මහින්දගේ තුන්කල් දැක්මට මොකද වුණේ? හදපු මිනිහත් අතුරුදන් - මෛත්‍රි

Published in පුවත්
Monday, 29 December 2014 09:03

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රකාශය ලෙස එළිදැක්වීමට තිබූ 'තුන්කල් දැක්ම'ට සිදුවූ දෙයක් නොමැති බවත් තුන්කල් දැක්ම නිර්මාණය කළ පුද්ගලයා අභ්‍යන්තර අර්බුද නිසා මැතිවරණ වේදිකාවෙන් පවා අතුරුදන් වී ඇති බවත් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසුවේය.

ඒ මහතා එසේ පැවැසුවේ කොළොන්නාව උමගිලිය ක්‍රීඩාංගණයේදී පැවැත්වූ මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමිනි.

කොළොන්නාව එ. ජා. ප. සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි එස්. එම්. මරික්කාර් මහතා විසින් සංවිධානය කර තිබූ මෙම මහජන රැලියේදී සිරිසේන මහතා පැවැසුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව තුන් වැනි වතාවටත් සිය මැතිවරණ ප්‍රකාශයට ඇතුළත් කිරීම තුළින් ජනාධිපතිවරයා මෙරට ජනතාවගේ බුද්ධියට බරපතළ නිගාවක් කර ඇති බවයි.


මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීවේය,

අද මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මැතිවරණ ව්‍යාපාරය කඩා වැටිලා ඉවරයි. නිකුත් කරපු මැතිවරණ ප්‍රකාශය හරිම හාස්‍යජනකයි, උපහාසාත්මකයි. තුන් වැනි වරටත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියනවා. දිනල අවුරුද්දකින් මේක කරනවලු. ඔය කාරණය 2005දීත් 2010දීත් කිව්වා. දැන් ඊයේ එකෙත් තියෙනවා. මෙය ජනතාවගේ බුද්ධියට හා දැනුමට කරපු බරපතළ නිගාවක්. මේකෙන් පේනවා මේගොල්ලන්ගේ ප්‍රචාරක යාන්ත්‍රණය බරපතළ සෝදාපාළුවකට ලක්වෙලා කියලා.

ඉදිරි දින 10 තුළ ඒගොල්ලන්ට අපිව අභිභවා යන්න ලැබෙන්නේ නැහැ. දැනටමත් අපි මේ රේස් එකේ ඉදිරියෙන් ඉන්නේ. ආණ්ඩුව පැත්තෙන් හෙට අනිද්දත් එනවා.

ජනාධිපති මැතිවරණ ප්‍රකාශය හැටියට බෙදන්න තිබ්බෙ තුන්කල් දැක්ම කියන ප්‍රකාශය. හැබැයි බෙදුවෙ වෙන එකක්. දැන් තුන්කල් දැක්ම හදපු කෙනාත් නැහැ හොයා ගන්න. අභ්‍යන්තර අර්බුද, ප්‍රහාර නිසා මැතිවරණ වේදිකාවෙත් නැහැ. මේ මැතිවරණයේදී රටේ ජනතාව විපක්ෂයටත් ඉදිරියෙන් ඉන්නවා මේ මැතිවරණයෙන් ආණ්ඩුව පරද්දන්න.


අද ජනාධිපති මන්දිරය අවුල්වෙලා. ඇතුළෙ ඉන්න අය වැඩ කරන්නේ නැහැ. එළියට ආපු අයට වඩා වැඩියි ඇතුළෙ ඉඳන් වැඩ නොකරන අය.

යුද ජයග්‍රහණයේ අයිතිය එක පුද්ගලයකුගේ නොවේ. යුද්ධයේදී මියගිය රණවිරුවන්ටයි පළමු අයිතිය තියෙන්නේ. ආබාධිත වූ අයට දෙවැනි අයිතිය. පෙරමුණේ සටන් කර අද ජීවත්වන අයට තුන් වැනි අයිතිය. ඒ හා සමානවම බෝම්බවලින් හා එල්. ටී. ටී. ඊ.යේ ඝාතනවලට හසුවූ සිවිල් ජනතාවට ඊළඟ අයිතිය.

2009දී යුද්ධය දිනුවාට පස්සේ ජනතාව මහින්ද රාජපක්ෂ මහත්තයට කිව්වේ 'මහරජාණෝ' කියලා. ඊට පස්සේ එයා ඇත්තටම මහරජෙක් වෙන්න කල්පනා කරන්න ඇති. 2010දී ඔහු පුදුමාකාර විදියට වෙනස් වුණා. ඔහු 2/3 බලයක් පාර්ලිමේන්තුවේ හදාගෙන රටේ ජනතාවට යහපත් වන එකම පනතක්වත් පාර්ලිමේන්තුවේදී සම්මත කළේ නැහැ.

මහින්ද මහත්තයදැන් කියනවා එයා නැත්නම් මේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වෙනවා කියල. එයා නැත්නම් ආපහු යුද්දෙ එනවලු. ආපහු එල්. ටී. ටී. ඊ. එනවලු. එහෙම බැලුවාම එයා තව අවුරුදු 100ක්වත් ඉන්න වෙනවා එල්. ටී. ටී. ඊ.ය එන නිසා. අද මේ රට අස්ථාවරයි. මුළු ලෝකයම අපේ රට දිහා පිළිකුලෙන් බලන්නේ. ජාත්‍යන්තර සංවිධාන අපි දිහා බලන්නේ නැහැ. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සත 5ක් දෙන්නේ නැහැ. අපි ආවට පස්සේ දැන් 2/3ත් නැතිවෙලා.

මට ආරංචියි ඊයේ මේකෙ වීරයෝ ඇවිත් වෙඩි තියල සද්දෙ දැම්මයි කියල. අපි එළියට බැස්සේ බයේ මේ සටන දාල යන්න නොවේ. මහින්ද රාජපක්ෂගේ ධන බලය, අවි බලය හා රාජ්‍ය බලයට මුහුණ දෙන්න වෙන බව දැනගෙනයි. රටකට ඕනෑම අභියෝගයක් එල්ල වෙනකොට ඒකට විරුද්ධව ජීවිත පරිත්‍යාගයෙන් එළියට බහින්නේ වීරයෝ විතරයි. නිවටකමින් ජීවත් වෙනවාට වඩා ජනතාව වෙනුවෙන් මැරෙන එක සැපයි. අපි තුවක්කුවලට බය නැහැ. මරනවානම් මරපල්ලා.

මේ රටේ මැතිවරණයකදී මැතිවරණ නීති කඩපු මේ වගේ වෙන නායකයෙක් නැහැ. ඒක තමයි එයාගෙ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය.
එයාගේ මැතිවරණ ප්‍රකාශයෙන් කියනවා අලුත් දේශපාලන සංස්කෘතියක් හදනවා කියල. එයාගේ අවුරුදු 10ක සංස්කෘතිය ජනතාව හඳුනනවා. දූෂණය හා අල්ලස රජවෙලා. රජයේ ව්‍යාපෘතියක් කරනකොට ඇස්තමේන්තු මුදලට වඩා 2/3ක් එකතු කරල ඒ 2/3 සාක්කුවට දාගන්නවා. දූෂණය බිලියන්, ටි්‍රලියන්වලින්.

දැන් කතා කරනවා අලුත් චින්තනයක් ගැන. මේ රටේ ජනතාව කවුරු කියලද හිතාගෙන ඉන්නේ මේ ගොල්ලො. මැදමුලන චින්තනේලු මැදමුලන චින්තනේ පොළොන්නරුවේ චින්තනෙන් ඉවර වෙනවා ලබන 08 වැනිදා.


මේ රටේ භාගයක් ජනතාව අද කන්නේ වේල් දෙකයි. අපි මේ රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන ආණ්ඩුව ඇතුළෙ කතා කළාම කිව්වේ ඔහොම යන්න දෙන්න ඡන්දෙ ළං කරල අඩු කරල දාමු කියලයි. එහෙම තමයි මේ රටේ පාලකයා ජනතාවගේ බඩගින්න ගැන හිතුවේ.

- මව්බිම ඇසුරිනි

Last modified on Monday, 29 December 2014 09:04

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us