මේ අතර සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් 143g 600mg, අයිස් 134g 578 mg, ගංජා 2kg 888 g , මාවා 3kg 339 g , මත්පෙති 255 ක් අත්අඩංගුවට ගෙන ඇත. .
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 553 දෙනා අතරින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 05 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 03 ක් පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 152 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 27 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 122 ක්ද සිටි. අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 03 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇත