ශ්‍රී ලංකාව පළමුවතාවට කරවල සහ උම්බලකඩ අපනයනය කරයි Featured

Published in පුවත්
Tuesday, 16 January 2024 16:48

ශ්‍රී ලංකාව පළමු වතාවට  අඩු ලුණු, කරවල සහ උම්බලකඩ කොරියාවට සහ ඕස්ට්‍රේලියාවට අපනයනය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා පවසනු ලැබීය.

 

නව තාක්ෂණය භාවිතා කරමින් වේළන ලද කරවල හා උම්බලකඩ කිලෝග්‍රෑම් 10,000කින් යුත් පළමු කන්ටේනරය පහජ්ජාව මෙගාෆිෂ් ආයතනය විසින් පසුගිය දා (14) අපනයනය කරනු ලැබීය. මේ නිෂ්පාදන ඔස්ට්‍රේලියාවට හා කොරියාවට අපනයනය කරනු ලබයි.

සාම්ප්‍රදායික නිෂ්පාදන ක්‍රමයේදී මුහුදු වෙරළේ අව්වේ මාළු වේලනු ලැබූවත් මෙම  නව ක්‍රමයේදී, සාමාන්‍යයෙන් ටූනා වර්ගයක් වන මත්ස්‍යයන් ‘වායු සමීකරණ විජලනය’ භාවිතයෙන් වියළා හෝ සැකසීම සිදු කරයි.

මෙම ක්‍රමය මඟින් අපට මිනිස් පරිභෝජනයට ඉතා සුදුසු කරවල නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කළ හැකි බවත් එමගින් රටට අවශ්‍ය විදේශ විනිමය රට තුළට ලැබෙන බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා පවසා සිටියහ.

මෙම විජලනය කිරීමේ ක්‍රමය මෙරට තවත් නිෂ්පාදන කිහිපයක් සඳහා භාවිත කළ හැකි බව අමරවීර පෙන්වා දුන්නේය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර වැඩිදුරටත් පවසා සිටියේ,

තමා 2018 වසරේ ධීවර ඇමැතිරයාව සිටියදී මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මූලික පියවර ගත් බව පැවසීය. ‘එවකට ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා මේ ව්‍යාපෘතියට යෝජනා ඉදිරිපත් කළා. අද එම ව්‍යාපෘතිය සාර්ථක වී තිබෙනවා. සාම්ප්‍රදායික කරවල සැකසීමේදී බොහෝවිට අපද්‍රව්‍ය ඊට එකතු වීමට ඉහළ සම්භාවිතාවක් තිබෙනවා. ලුණු වැඩිපුර යොදන්නේ ඒ තත්ත්වය වළක්වාලීමටයි. නමුත් පළමුවරට වායුසමීකරණ පද්ධති යොදා ගනිමින් සිදු කෙරෙන මේ කර්මාන්තශාලවේ කරවල නිෂ්පාදනයේ දී අඩුම තරමින් දූවිලි ටිකක් හෝ මැස්සෙක්වත් ඇතුළුවීමට අවකාශයක් ලැබෙන්නේ නැහැ. යනුවෙනි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන කරවල සහ මාළු කැබලි ඕස්ට්‍රේලියාවට සහ කොරියාවට අපනයනය කරන පළමු අවස්ථාව මෙය වේ.

44545454 1068x743

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us