යුද බිමේ කේලාම් හොයන්න අපෙන් යානා දෙකක්‌

Published in පුවත්
Sunday, 21 December 2014 06:44

අවසන් සටන් සමයේ අපේ හමුදා බලඇණිවල සහායට ගුවන්ගත කෙරුණේ අධික මිලක්‌ ගෙවා ආනයනය කරන ලද නියමුවන් රහිත ගුවන් යානා ය.

අද, යුද්ධය නිමා කිරීමෙන් පසු ගතව ඇති වසර 5 ක්‌ තරම් කෙටි කාලය ඇතුළත මේ ආකාරයේ යානා ද්විත්වයක්‌ම ශ්‍රී ලංකාව තුළ දී නිපදවා ගැනීමට අපේ පර්යේෂකයෝ පිරිසක්‌ සමත්ව සිටිති. මෙය මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්‌ට්‍රොනික හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ විශ්මිත විස්‌කමකි.


මේ පිරිස නියෝජනය කරන්නේ මොරටුව විශ්වවිද්‍යාලයයේ ඉලෙක්‌ට්‍රොනික හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවයි. කණ්‌ඩායමේ නියමුවා ලෙස කටයුතු කරන්නේ මහාචාර්ය රොහාන් මුණසිංහ ය.

යානා ද්විත්වයෙන් පළමුවැන්න රාවන් යනුවෙන් නම් තැබුණු අතර එය නිපදවන ලද්දේ 2013 වසරේ ජූලි මාසයේ දීය. රාවන්ට වඩා වැඩිදියුණු කළ දෙවැනි යානය පසුගිය 15 වැනිදා මොරටු සරසවියේ දී පවත්වන්නට යෙදුණු නියමුවන් රහිත ගුවන් යානා දිනයේ දී එළිදක්‌වන ලද අතර එය සීහෝක්‌ (CEYHAWK) යනුවෙන් හැඳින්වෙයි.

මහාචාර්ය මුණසිංහ මේ යානා සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වන්නේ මේ අයුරිනි.

'අපි 2007 වසරේ සිට නියමුවන් රහිත ගුවන් යානා සම්බන්ධ පර්යේෂණ කරගෙන එනවා. එහි ප්‍රතිඵලයක්‌ විදියට තමයි පළමු ගුවන් යානය රාවන් නිපදවන්නට අපට හැකි වුණේ. එය මේ වසරේ ජනවාරියේ සිට මේ දක්‌වා 40 වතාවක්‌ පමණ ගුවන්ගත කර අත්හදාබලා තිබෙනවා. ඒ සෑම ගමන් වාරයක දීම යානයේ විවිධ ක්‍රියාකාරිත්වයන් වෙන් වෙන්ව පරීක්‍ෂා කර නිසි අයුරින් ක්‍රියාත්මක වන බව තහවුරු කරගත්තා.

රාවන් වෙතින් අප පරීක්‍ෂා කළේ මූලික ක්‍රියාකාරිත්වයන් නිවැරැදි ද යන්න පමණයි. යානයේ කාර්යක්‍ෂමතාව ගැන එහි දී අප වැඩි අවධානයක්‌ යොමු කළේ නැහැ. ඒත් ඉන් පසු නිපදවූ සීහෝක්‌ යානය උපරිම කාර්යක්‍ෂමතාවෙන් ක්‍රියා කරන අයුරින් සැලසුම් කිරීමට අප කටයුතු කළා.''

ඉහළ කාර්යක්‍ෂමතාවක්‌ යන්නෙන් අදහස්‌ කෙරෙන්නේ අඩු යෙදවුමකින් වැඩි ප්‍රතිඵලයක්‌ ලබාගැනීම ය. ඒ සඳහා සීහෝක්‌ යානය අඩු බරකින් යුතුව, වාතයෙන් ඇති වන ප්‍රතිරෝධය අවම වන ආකාරයට, වැඩි කාලයක්‌ ගුවනේ ගත කළ හැකි අයුරින් සහ වැඩි බරක්‌ රැගෙන යා හැකි ලෙස නිපදවීමට පර්යේෂකයෝ කටයුතු කළ හ.

ඒ සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ගය මහාචාර්ය මුණසිංහ මෙසේ විස්‌තර කළේ ය.

'සීහෝක්‌ යානය සැලසුම් කළේ සොලිඩ් වර්ක්‌ස්‌ නම් ත්‍රිමාන රූ සැකසීමේ පරිගණක මෘදුකාංගය ආධාරයෙනුයි. එය යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවේ දී, නිපදවන මෙවලම් සැලසුම් කිරීමට සුලබව යොදාගන්නා මෘදුකාංගයක්‌. මේ ආධාරයෙන් කිසියම් මෙවලමක්‌ සැබැවින් නො නිපදවා, ඒ ඒ කොටස්‌ පරිගණකයෙහි ඇඳීමෙන් පමණක්‌, කොටසින් කොටස එකලස්‌ කර ක්‍රියාකාරිත්වය පරීක්‍ෂා කිරීමේ අවස්‌ථාව ලැබෙනවා.

අපි සීහෝක්‌ යානය සඳහා ආදර්ශයට ගත්තේ මාළුවකු ගේ හැඩය. මාළුවකු ගේ සිරුරේ හැඩය ජලයෙන් ඇති වන ප්‍රතිරෝධය අවම වන විදියටයි නිම වී තිබෙන්නේ. ඒ හැඩය වාතයටත් සාර්ථකයි. මෙය ඇමෙරිකානු ග්ලෝබල් හෝක්‌ UAV යානයේ හැඩයටත් පෙනුමින් ආසන්නව සමානකමක්‌ දක්‌වනවා.

යානයේ තටුවල මුහුණත් ඇතුළු වා ප්‍රවාහයට මුහුණ ලා පිහිටන කොටස්‌වල දාර උපරිම වශයෙන් වක්‍රාකාරව තැනීමටත් අපි වගබලාගත්තා. එය වාත ප්‍රතිරෝධය අවම වීමට හේතු වනවා'

තැනීමට යොදාගත් අමුද්‍රව්‍ය

සීහෝක්‌ යානය තැනීම සඳහා මූලික වශයෙන් යොදාගෙන ඇත්තේ කාබන් තන්තු නාළ සහ රෙදි සාමාන්‍ය තුනී ලෑලි, බල්සා ශාකයෙන් ලබාගන්නා කඩදාසි තරම් තුනී ලෑලි සහ ඇලුමිනියම් ය.

මේවා එකලස්‌ කරන ආකාරය මහාචාර්ය මුණසිංහ ගේ වචනවලින් ම අපි අසමු.

'පළමුවෙන් ම කරන්නේ පරිගණකයේ අත්හදා බැලූ මිනුම්වලට අනුකූල වන සේ තුනී ලෑලිවලින් සැකිල්ලක්‌ තනාගැනීමයි. මේ සැකිල්ල තනාගන්නේ යානයේ බඳෙහි හා තටුවල හරස්‌කඩවල් ලැබෙන අයුරින් කුඩාවට කැපූ තුනී ලෑලි කොටස්‌ රාශියක්‌ අ`ගල් 3/4 ඇලුමිනියම් බට ආධාරයෙන් එකිනෙකින් අ`ගල් 6ක පමණ පරතරයකින් පිහිටන ලෙස රැඳවීමෙන්. මෙහිදී නිරවද්‍යව ලී කැපීම සඳහා පරිගණක සහායයෙන් මෙහෙයවනු ලබන ලේසර් කදම්බයක්‌ තමයි යොදාගන්නේ.

ඉන් පසු මේ ලී කැබැලි එහා මෙහා නො වීම සඳහා මිලිමීටර 5 ං 5 ප්‍රමාණයේ ලී පටි ආධාරයෙන් එකිනෙක සම්බන්ධ කරනු ලබනවා. මෙහෙම තනාගත් සැකිල්ල මත තමයි බල්සා 'ලී පටි' අලවන්නේ. බල්සා 'ලී පටි' හුමාලයට ඇල්ලුවා ම වක්‍ර වනවා. ඒ නිසා යානයේ වක්‍ර හැඩය පවත්වාගත යුතු තැන්වල ඊට බාධාවක්‌ නො වී මේවා ඇලවීම පහසුවෙන් කළ හැකියි.

දැන් වැලි කඩදාසියකින් මැදලා මතුපිට හොඳට සුමට කරනවා.

අන්තිමට බල්සා ''ලී පටි'' මත කවරිං ෆිල්ම් නමින් හැඳින්වෙන පොලිතින් වැනි ස්‌ථරයක්‌ අලවනවා. මෙයින් යානයට අමතර ශක්‌තියකුත් වැඩි සුමට බවකුත් ලැබෙනවා. කවරිං ෆිල්ම් විවිධ පැහැයන් ගෙන් ගන්න තිබෙනවා. සීහෝක්‌ යානයට අපි යොදාගත්තේ තැඹිලි හා අලු පැහැය.''

රාවන් යානය තැනීමේ දී වායුගතික තත්ත්වයන් ගැන වැඩි අවධානයක්‌ යොමු කර නැති නිසා පර්යේෂකයන් යොදාගෙන ඇත්තේ දේශීය රට අඹ ලෑලි, ෆයිබර් ග්ලාස්‌, ඇලුමිනියම්, රිජිෆෝම් සහ කවරිං ෆිල්ම් ය. ඒ අනුව රාවන් සීහෝක්‌ට සාපේක්‌ෂව රළු නිපැයුමක්‌ බව කිව හැකි ය.

මේ ආකාරයෙන් කැබැලි එකලස්‌ කර UAV යානයක්‌ තැනීමට පර්යේෂකයන්ට ගතවී ඇත්තේ මාසයක්‌ වැනි කාලයකි. මහාචාර්යවරයාට අනුව වැඩි කාලයක්‌ අවශ්‍ය වන්නේ අත්හදාබැලීම් හා පරීක්‌ෂණ චාරිකා සඳහා ය. රාවන් යානයේ පරීක්‌ෂණ කටයුතු සම්පූර්ණ කිරීම සඳහා තවත් දෙවතාවක්‌ ධාවනයේ යෙදවිය යුතු බව මහාචාර්ය මුණසිංහ පවසයි. ඉන් එක්‌ පරීක්‌ෂණයක්‌ අද (21) දිනට යෙදී ඇති අතර අනෙක තවත් සතියකින් පමණ සිදු කෙරෙයි. සීහෝක්‌ යානයේ පියාසර තත්ත්වයන් පරීක්‌ෂා කෙරෙන්නේ ඉන් අනතුරුවය. ලබන ජනවාරි මස මැද වන විට එය හාපුරා කියා ගුවන්ගත කිරීම පර්යේෂකයන් ගේ බලාපොරොත්තුවයි.

UAV යානයක්‌ හසුරුවනු ලබන්නේ දුරස්‌ථ පාලකයක්‌ ආධාරයෙනි. අවශ්‍ය විටක ස්‌වයංක්‍රීයව ධාවනය වීමටත් අනෙක්‌ අවස්‌ථාවල බිම සිට මෙහෙයවීමටත් හැකි ආකාරයට දුරස්‌ථ පාලකයේ විධාන ආකාර දෙකක්‌ පවතියි. ස්‌වයංක්‍රීය ධාවනය සිදු වෙද්දී යානයේ ඉලෙක්‌ට්‍රොනික පද්ධතිය අනුගමනය කරන්නේ කල් තබා ඨඡී ඛණ්‌ඩාංක අනුසාරයෙන් එයට ලබා දෙන ලද ගමන් මාර්ග උපදෙස්‌ ය. සීහෝක්‌ යානය ක්‍රියාකාරිත්වය සඳහා බලය ලබාගන්නේ වෝල්ට්‌ 24, ඇම්පියර් පැය 8ක ලිතියම් පොලිමර් බැටරියකිනි. මෙය පැය භාගයක කාලයක්‌ ගුවනෙහි රැඳී සිටීමට ප්‍රමාණවත් බලයක්‌ ලබා දීමට සමත් ය.

මෙය දුරස්‌ථව හැසිරවිය හැකි යානයක්‌ බැවින් සෙල්ලම් ගුවන් යානයක්‌ මෙන් නිදහසේ හැසිරවිය හැකි යෑයි කෙනකුට සිතෙනු ඇත. එහෙත් මෙවැනි UAV යානයක්‌ හැසිරවීම අපහසු හා බැරෑරුම් කටයුත්තකි. අතින් විසි කර ගුවන්ගත කරන සැහැල්ලු සෙල්ලම් ගුවන් යානයක බලය ගුවනේ දී අඩු වී ගිය ද එය නැවත බිමට ළ`ගා වන්නේ වාතයේ පා වෙමින් ක්‍රමානුකූලව ය. එහෙත් කිලොග්රෑම් 5 ක්‌ වැනි බරකින් යුතු UAV යානයක බලය ගුවනේ දී නැති ව ගිය හොත් එකෙණහි ම බිමට පතිත වේ. එබැවින් මෙවැනි යානයක්‌ හැසිරවීම සඳහා කලක්‌ තිස්‌සේ දුරස්‌ථ ගුවන් යානා හසුරුවා මනා පළපුරුද්දක්‌ ඇති ශිල්පියකු ගේ සේවය අත්‍යවශ්‍ය වේ. ඒ නිසාම මේ පර්යේෂණ කණ්‌ඩායම ද එවැනි විශේෂ පළපුරුද්දක්‌ ඇති බාහිර නියමුවන් දෙදෙනකු ගේ සහාය මේ සඳහා ලබාගනියි.

UAV යානයක්‌ ගුවන්ගත වී කිලෝමීටරයක්‌ පමණ දුරක්‌ ගමන් කළ පසු පියවි ඇසට දිස්‌ නො වේ. එතැන් සිට එහි ගමන්ම`ග විමසා බැලීමට සිදු වන්නේ රූපවාහිනි තිරයකිනි. මොරටු සරසවියේ UAV යානය නිරීක්‌ෂණය කිරීම සඳහා එහි භූමි පාලන මැදිරියෙහි විශාල රූපවාහිනි තිර 3 ක්‌ පවතියි. ඉන් පළමුවැන්නෙහි දිස්‌ වන්නේ ගුවන් යානයට භූමිය පෙනෙන ආකාරය ය. අනෙක්‌ තිරය ගුවන් යානයේ පිහිටීම, භූමියේ සිට උස ආදී දත්ත සිතියමක්‌ මත දක්‌වයි. තුන්වැන්න පෙන්වන්නේ නිරීක්‌ෂකයන් සිටින ස්‌ථානයට සාපේක්‌ෂව ගුවන් යානය පිහිටා ඇති දිශානතියයි.

මූලාශ්‍රය-දිවයින

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us