කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයට ග්‍රැන්ටි දොඹකර 3ක් ගෙනෙයි

Published in පුවත්
Saturday, 03 February 2024 13:01

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සඳහා ඇනවුම් කරන ලද ගැන්ට්‍රි දොඹකර 12න් පළමු ගැන්ට්‍රි දොඹකර 03, ඊයේ (02දා) ෂෙන් හුවා -24 නෞකාවෙන් කොළඹ වරායෙහි නැගෙනහිර පර්යන්තය වෙත ගෙන එන ලදී.

නැගෙනහිර පර්යන්තයේ ගැන්ට්‍රි දොඹකර 12 ක් සහ පර්යන්ත දොඹකර 40 ක් මෙහෙයුම් කටයුතු සඳහා සවි කිරීමට නියමිත අතර ඒවායේ සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 282 ක් වේ.

මෙම ගැන්ට්‍රි දොඹකර මීටර් 72 කින් දිගින් යුතු වන අතර හරස් අතට බහලුම් 26 කින් යුතු නෞකාවක් එක්වර මෙහෙයවිය හැක. මෙහෙයුම් කළ හැකි සමස්ත ධාරිතාව ටොන් 75 කි.

නැගෙනහිර පර්යන්තය සම්පුර්ණයෙන් ඉදිකළ පසු දිග මීටර් 1300 කි. ඉන් මේ වන විට මීටර් 600ක් ඉදිකොට මෙහෙයුම් ආරම්භ කොට ඇත.

පර්යන්තය ඉදිවූ පසුව මීටර් 400 ක දිගින් යුත් විශාල නෞකාවන් 03ක් එක්වර මෙහෙයවීමේ හැකියාව ලැබෙනු ඇත. පර්යන්ත අද්දර ගැඹුර මීටර් 18-20 ක් වන අතර පර්යන්තයේ සමස්ත වපසරිය හෙක්ටයාර් 72ක් වේ. නැගෙනහිර පර්යන්තය සම්පූර්ණයෙන් ඉදිකළ පසු වාර්ෂිකව මෙහෙවිය හැකි බහලුම් ධාරිතාව මිලියන 2.4 ක් වන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය අවධාරණය කරයි.

කොළඹ වරාය තුළ දැනට ක්‍රියාත්මක පර්යන්ත අතුරින් වඩාත් උපාය මාර්ගික පර්යන්තය වන්නේ නැගෙනහිර පර්යන්තයයි. එය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මෙහෙයවන අතර පසුගිය කොවිඩ් තත්ත්වය හා පවත්නා ආර්ථික අර්බුදය හමුවේ වුව ද ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සිය මූල්‍ය කළමනාකරණය උසස් මට්ටමින් සිදු කිරීම හේතුවෙන් මෙම ආයෝජනය සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට හැකි විය.

නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් 2025 වර්ෂය වන විට අවසන් වීමෙන් පසු සම්පූර්ණ මෙහෙයුම් ධාරිතාව වැඩි කිරීම තුළින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට වැඩිපුර නෞකා ආකර්ශනය කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම කොළඹ වරාය තුළ වාර්ෂික මෙහෙයුම් ධාරිතාව ඉහළ යෑම හා නැංගුරම්පොළ ප්‍රමාණයද වැඩි කර ගැනීමට හැකි වන බවට වරාය අධිකාරිය විශ්වාසය පළ කරයි.

මෙම ගැන්ට්‍රි දොඹකර සඳහා වන ලේඛන නිල වශයෙන් නැවේ කපිතාන්වරයාගෙන් වරාය නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා භාර ගත් අතර එම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර, වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

 

WhatsApp Image 2024 02 03 at 12.19.29 55732389

 

WhatsApp Image 2024 02 03 at 12.20.09 faeaef94

 

WhatsApp Image 2024 02 03 at 12.20.00 ff222cbe

-  දිවයින

 

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us