එල්.ටී.ටී.ඊ‍ යෙන් යුරෝපා රටවල ‍පාසල් ජාලයක්

Published in පුවත්
Tuesday, 26 August 2014 11:40

දෙමළ දරුවන්ගේ සිත්තුළ ආවේගශීලීත්වය සහ ප්‍රචණ්ඩත්වය ඇති කිරීම සඳහා එල්.ටී.ටී.ඊ.ය විසින් යුරෝපා රටවල පාසල් ජාලයක් ආරම්භකර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපති රවිනාථ ආරියසිංහ මහතා සඳහන් කරයි. 

අදාළ පාසල් ‘ටැමිල් චෝලායි‘ ලෙස පොදු නමකින් හැඳින්වෙන අතර එල්.ටී.ටී.ඊ.ය ප්‍රතිසංවිධාන ගත කිරීමට අදාළව ද්‍රවිඩ තරුණ පිරිස් බල මුළුගැන්වීම එහිදී සිදුවන බවද ඒ මහතා පෙන්වා දෙයි.

දැනටමත් එවැනි පාසල් 300ක් පමණ යුරෝපා රටවල පිහිටුවා තිබෙන බව පෙන්වාදෙන ශ්‍රී ලංකා තානාපතිවරයා අවුරුදු 04 ත් 21ත් අතර වයසේ 20,000 ට වැඩි පිරිසක් ඒවායේ ඉගෙනුම ලබන බවද කියාසිටී.

ශ්‍රී ලංකා යුද හමුදාව සංවිධානය කළ ආරක්ෂක සම්මන්ත්‍රණයට සහභාගි වෙමින් රවිනාථ ආරියසිංහ මහතා මේ බව සඳහන්කර ඇත.

එල්.ටී.ටී.ඊ සංවිධානය සෘජුව හා වක්‍රව පරිපාලනය කරන මෙම පාසල්වලට එකී රටවල රජයන් ද මූල්‍යමය අනුග්‍රහය දක්වන බවට තොරතුරු ලැබී තිබෙන බව සඳහන්කර තිබෙන තානාපතිවරයා එල්.ටී.ටී.ඊය විසින් සහ ඊට සහාය දක්වන වෙනත් සංවිධාන විසින් මෙහෙයවනු ලබන විවිධ ක්‍රියාකාරකම්වලට ද මේ පාසල්වල ඉගෙනුම ලබන සිසුන් සහභාගි කරවා ගැනෙන බවට අනාවරණය වී ඇතැයි ප්‍රකාශකර තිබේ.

කෙසේ වෙතත් එල්.ටී.ටී.ඊ ය මැඩපැවැත්වීම සඳහා යුරෝපා සංගමය විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද රවිනාථ ආරියසිංහ මහතා පෙන්වා දී ඇති බව වාර්තා වෙයි.

එසේම යුරෝපෝල් (EUROPOL) විසින් මෑතක දී එළිදක්වන ලද ‘2014 යුරෝපීය ත්‍රස්ත තත්ත්වයන් සහ නැඹුරුතාවයන් පිළිබඳ වාර්තාව‘ ඔස්සේ එල්. ටී. ටී. ඊ. ය ලොව පුරා විහිදී ඇති ආකාරය පිළිබඳව යුරෝපාකරය අධ්‍යයනය කරමිනි සිටින අතර ඒ ඔස්සේ යුරෝපයේ රටවල් ත්‍රස්ත කටයුතු වැළැක්වීම සඳහා සැලසුම් සකස් කරමින් පවතී.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us