පෞද්ගලික දත්ත සැකසීමේදී පුරවැසියාගේ අයිතීන් සුරක්ෂිත කිරීමට  නව නීතිරීති ගෙන එයි

Published in පුවත්
Tuesday, 13 February 2024 13:31

පෞද්ගලික දත්ත  සැකසීම පිළිබඳව කටයුතු කරනු ලබන රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ආයතන විසින් පුරවැසි අයිතීන් සුරක්ෂිත වන සේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නියාමනය සඳහා අවශ්‍ය නීති රීති කඩිනමින් සකස් කර අවසන් කරන බව දත්ත ආරක්ෂණ අධිකාරියේ සභාපති අර්ජුන හේරත්  පැවසීය.

පෞද්ගලික දත්ත  ආරක්ෂණ පනතෙහි පූර්විකාවෙහි දැක්වෙන අභිමතාර්ථයක් වූ ඩිජිටල් ආර්ථික කටයුතුවල වර්ධනය හා නවෝත්පාදන සඳහා පහසුකම් සැපයීමද මෙමඟින් අපේක්ෂා කෙරේ.

2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත යටතේ හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි විධිවිධාන අනුව තාක්ෂණ විෂය භාර අමාත්‍යවරයාට හිමි බලතල ප්‍රකාරව  ජනාධිපති රනිල් වික්‍රමසිං විසින් මීට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතෙහි V වැනි කොටස 2023 ජූලි මස සිට ක්‍රියාත්මක වන අතර, එමඟින් අධිකාරියේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලැබිණි. ඉන් පසුව 2023 ඔක්තෝබර් මාසයේ දී මෙම අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ඒ බව ප්‍රසිද්ධ කරන ලදී.

පුරවැසියන්ගේ පෞද්ගලික දත්ත  සැකසීම පිළිබඳව කටයුතු කරනු ලබන රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ආයතන විසින් පුරවැසි අයිතීන් සුරක්ෂිත වන සේ කටයුතු කරනු ලැබීම නියාමනය කරන ආයතනයක් වශයෙන් මෙම අධිකාරිය ක්‍රියාත්මක වේ. එසේම පෞද්ගලික දත්ත  ආරක්ෂණ පනතෙහි පූර්විකාවෙහි දැක්වෙන අභිමතාර්ථයක් වූ ඩිජිටල් ආර්ථික කටයුතුවල වර්ධනය හා නවෝත්පාදන සඳහා පහසුකම් සැපයීමට ද දත්ත ආරක්ෂණ අධිකාරිය අපේක්ෂා කරයි.

මෙම නවතම ගැසට් නිවේදනය මඟින් 2025 මාර්තු මස 18 දින සිට පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක හා බලාත්මක තත්ත්වයට පත් කෙරේ. එසේම  ‘ආයාචිත පණිවුඩ පතුරුවා හැරීම සඳහා පෞද්ගලික දත්ත භාවිත කිරීම’ පිළිබඳ මෙම පනතෙහි IV කොටස බලාත්මක විය යුතු දිනය, පනත සඳහා කතානායකවරයාගේ සහතිකය ලත් දින සිට මාස 24කට නොඅඩු හා මාස 48කට නොවැඩි කාලයක් ඇතුළත දිනයක් විය යුතු බැවින් එකී කාල සීමාව තුළ වු හා 2025 මාර්තු මස 18 දිනයෙන් පසු දිනයක සිට බලාත්මක කෙරේ.

මෙම පනතේ VI, VIII, IX සහ X කොටස් 2023 දෙසැම්බර් මස 01 දින සිට ක්‍රියාත්මක කිරීම මඟින් අධිකාරියේ අරමුදල නිර්මාණය කිරීමට මෙන්ම පනතෙහි 52 වැනි වගන්තිය යටතේ අධිකාරිය සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම ප්‍රධාන කාර්ය මණ්ඩල සාමාජිකයන් බඳවා ගැනීමට අදාළ බඳවාගැනීමේ පටිපාටි වෙනුවෙන් නීතිරීති සැකසීමට අවශ්‍ය පියවර ගැනීමටත්, අධ්‍යක්ෂ ජනරාල් හා අධිකාරියේ කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙත අදාළ බලතල පැවරීමටත්, සෙසු මෙහෙයුම් කාර්යයන් මඟින් අධිකාරියේ කටයුතු සම්පූර්ණ ක්‍රියාකාරී තත්ත්වයට ගෙන ඒමටත් හැකියාව ලැබී ඇත.

එසේම විවෘත, පාරදෘශ්‍ය හා තරගකාරී ක්‍රමවේදයක් මඟින් අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ප්‍රධාන කාර්ය මණ්ඩලය සඳහා නිලධාරීන් බඳවා ගැනීමේ සහ පත් කිරීමේ ක්‍රියාවලිය සඳහාත්, පනත බලාත්මක වන 2025 මාර්තු 18 දිනට පෙර කාල සීමාව තුළ දී ආයතනික යටිතල පහසුකම් සංවර්ධන සහ ධාරිතා සංවර්ධන කටයුතු සිදු කිරීමටත්, ප්‍රධාන පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ කාර්යයන් සාර්ථක කර ගැනීමටත් මෙම ගැසට් නිවේදනය මඟින් දත්ත ආරක්ෂණ අධිකාරියට හැකි වේ.

2024 වසරේ දෙවැනි හා තුන්වැනි කාර්තු තුළ පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබා ගැනීමේ ප්‍රවේශ භාවිතා කරමින් පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත බලාත්මක කිරීම සඳහා වූ ප්‍රතිපත්ති රාමුව සහ රීති සහ රෙගුලාසි සකස් කිරීමටත්, 2024 වසරේ සිවුවැනි කාර්තුව හා 2025 වසරේ පළමු කාර්තුව තුළ එම ප්‍රතිපත්ති, නීති හා රෙගුලාසි පිළිබඳ දැනුවත් කිරීමටත් දත්ත ආරක්ෂණ අධිකාරිය අපේක්ෂා කරයි.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us