ජූලි 01දා සිට 07දා දක්වා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ක්‍රියාත්මක කිරීමේ ජාතික සතියක්

Published in පුවත්
Thursday, 27 June 2024 10:59

ජූලි මස 01දා සිට 07දා දක්වා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ ජාතික සතියක් ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

ඉදිරි මහ කන්න දෙකක් සඳහා ගොවි ජනතාවට වී වගාවට අවශ්‍ය බන්ඩි (MOP) පොහොර නොමිලේ ලබා දීමට රජය තීරණය කර තිබෙන බව ද අමාත්‍යවරයා පැවසුවා.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

“කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් තරුණ ප්‍රජාව කෘෂි කර්මාන්තයට ආකර්ශනය කර ගැනීම සඳහා වැඩපිළිවෙල රැසක් ආරම්භ කර තිබෙනවා.

ඊට අදාළව දිවයිනේ දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි ගම්මාන 160ක් තෝරාගෙන තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස ව්‍යාපෘති ආරම්භ කිරීමට මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව ජූලි මස 01දා සිට 07දා දක්වා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ ජාතික සතියක් අප ප්‍රකාශයට පත් කරනවා.

එහි පළමු අදියර වශයෙන් සෑම ගමකම ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 10 බැගින් ලබා දෙනවා.

මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1600ක් වනවා.

ඒ වගේම 2022 දී මෙරට පැවති සහල් හිඟය නිසා එම වසරේදී සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 08ක් ආනයනය කිරීමට රජයට සිදු වුණා.

ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 300ක පමණ මුදලක් රජය වැය කළා.

නමුත් 2023 වර්ෂයේදී අපට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණයම රට තුළ නිපදවා ගැනීමට හැකි වුණා. 2024 වර්ෂයේදී මෙම අවශ්‍ය සහල් නිෂ්පාදනය සඳහා ජාතික වී අවශ්‍යතාව මෙට්‍රික්ටොන් මිලියන 4.1ක් වන අතර 2023 සමස්ත වී නිෂ්පාදනය මෙට්‍රික්ටොන් මිලියන 4.5ක් වනවා.

ඉදිරි වගා කන්න 05ක් තුළ මෙරට වී වගාව දෙගුණයකින් ඉහළ නැංවීම අපගේ ඉලක්කයයි. මෙම ඉලක්කය ජය ගැනීම සඳහා වී වගාවට තාක්ෂණික පැකේජයක් අප හඳුන්වා දෙනවා.

වී වගාවේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා ප්‍රදේශ කිහිපයක හෙක්ටයාර ලක්ෂයක් තෝරා ගෙන වී වගාවේ අස්වනු වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

පසුගිය වසර කිහිපය තුළම දේශගුණික බලපෑම් නිසා ද වගා හානිවීම් ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම බිත්තර සහ කිරි නිෂ්පාදනයේ දී අවශ්‍ය සමස්ත බිත්තර හා කිරි ප්‍රමාණයෙන් ස්වයංපෝෂිත වීමට තවමත් අපට හැකි වී නැහැ.

2021 පොහොර ගැටළුව නිසා සත්ව ආහාර වශයෙන් බඩඉරිඟු නිෂ්පාදනයේ ඇති වූ කඩා වැටීම හේතුවෙන් කුකුළු පාලනය සහ ගව පාලනයට බලපෑම් එල්ල වුණා.

අපගේ බඩඉරිඟු ජාතික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 06ක් වන අතර 2023 මහ කන්නයේදී බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 221,249 දක්වා වැඩි වී තිබෙනවා.

බිත්තර නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා අප අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කළා.

ඒ අනුව ඉදිරි මාස දෙක තුළ කුකුළු පැටවුන් 160,000ක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 160ක ව්‍යවසායකයින් වෙත ලබා දෙනවා..

ඒ වගේම මේ වනවිට වෙළඳපොලේ පොල්තෙල් මිල ඉහළ යාම සම්බන්ධව අපගේ අවධානය යොමු වී තිබෙනවා.

දැනට ආනයනික පොල්තෙල් ලීටර් 01ක් සඳහා රජය රුපියල් 150ක මුදලක් අය කරනවා.

 මෙම මුදල අඩු කිරීමේ යෝජනාවක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් මම ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනවා.

රටේ වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 25,868ක් වන අතර දැනට රට තුළ පොල්තෙල් මෙට්‍රික්ටොන් 51,457ක් ඇති බව පොල් සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරනවා.

එමෙන්ම වෙළඳපොලේ පොහොර මිල ඉහළ යාම වී වගාව ඇතුළු අනෙකුත් බෝග වගාවන්ට බලපා තිබෙනවා.

මේ නිසා අප එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් බන්ඩි (MOP) පොහොර ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කළා.

ඒ අනුව එම සංවිධානය විසින් MOP පොහොර මෙට්‍රික්ටොන් 55,000ක් ලබා දීමට එකඟත්වය පල කර තිබෙනවා.

ඉදිරි කන්න දෙකකදී ගොවි ජනතාවට වී වගාව සඳහා පොහොර අවශ්‍ය ප්‍රමාණයම නොමිලේ ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

තව ද තේ වගාව සඳහා ද සහනාධාර පදනම යටතේ පොහොර ලබා දීමට අප කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව රජයට අයත් පොහොර සමාගම් මඟින් තේ පොහොර නිෂ්පාදනය කරන අතර, වෙළඳපොල මිලට වඩා 50%ක් අඩුවෙන් එම පොහොර ලබා දෙනවා. මෙම පොහොර සහනාධාරය සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 12ක් වනවා.”

-P.M

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us