විදුලි බිල අඩු කරන්නේ ඡන්ද බලාගෙන නෙවෙයි. ආර්ථිකය ගොඩයන නිසා - මනූෂ

Published in පුවත්
Sunday, 14 January 2024 12:44

එළැඹෙන ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිසැකවම තරඟ කරන බවත් එහෙත් මේවන විට ගන්නා තීන්දු තීරණ මැතිවරණයක් ඉලක්ක කරගැනීමකින් තොරව ආර්ථිකයේ සහ ජනතාවගේ යහපත උදෙසා අනාගත දැක්මත් මත පදනම්ව ගන්නා බවත් මනූෂ නානායක්කාර  පැවසීය.

අයි. එම්. එෆ් ණය නොගෙවා පස්සේ ගෙවන්නම් හෝ කල් දමන්න පුලුවන් කියලා හිතන අය ආණ්ඩු බලය ඉල්ලන්න යන බවත් එවැනි පුද්ගලයින් ගැන කීමට කිසිවක් නොමැති බවත් අමාත්‍යවරයා පවසා සිටී.

කෙසේ වෙතත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ,

‘‘ මේ තත්ත්වය පවත්වාගෙන යන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට විතරයි. ඒ නිසා ආර්ථිකය ඉදිරියට ගෙනියන්න කැමති සියලුදෙනා එතුමා එක්ක එකතුවෙයි.

අපි ඉදිරියේදී තරඟ කරන ආකාරය තීරණය කරනවා. සැකැස්ම කුමක් වුවත් ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යෙන්ම තරඟ කරනවා.

මෙවැනි තත්ත්වයක් තිබුනත් අපි කිසිම අවස්ථාවක ඡන්ද බලාගෙන කිසිම සහනයක් ලබාදීමක් කරන්නේ නැහැ. ඡන්ද බලාපොරොත්තුවක් තිබුනා නම් මේ විදිහට බදු ගහන්නේ නැහැ. අපි කටයුතු කරන්නේ මේ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමටයි

අපි යුක්තිය මෙහෙයුමත් දිගටම කරනවා. දැන් ඇතැම් නීතිඥයින් මේකට කෑගහනවා. ඒත් අපි රටේ යහපත වෙනුවෙන් කරන දේවල් දේශපාලනිකව හිතලා කිසිම වෙලාවක වෙනස් කරන්නේ නැහැ.

අපි ආයෙත් සල්ලි අච්චුගහන්නේ නැහැ ඒ නිසයි බදු අයකරන්නේ. ඒත් බදු අයකරන්නේ තියෙන අයගෙන් විතරයි. සමස්තයට ජීවිත්වෙන්න පුළුවන් පරිසරයක් හදන්නයි අපි කටයුතු කරන්නේ. මේවා දේශපාලනිකව අවාසි සහගතයි. ඒත් අපි ඒක කරනවා.

රටේ ආර්ථික තත්ත්වය යහපත් වෙනකොට බදු අඩුකරමින් ජනතාවට සහහන සැලසීම සිදුකරනවා.

ඒ වගේම අයි.එම්.එෆ් එකට ගෙවන්න තියෙන ණය ගෙවන්නේ නැතිව මචං අපි පස්සේ ගෙවන්නම් කියල කල් දාන්න පුළුවන් කියල හිතන අයත් ආණ්ඩු බලය ඉල්ලනවා නම් ඒ අය මේ රට කොයි විදිහට ගෙනියයිද කියලා හිතා ගන්නවත් බැහැ. මේ විදිහට පහත් තැනක ඉන්න දේශපාලඥයින් නම් රටේ බලය ඉල්ලන්නේ ඒ අය ගැන කතා කරන්න දෙයක්වත් ඉතිරි වෙලා නැහැ.

ඒ අයට රටේ අනාගතය ගොඩනගන විදිහ ගැන අදහසක් නැහැ. සමහරු කියනවා අපිත් අයි.එම්.එෆ් යනවා කියලා. ඉතින් ඒ කියන්නේ ඒ අයත් අපේ ආර්ථීක වැඩපිළිවෙල නම් ක්‍රියාත්මක කරන්නේ මොකටද ඡන්දය ඉල්ලන්නේ. අපේ වගේ වැඩපිළිවෙලක් නම් ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේ සල්ලි නාස්ති කරලා ඡන්දයත් තියලා වැඩක් නැහැනේ. මේ අය මොනව හරි බොරු ටිකක් කියලා බලය ලබා ගැනීමටයි උත්සහ කරන්නේ.

ඒ වගේම අපේ ජනතාව විදේශ රැකියා වලට යන එකට විපක්ෂ නායක කියනවා විදේශ රැකියා සුනාමියක් කියලා. එතුමාට නොතේරුනාට මේ ලෝකයේ දියණු වුන රටවල් බහුතරයක් උදාහරණයක් විදිහට දකුණු කොරියාව පවා විදේශ රැකියා වලට ජනතාව යොමු කරලා ඒ පිරිස යලිත් රටට අවාට පසුව ඒ අයගේ දැණුම අත්දැකීම් යොදාගෙන නව ව්‍යාපාර ඇති කළා.

මේ තියෙන්නේ අපේ ගමේ කොල්ලෙක් දියුණු වෙනවාට තියෙන තරහ. ඒකයි මේකට විදේශ රැකියා සුනාමියක් කියලා කියන්නේ.

මාර්තු මාසයට යන විට අපි විදුලි බිල අඩු කරන්න කටයුතු කරනවා. මෙහිදී සහන දෙන්නේ ආර්ථිකය ශක්තිමත් වන නිසා විතරයි. එහෙම නැතිව ඡන්ද බලාගෙන කිසිම අවස්ථාවක අපි සහන ලබාදීමක් කරන්නේ නැහැ.

දීමනා වැඩි කිරීමට මම එකඟයි ඒ නිසාමයි ජනවාරි මාසයේ ඉදන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප වැඩි කරන්න කටයුතු කළේ. ඒත් පුළුවන්කමක් තිබුනොත් පෙබරවාරි මාසයේ ඉදන්ම පොරොන්දු වුන දසදහසම දෙන්න කටයුතු කරනවා.

වෛද්‍යවරුන්ගේ දීමනාව පහළ තිබුනේ. ඒ නිසාමයි වෛද්‍යවරුන් රට හැරගියා එයින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩාගෙන වැටීම වැලැක්වීමටයි මේ විදිහට වෛද්‍යවරුන්ට දීමනාව දෙන්න තීරණය කළේ. අපි තීන්දු තීරණ ගන්නේ දුර දිග බලලයි.

මේ නිසාමයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ දීමනා වැඩි කරන්නත් තීරණ කළේ. ඔවුන් රට හැර ගියොත් රටේ අනාගතයට විශාල බලපෑමක් වෙනවා. ඒ නිසාමයි අපි මේ තීරණය ගත්තේ.

අපි මේ වසර නම් කරලා තියෙන්නේ ව්‍යවසායක වසර විදිහටයි. එහිදී විදේශ රැකියාවල නිතරව සිට යලිත් මෙරටට ආපු අයට ව්‍යවසායකයින් කිරීමටයි අපි මේ වසරේ කටයුතු කරන්නේ.

මහා භාණ්ඩාගරය කියනවා පඩි වැඩි කරන්න බැහැ සල්ලි නැහැ කියලා. ඒත් රාජ්‍ය ආදායම් වැඩි කරන්න කියලා යෝජනා දැම්මාට භාණ්ඩගාරයේ ඉන්න නිලධාරීන්ට ඒවාට කැමති නැහැ.

ඒ අය කැමති වැට් ගහන්නයි කැමතියි. ඒ අයමයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ටත් වැට් බදු අඩු කරන්න කියල කිව්වේ. දැනුත් මේ අයමයි ඒ තැන් වල ඉන්නේ.

පහුගිය කාලයේ දී මොටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ අදායම් වැඩි කරන්න ඉදිරිපත් කළ යොජනාව මාස 15ක් විතර ගත වුනාට පස්සෙයි ක්‍රියාත්මක වෙන්නේ.

දැන් ඒ දෙපාර්තමේන්තුවේ ආදායම් සියයට තුන්සීයකින් ඉහළ ගිහින් තියෙනවා.ඒත් මේවා අනුමත නොකරපු නිලධාරීන්ට කවුරුවත් බනින්නේ නැහැ. වැට් අඩු කරගන්න තිබුණ ක්‍රම මේවායි.

දැන් වාහන වල නොම්බරයට තමන් කැමති නොම්බරයක් දාන ක්‍රමයක් දාලා කැමති කෙනාට ලක්ෂ පහලොවක් හරි දීලා ඕනේ නම් තමන්ගේ නම හරි ගහන්න පුළුවන් ක්‍රමයක් ගෙනාවා. මේක භණ්ඩාගාරයෙන් මාස ගාණක් තිස්සේ අනුමත නොකර ඉන්නවා.

මේ අයට ඕනේ රජය අපහසුතාවයට පත් කරන්නයි. මේ නිලාධාරීන් අලුත් යෝජනා අනුමත නොකර හිටිය නිසා රජයට අහිමි වූ මුදල් ඔවුන්ගෙන්ම අයකරගන්න නඩු දැමිය යුතුයි කියලා මම විශ්වාස කරනවා” ලෙස අමාත්‍යවරයා කියා සිටියේය.

Last modified on Sunday, 14 January 2024 13:00

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us