ග්‍රාමීය සංවර්ධනය සහ තවත් ‌ක්ෂේත්‍ර කිහිපයකට කොරියාවේ සහය

Published in පුවත්
Thursday, 11 April 2024 13:56

අධ්‍යාපනය, සෞඛ්‍යය, පුනර්ජනනීය බලශක්තිය, රැකියා, කෘෂිකර්මය සහ ග්‍රාමීය සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සඳහා ශ්‍රී ලංකාවට වැඩිදුර සහාය ලබාදීමට කොරියාව එකඟතාව පළකර තිබේ.

කොරියානු ජනරජයේ තානාපති මියොන් ලී හා අගමැතිවරයා අතර කොළඹ අගමැති කාර්යාලයේ දී පැවැති හමුවේ දී තානාපතිවරිය එලෙස ප්‍රකාශ කර තිබේ.

අගමැතිවරයාගේ ඉල්ලීම පරිදි පාසල් මට්ටමින් තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය දියුණු කිරීමට රජය ගන්නා උත්සාහයට සහාය වීම සඳහා ශ්‍රී ලංකාවේ පාසල් 1, 000කට සුහුරු පන්ති කාමර ලබාදීමට කොරියාව එකඟ විය.

එමෙන්ම රජයේ රෝහල්වල කෙටිකාලීනව වෛද්‍ය කටයුතුවල යෙදීම සඳහා වෛද්‍යවරුන් සහ වෛද්‍ය කණ්ඩායම් ශ්‍රී ලංකාවට එවීමටත් මෙරට වෛද්‍යවරුන් සමඟ ඔවුන්ගේ විශේෂඥ දැනුම බෙදා ගැනීමටත් කොරියාව කටයුතු කරන බවත් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට අමතරව ශ්‍රී ලංකාවේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා තම රට කටයුතු කරන බව තානාපති මියොන් ලී මහත්මිය පැවැසුවාය.

ජල පිරිපහදුව, සනීපාරක්ෂාව, අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධති සහ වියළි කලාපීය කෘෂිකර්මාන්තය පිළිබඳ ව්‍යාපෘති තුනක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව එම මහත්මිය පැවැසුවා ය. පුනර්ජනනීය බලශක්තියට අදාළ නියමු ව්‍යාපෘතියක් ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ චන්ද්‍රිකා වැව මත පාවෙන සූර්ය පැනල සවි කිරීම ද කොරියාව විසින් සිදු කරනු ලබන අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා පුහුණු/වෘත්තීය අංශවල මෙන්ම කාලීනව කෘෂිකාර්මික අංශයේ රැකියා කෝටාව වැඩි කිරීමට කොරියානු නායකයින් එකඟ වී ඇත.

සිය කෙටි සංචාරයේ දී ලබාදුන් විශිෂ්ට සහයෝගිතාව සහ ආගන්තුක සත්කාරය පිළිබඳව අගමැතිවරයා මෙහි දී කොරියානු රජයට ස්තුතිය පළ කළේ ය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us