක කරන බව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

තිරණාගම, දකුණු උඩප්පුව, උතුරු උඩප්පුව, නින්දවූර්, සයින්දමර්දු, මූතූර්, වත්තල, මැඩිහ, කොලින්ජාඩිය සහ කොරළවැල්ල යන වෙරළ තීරයන් ආරක්ෂාවන පරිදි එම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ.

මේ සඳහා මහා භාණ්ඩාගාරය මඟින් රුපියල් මිලියන 623ක ප්‍රතිපාදන ඉල්ලා තිබේන අතර දැනටමත් ඉන් රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන වෙන්ව තිබේන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ ඉකුත් වසරේදී(2023) වෙරළ ආරක්ෂක ව්‍යාපෘති 7ක් ක්‍රියාත්මක කළ බවත් එම ව්‍යාපෘතිය මඟින් දිවයින වටා පිහිටි මීටර 1,220ක වෙරළ තීරයක් ආරක්ෂාවන බවත්ය .

කෙසේවෙතත් මෙම ව්‍යාපෘතිය සඳහා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 388ක මුදලක් වෙන් කළ බව අමාත්‍යවරයා පවසයි.

මොරටුව, කලුතර කැලිඩෝ වෙරළ, අම්බලන්ගොඩ, පෝරුතොට, සයින්දමර්දු, නින්දවූර් සහ තිරක්කෝවිල් ප්‍රදේශවල එම වෙරළාරක්ෂක ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත.

මීට අමතරව ඉරණවිල, උප්පාරු, කිරිමුන්දලම, මූතූර්, කාරතිව්, නින්දවූර්, බූස්ස, තල්දියවත්ත, කොක්ගල, සයින්දමර්දු, මාලිගියිකාඩු, කාන්තන්කුඩි සහ උස්වැටකෙයියාව යන වෙරළ තීරවල හදිසි වෙරළාක්ෂක ව්‍යාපෘති 14ක වැඩ නිම කර තිබේ. ඉන් මීටර 1,380ක වෙරළ තීරයක් ආරක්ෂාවන බව ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මීට අමතරව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව වෙරළ තීරයේ කඩොලාන සිටුවීමේ වැඩසටන් 25ක් හා වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘති 90ක් ක්‍රියාත්මක කර තිබේ.

වෙරළ කලාපය හා ආශ්‍රිතව සම්පත් අනාගත පරපුර සඳහා රැකගෙන දායාද කිරීමේ අරමුණ ඇතිව දිවයින වටා පිහිටි පාරිසරික වැදගත්කමකින් යුතු ප්‍රදේශ බලපෑමට ලක්වූ සංරක්ෂිත ප්‍රදේශ ලෙස හඳුනාගෙන ප්‍රකාශයට පත්කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පියවර ගෙත ඇත.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ඒ යටතේ දැනටමත් නැගෙනහිර ප්‍රදේශයේ ආරුගම්බේ වෙරළ තීරයේ උල්ල වැලි වැටිය ආශ්‍රිත ප්‍රදේශය බලපෑමට ලක්වූ විශේෂ ප්‍රදේශයක් ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව සංරක්ෂණය කිරීමට නියමිත බවයි.

දිවයින වටා පිහිටි සුන්දර මුහුදු තීරය ආරක්ෂා කිරීම ධීවර හා සංචාරක කර්මාන්තයේ ප්‍රගමනයට විශාල දායකත්වයක් සපයන බවයි.

ඒ අනුව දැනටමත් වෙරළ තීරය ආශ්‍රිතව සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන 26ක් හඳුනාගෙන ඇති අතර ඒවා දියුණු කිරීම සඳහා මූලික සැලසුම් වාර්තාවක් නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ඒකව ඒකාබද්ධ සකස්කරමින් පවතී.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගේ උපදෙස් දී ඇත්තේ වෙරළ පරිසරය ආරක්ෂාවන පරිදි එම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසය

-P.M

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us