2024 වසරේ සංචාරකයන් පැමිණීමේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරමින් නැවත කර්මාන්තය යථාතත්ත්වයට පත් වූ බවත්, පළමු මාස එකහමාරක කාලය තුළ සංචාරකයන් 306,708ක් මෙරටට පැමිණ ඇති බවත්, ඔහු පෙන්වා දුන්නේය.
පෙබරවාරී මාසය තුළ මේ ගෙවුණු සති දෙක තුළදී පමණක් සංචාරක පැමිණීම ලක්ෂ 2 කට ආසන්න වී තිබිණි.
ඒ අනුව මේ වසර තුළදී සංචාරකයින් මිලියන 2.3ක් හෝ ඊටත් වඩා වැඩි පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
මේ වන විට කටුනායක ගුවන් තොටුපොළෙහි පවතින තදබදය අවම කිරීම සඳහා නව ටිකට්පත් කවුළු 31 ආරම්බ කිරීම හා නව මඟී පර්යන්තයක් ගොඩනැගීමටද පියවර ගෙන ඇත. ස්‍රදහා රුපියල් බිලියන 6 ක මුදලක් වෙන් කිරීමද සිදුව තිබේ.