පවතින නීතිය තවත් ශක්‌තිමත් කර වැරදි කළ අයට දඬුවම් කරන්න- අනුර

Published in පුවත්
Saturday, 10 January 2015 07:33

දැනට තිබෙන නීතිමය ප්‍රතිපාදන තවත් ශක්‌තිමත් කරගෙන මිස කෝපය සහ වෛරය පදනම් කරගනිමින් ආණ්‌ඩුවේ දූෂිතයන්ට, වංචාකරුවන්ට දඬුවම් නොකළ යුතු බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (09 දා) ප්‍රකාශ කළේය.

බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දිසානායක මහතා මෙසේ ද කීය.

මෙය මැතිවරණ සිතියමට අනුව ගෙන ආ ජනාධිපතිවරණයක්‌ නොවේ. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනිව නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් ජනාධිපති රාජපක්‍ෂ මහත්තයා ඊළඟ බලයුගය අරඹන්න ගෙන ආ ජනාධිපතිවරණයක්‌. එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ යහපැවැත්මට හිතකර වුණේ නෑ. ඒකාධිපති වියරුවක්‌ කරා යන ගමනේ දොරටුව විවර කර ගන්නයි, වසර දෙකකට කලින් මේ ජනාධිපතිවරණය ගෙන ආවේ.

ජනතා විමුක්‌ති පෙරමුණ මේ දුෂ්ට ෙච්තනාව හොඳින්, ගැඹුරින් වටහා ගත්තා. ඒ නිසා තමයි ඒකාධිපති පවුල් පාලනය ගෙදර යවන්න, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කරන්න මේ මැතිවරණයේදී අපි කටයුතු කළේ. ඒ උදෙසා දැවැන්ත මැතිවරණ ව්‍යාපාරයක්‌ ශක්‌තිමත් ලෙස අප ගෙන ගියා. මැතිවරණය දිනයේ විවිධ කටකතා ප්‍රචාරය වුණා. ඒත් ආණ්‌ඩුවේ ඒ උත්සාහයන් පරාජය කරමින් ඡන්ද මධ්‍යස්‌ථානයේ ආරක්‍ෂාවත්, ඡන්ද ගණන් කර නිකුත් කරන තුරු ආරක්‍ෂාව සඳහා අපේ පාර්ශ්වයෙන් දායකත්වය ලබාදීමටත් අප මැදිහත්වීම් කළා. එහි ප්‍රතිඵලය දැන් ලැබී තිබෙනවා. ඒකාධිපති පවුල් පාලනයට යන ගමන අද අසාර්ථක වී තිබෙනවා.

ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිපුරම සල්ලි පොම්ප කළ මැතිවරණය මෙයයි. තවදුරටත් මුදලට ජනතා මතය ලබාගන්න බැරි බව මේ මැතිවරණයෙන් පෙන්නුම් කළා. අසත්‍ය අවලාද වැඩිම මැතිවරණය මෙයයි. ඒ සියල්ල ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කළා. ජනතාව සත්‍ය තේරුම් ගත්තා. තවත් අපේක්‍ෂකයකුට සමාන රුව තිබෙන ඩුප්ලිකේට්‌ අපේක්‍ෂකයෙක්‌ යොදාගනිමින් ඔහු වෙනුවෙන් ආණ්‌ඩුව විශාල මුදලක්‌ වැය කළා. සැබෑ අපේක්‍ෂකයාගේ ඡන්ද කැඩීමට ඒ ආකාරයට කටයුතු කළා. සදාචාර විරොධී පහත් තැනකට මේ මැතිවරණ ව්‍යාපාරය රාජපක්‍ෂවරුන් විසින් ගෙන ගියා.

මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වරට කුඩා දරුවන් යොදාගනිමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු ගෙන ගියා. ඡන්ද අයිතිය තියෙන්නේ වයස අවුරුදු දහඅටට ඉහළින්. වඩාත් වැඩියෙන් අවිද්‍යාව යොදාගත් මැතිවරණයයි මේ. ඡන්දයට දින ප්‍රකාශ කිරීම, නාමයෝජනා අත්සන් කිරීම, නාමයෝජනා භාරදීම, ඡන්දය දැමීමට පිටත්වීම, එය නිමාකිරීම. මේ හැම දෙයක්‌ම අවිද්‍යාවට ගොදුරු කළ අපේක්‍ෂකයෙක්‌ බවට මේ අය පත්වුණා. ජනතාව අසත්‍යයකට යට නොවී සියයට 81.5 ක්‌ වැනි ඉතිහාසගත ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයක්‌ ලබාදුන්නා.

දැඩි විධායකය අහෝසි කිරීම සඳහා ජනතාව පෙළගස්‌වන්න, දහඅටවැනි සංශෝධනය අහෝසි කර ස්‌වාධීන කොමිෂන් සභා යළි ස්‌ථාපිත කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිය ශක්‌තිමත් කිරීම, හොරකම නාස්‌තිය, දූෂණය කළ අය හෙළිදරව් කිරීම, මෙන්ම ඔවුන්ට දඬුවම් ලබාදීමට බල කිරීම සඳහා වන මැදිහත්වීම සිදුකරමින් අරගලය සඳහා පෙළගැස්‌ම කිරීමට ජනතා විමුක්‌ති පෙරමුණ කටයුතු කරනවා.

 

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා - අපි බාහිර බලවේග, ජ්‍යෙdතිෂය විශ්වාස කරන්නේ නෑ. අතීතයෙත් නැකතට වැඩ කළා. නමුත් මෙය සමාජයේ ප්‍රධානතම කාර්යයක්‌ බවට පත් කළේ රාජපක්‍ෂ පාලනය විසින්. නැකත්කරුවකු ළඟ තබාගෙන ඡන්ද දිනය පවා ඔහු ලවා තීරණය කරවා ගැනීමට රාජපක්‍ෂවරු පෙළඹුණා. මෙවැනි ජ්‍යෙdතිෂකරුවන් සමඟම ඒ අය පරාජය වීම විද්‍යාවේත් ජයග්‍රහණයක්‌. ජනතාව නැකත් විශ්වාස කළාට කමක්‌ නෑ. නමුත් මිත්‍යාවේම එල්බගෙය සිටියොත් සත්‍යය යටපත් වෙනවා.

ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ද මෙම අවස්‌ථාවට සහභාගි විය.

Last modified on Saturday, 10 January 2015 07:35

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us