‘මෙගා ගැහිලි’ ගැන විවාදයකට එන්න-විමල්ගෙන් අභියෝගයක්

Published in පුවත්
Thursday, 18 December 2014 10:15

10% ඉක්මවූ ණය පොලී අනුපාතයකට ව්‍යාපෘති සඳහා ණය ලබා ගත් සැබෑ මෙගා ඩීල්කරුවන් සමග හිටගෙන සිටින ඇතමුන් අද ආණ්ඩුවට බොරු චෝදනා ඉදිරිපත් කරන බවත්
හැකිනම් ව්‍යාපෘති සඳහා ලබාගත් ණය පොලී සම්බන්ධ ප‍්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස තමන් අභියෝග කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (17) කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘අද ඇතැම් පාර්ශව මතයක් හදනවා, මේ ආණ්ඩුව 7%ක පොලියකට විදේශ ණය අරගෙන විශාල ගසාකෑමක් සිදු කළා කියලා. නමුත් මම පෙන්වා දෙන්න කැමතියි, එසේ චෝදනා කරන මහත්වරු රට පාලනය කරන අවස්ථාවල සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉතා ඉහළ පොලී අනුපාතයකට ණය ලබා ගෙන තිබුණු බව. 1977 සිට 2005 දක්වා කාලසීමාව අපි සලකලා බලමු. කොහොමත් මැදි ආදායම් රටක් වීමට කලින් ලැබෙන සහන වැඩියි. එසේ තිබියදීත් මේ චන්ද්‍රිකා නෝනා සහ ජේ. ආර්. ජනාධිපතිතුමන්ගේ අනුප‍්‍රාප්තිකයා නියෝජනය කරන පාර්ශව ඉතා ඉහළ පොලී අනුපාතිකයකට සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ලබා ගෙන තිබුණා.

අපි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් බලයට පත් වීමට ප‍්‍රථම 2005 දක්වා කාලසීමාව තුළ උදාහරණයක් ගෙන බලමු. නිල්වලා ගග ව්‍යාපෘතිය සඳහා ප‍්‍රංශයේ වාණිජ බැංකුවක් සමග 1982/09/28 දින ණය ගිවිසුමකට එළඹී තිබෙනවා. ගත් ණය මුදල ප‍්‍රංශ ප‍්‍රෑන්ක් මිලියන 23.8යි. වාර්ෂික ණය පොලී අනුපාතියක 10.85%යි. ඒ ව්‍යාපෘතිය සඳහාම 1984/01/24 දින ප‍්‍රෑන්ක් මිලියන 20.8ක් ලබා ගෙන තිබෙනවා. ඒත් වාර්ෂික පොලිය 10.85%යි. ඊළගට එම ව්‍යාපෘතිය සඳහා 1987 දී තවත් ප‍්‍රෑන්ක් මිලියන 69.2ක් ලබාගෙන තිබෙනවා, අලූත් ණය ගිවිසුමක් මගින්. පොලිය 8.59%යි.

1986 සමනල වැව ජල විදුලි ව්‍යාපෘතියකට බි‍්‍රතාන්‍ය පවුම් මිලියන 38.6ක් ගත්තා. වාර්ෂික පොලිය 7.4%යි. 1986දී බි‍්‍රතාන්‍ය පවුම් මිලියන 5.3ක් ඒ ව්‍යාපෘතිය සඳහා යළි අරගෙන තිබෙනවා. පොලිය 8.3%යි. කොත්මලේ ඔය ව්‍යාපෘතියට ණය අරගෙන තිබෙන්නේ 9.95%ක පොලී අනුපාතිකයකට. අඹතලේ ජල පිරිපහදු ව්‍යාපෘතියට 1990 දී 9.2%ක පොලියට ප‍්‍රෑන්ක් මිලියන 61.5ක් ලබා ගෙන තිබෙනවා. 2001 දී මුතුරාජවෙල ඉඩම් ගොඩකිරීමේ ව්‍යාපෘතියට අරගෙන තිබෙනවා යුරෝ මිලියන 6.7ක්. වාර්ෂික පොලී අනුපාතිකය 7.7%යි. මේවාට තමයි ‘මෙගා ගැහිලි’ කියන්නේ. 10.85%ක පොලියට ණය ගැනීම ‘මෙගා’ නොවෙයි ‘බඩී’ ද?

2005 මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ජනාධිපති ධුරයට පත් වූවාට පසු ගත් විදේශ ණය මුදල් සලකා බැලූවොත් කිසිදු ව්‍යාපෘතියකට 7% ඉක්ම වූ පොලී අනුපාතිකයකට ණය අරගෙන නැහැ. 2 - 3% ණය පොලී අනුපාතිකයකටයි බොහෝ විට ණය අරගෙන තිබෙන්නේ. 4 - 5% දක්වා පොලී අනුපාතිකයකට ‘එක්ස්ෂින්’ බැංකුව වැනි බැංකුවලින් ණය ගත් අවස්ථාත් කිහිපයක් තිබෙනවා. මේ ඇතැම් පාර්ශව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව සම්බන්ධයෙන් එසේ නැති එකක් මවන ගමන්, 10% ඉක්ම වූ පොලී අනුපාතිකයකට ණය ගත් රනිල් - චන්ද්‍රිකා පාලනයන්ට ‘සුදු හුණු’ ගානවා. අද මේ අය නියම මෙගා ඞීල්කාරයන් සමග හිට ගෙන 7% ඉක්ම වූ පොලී අනුපාතිකයකට කිසිදු අවස්ථාවක ණය නොගත් මේ ආණ්ඩුවට ‘මෙගා ඩීල්කාරයා’ කියමින් ඇඟිල්ල දිගු කරනවා. ඇත්ත මෙගා ඞීල්කාරයන් බලයට ගෙනෙන්න කොන්ත‍්‍රාත් අරගෙන අද මේ අය කරන්නේ දේශපාලන තක්කඩිකමක්. මේ අයට අපි අභියෝග කරනවා, ‘ඉහළ පොලී අනුපාතිකයකට සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ගත්තේ කවුද?’ කියන මාතෘකාව යටතේ ප‍්‍රසිද්ධ විවාදයකට එන්න කියලා. ඒකට අපි ලෑස්තියි.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us