ගියේ 5යි, බිලියන16 ක දුම්රිය එංජින් 20 ක් අරන් එයි

Published in පුවත්
Monday, 15 January 2024 10:21

ඉතිහාසයේ පළමු වතාවට රුපියල් කෝටි 1600ක් වටිනා දුම්රිය එන්ජින් 20ක් ඉන්දියාවෙන් මෙරටට ත්‍යාගයක් වශයෙන් ලැබී ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

එක් එන්ජිමක් මිලියන 800ක් වටිනා බවත් නිදහසින් පසු ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් ලැබෙනුයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බවද ඇමැතිවරයා කීය.

දුම්රිය එන්ජින් 20ක් ලබා ගැනීම සඳහා තමා ඉන්දියානු ආණ්ඩුවෙන්, මෙරට සිටි ඉන්දියානු මහ කොමසාරිස්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බවද කී ඇමැතිවරයා ඒ පිළිබඳව අවධානය යොමු කිරීම පිළිබඳව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට සහ මෙරට හිටපු ඉන්දීය මහ කොමසාරිස්වරයාට ස්තුතිය පුද කරන බවද පැවසීය.

නොමිලේ දෙන දුම්රිය එන්ජින් දෙක බලන්න ලංකාවෙන් 65ක් ඉන්දියාවට යනුවෙන් අසත්‍ය ප්‍රවෘත්තියක් පළ වී තිබෙන බවත් ඒ සඳහා ගියේ පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ඒ සඳහා සියලු වියදම් දැරුවේ ඉන්දියානු ආණ්ඩුව බවද ඇමැතිවරයා මෙහිදී අවධාරණය කෙළේය.

''ඉරිදා දිනයේ ප්‍රධාන ජාතික පුවත්පතක නොමිලේ දෙන දුම්රිය එන්ජින් දෙක බලන්න ලංකාවෙන් 65ක් ඉන්දියාවට යනුවෙන් අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කර තිබෙනවා. ඒ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරවා. දීර්ඝ කාලීන පොදු ප්‍රවාහන සේවාවක් සැපයූ ලංකාණ්ඩුවේ දුම්රිය සේවය ඉතාම බරපතළ ලෙස කඩා වැටී එය පවත්වාගෙන යාමට නොහැකි තරම් තත්ත්වයකට සියලු අංශ පත්වී තිබෙනවා. දීර්ඝ කාලයක් දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලැබීමත් පාඩු ලබන නිසා පුනර්ආයෝජනය කර අවශ්‍ය ආකාරයට කාර්යක්ෂමතාවය වැඩි කරන්න හැකියාවක් නොමැති වීමත් ඊට හේතුවයි. මේ නිසා බොහෝ දුම්රිය සංවර්ධන කටයුතු කර තිබෙන්නෙ ණය ආධාර යටතේ. දුම්රිය මැදිරි, දුම්රිය මාර්ග, දුම්රිය අමතර කොටස් ලබාගෙන තිබෙන්නෙ විදේශ ණය ආධාර යටතේ. කොළඹ ක්‍රමයේ ආධාර, කැනේඩියානු ආධාර, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය, ආසියානු සංවර්ධන බැංකුව යනාදිය මඟින් තමයි අපේ දුම්රිය සේවයට ණය ආධාර ලැබී තිබෙන්නෙ

මම ඇමැතිවරයා ලෙස ඉන්දියානු මහ කොමසාරිස්වරයාගෙන්, ඉන්දියානු ආණ්ඩුවෙන් ලිඛිතව ඉල්ලීමක් කළා අපට විශාල දුම්රිය එන්ජින් හිඟයක් තිබෙන නිසාත්, දුම්රිය මිලදී ගැනීමට අපට මේ අවස්ථාවේදී කිසිදු ප්‍රාග්ධන වියදමක් දරන්නට නොහැකි නිසාත්, ණය ප්‍රතිව්‍යුගත කරන තෙක් ණය ආධාර අපට නොලැබෙන නිසාත් උදව්වක් ලෙස හොඳින් දුවමින් පවතින දුම්රිය කට්ටල විස්සක් ලබා දෙන ලෙස. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දීය ආණ්ඩුවටත්, ගෝපාල් බාග්ලේ මහ කොමසාරිස්තුමාටත් මම මේ අවස්ථාවේ ස්තුති වන්ත වෙනවා දැනට ධාවනය වෙමින් පවතින දුම්රිය විස්සකුත්, අමතර කොටස් ලබා ගැනීම සඳහා තව දුම්රිය තුනකුත් ලබාදීමට එකඟතාව පළකිරීම පිළිබඳව.

මෙම දුම්රිය විස්සෙන් වඩා ගැළපෙන දුම්රිය වර්ගය කුමක්ද කියා තෝරා ගැනීම සඳහා ඉංජිනේරුවරු සහ අදාළ වගකිවයුත්තන් පිරිසක් එවන්න කියූ අවස්ථාවේදී මම හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී ගුණසිංහ මහතා ඇතුළු නිලධාරීන්ගේ නම් ලිඛිතව දැනුම් දුන්නා. එනම් පස්දෙනෙක්ගෙ. ගුණසිංහ මහතා විශ්‍රාම ගිය නිසා අතිරේක සාමාන්‍යාධිකාරී පොල්වත්ත මහතාත් ඒ ඉංජිනේරුවරු පස්දෙනාත් ඉන්දියානු රජය විසින් ලබා දුන් ගුවන් ටිකට්පත්වලින් ඉන්දියාවට පිටත් වුණා දුම්රිය එන්ජින් පරීක්ෂා කරන්න. ඒ සඳහා ලංකාණ්ඩුව දරල තිබෙන්නෙ එක් අයෙකුට ඩොලර් 80 බැගින් ඩොලර් 400ක්. දුම්රිය මැදිරි 20ක් දීල, ඒවා පරීක්ෂා කරන්න එන අයගෙ සියලු වියදම් දරා තිබෙන්නෙ ඉන්දියානු ආණ්ඩුව. අපේ කණ්ඩායම පරීක්ෂා කර වාර්තා කර තිබෙනවා දුම්රිය එන්ජින් එකක වටිනාකම මිලියන 800ක් පමණ වෙනවා. අටසිය බැගින් විස්සක් කියන්නෙ මිලියන 16000ක්. බිලියන 16ක්. නිදහසින් පසු ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි ඉන්දියාවෙන් හෝ වෙනත් රජයකින් එකවර දුම්රිය එන්ජින් 20ක් පරිත්‍යාගයක් ලෙස ලැබෙන්නෙ.

මෙම තත්ත්වය හෑල්ලු කිරීම සාධාරණ ද? සාධාරණ නැහැ. ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ලංකාණ්ඩුවත් එම ප්‍රවෘත්තිය නිසා ඉන්දීය රජයට යම් අපහසුතාවයක් වුණා නම් අප ඒ පිළිබඳව කනගාටු වෙනවා. ඉන්දියාව ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට කළ විශාල පරිත්‍යාගය අප කෘතවේදීව සනිටුහන් කරගෙන තිබෙනවා. දෙවනුව අපේ හැට දෙනෙක් ඉන්දියාවට යනව තමයි. ඒ වෙන කටයුත්තකට. මීට වසර ගණනාවක සිට විටින් විට ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුම්රිය මැදිරි 160ක් ලංකාවට ගෙනත් තිබෙනවා. ඒ ගෙනාපු මැදිරිවල සමහර කොටස් නිදහස් කර ගන්න නොදීම නිසා මම මෙම විෂය භාර ගත්තට පස්සෙ නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයාට කියා දඩ අයින් කර වරායේ නතර වී තිබූ මැදිරි ටිකත් එළියට දැම්මා. ඒ මැදිරිවල තිබෙන තිරිංග, මැදිරිවල විදුලිය ආදී දේ පිළිබඳව පුහුණුවක් ලබාදීම සඳහා එම ණය ගිවිසුමේම කොටසක් තිබෙනවා දුම්රිය සේවයේ පුහුණුව සඳහා අවස්ථාව ලබා දෙන්න. ඒ නිසා දැනට දුම්රිය දෙපාර්තමේන්තුව, සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් ඒ ඒ ක්ෂේත්‍රය පිළිබඳව පුහුණුවීම සඳහා 65 දෙනෙක්ගේ නාම ලේඛනයක් සකස් කර තිබෙනවා. මේ සඳහාත් සියලුම ගමන් වියදම් ගුවන් ටිකට්පත් ඉඳුම් හිටුම් සියල්ල ලබා දෙන්නෙ ඉන්දීය ආණ්ඩුවේ ණය ගිවිසුමේ තිබෙන කොටසක් ලෙස. මට පුළුවන් නම් මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්න වැඩි පිරිසක් 100-200-300ක් හරි වෙනත් අය ලබා දෙන මුදලකින් පුහුණුවට යවන්න එම පුහුණුව ලබා දෙන්න කටයුතු කරනවා. අලුත් තාක්ෂණය වේගයෙන් වෙනස් වෙනවා. වෙනස් වන තාක්ෂණික දැනුම අපේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින්ට ලබා දුන්නේ නැත්නම් වෙනස් වන අභියෝගවලට මුහුණ දෙන්න නොහැකිකමක් ඇති වෙනවා. එම නිසා නොමිලේ දෙන දුම්රිය එන්ජින් දෙක බලන්න ලංකාවෙන් 65ක් ඉන්දියාවට යන්න සැලසුම් කර තිබෙනවා කියන එක සම්පූර්ණයෙන් සාවද්‍යයි. සැලසුම් කර නැහැ. ගිහිල්ල තියෙන්නෙ දෙකක් නොවේ එන්ජින් විස්සක් බලන්න. ඔවුන් දවස් තුනයි ඉඳල තිබෙන්නෙ. සල්ලි වියදම් කර තිබෙන්නෙ ඉන්දියානු ආණ්ඩුව. ඔවුන් මේ සාකච්ඡාවට පැමිණ තිබෙනවා. ඔවුන් පස්දෙනා තමයි ගිහින් තියෙන්නෙ. එක්කෙනෙක් ඩොලර් අසූවයි අරන් තියෙන්නෙ. එහි කිසි වැරැද්දක් නැහැ. එම මුදල ලංකාණ්ඩුව දී තිබෙන්නෙ. සමහර වියදම් ඔවුන් තමන්ගෙ අතින් තමයි දරල තියෙන්නෙ. ඔවුන්ටත් අදාළ පුවත නිසා සිත් වේදනාවක් වුණා නම් විෂය භාර ඇමැතිවරයා ලෙස මම ඒ ගැන කණගාටු වෙනවා''

-P.M

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us