එයට අදාළ ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.
මෙරට දණ්ඩ නීති සංග්‍රහය සහ ළමා ආරක්ෂණ අධිකාරි පනත උපයෝගී කර ගනිමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව ඇති බව සදහන් වේ.
ඒ අනුව, වෙළද ප්රචාරණයේ දී දරුවන් අනවශ්‍ය ලෙස යොදා ගැනීමට වැට බැදීම මෙහි අරමුණ වේ.
කෙසේ වෙතත්, මීට පෙර පැවති රජයන් අවස්ථා කිහිපයක දී එයට අදාළව ගැසට් නිවේදන නිකුත් කළ ද ඒවා ක්‍රියාත්මක නොවීය.