ජාතික ආණ්ඩුවකට එකතුවන්න, ජනපති ජාතිය අමතමින් සියලු පක්ෂවලින් ඉල්ලා සිටී

Published in පුවත්
Sunday, 11 January 2015 17:04

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා තමන් සමග එක්වන්නැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගෙන් අද (11) මහනුවර දළදා මාළිගයේ පත්තිරිප්පුවේදී ජාතිය අමතමින් ඉල්ලා සිටියේය.

තමාගේ එම ආරාධනය පාර්ලිමේන්තුව නි‍යෝජනය කරන සියලු දේශපාලන පක්ෂ පිලිගනී යැයි තමන් විශ්වාස කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

අද උදෑසන කොළඹ නිදහස් චතුරස්‍රයේ පිහිටි ඩී.එස් සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු ජනාධිපතිවරයා ඇතුළු පිරිස මහනුවර බලා විශේෂ රිය පෙරහැරකින් ගමන් ආරම්භ කළේය.

එම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලන නි‍යෝජිතයින් රැසක්ද එක්ව සිටි අතර සියලුදෙනා අද පෙරවරුවේ දළදා මාළිගාවට පැමිණ ආගමික වතාවත්වල නිරත වූහ.

පසුව මල්වතු හා අස්ගිරි මහ විහාරවල නායකහිමිවරුන් ද බැහැදුටු අතර අනතුරුව ඉස්ලාම්, කතෝලික හා හින්දු ආගමික ස්ථානවලට ගොස් ආශිර්වාදය ලබාගත්තේය.

මහනුවර දළදා මාළි‍ගයේ පත්තිරිප්පුවේ සිට ජාතිය අමතමින් නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද අදහස් පළ කළේය.

“මේ රටේ ජනතාවගේ දූගී බව තුරන් කිරීම සඳහා ජීවන වියදම පහත හෙළීම සඳහා අපි කැපවෙනවා. ජනතාවගේ ආර්ථික අමාරුකම් අපි බොහෝම පැහැදිලිව දන්නවා. අපේ ර‍ජයේ මූලික කාරණය දූගී බව දුප්පත්කම තුරන්කර සමෘද්ධිමත් ශක්තිමත් රටක් ගොඩනැගීම බව අපි පළමුවවෙන්ම කියන්න ඕන.
එසේම නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම සඳහා මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කළ ආකාරයට විධායක ජනාධිපතිවරයා සතු බලතල පාර්ලිමේන්තුවටත්, අධිකරණයටත් ස්වාධින කොමිෂන් සභාවලටත් රාජ්‍ය ආයතනවලටත් ලබාදෙන බවට මම ප්‍රතිඥා දෙනවා.

ඒ වගේම අපේ රටට අන්තර්ජාතික වශයෙන් පුළුල් මිත්‍රත්වයක් ගොඩනැඟීම වැදගත්. ලොව සියලු රටවල් සමග සියලුදෙනාගේ සහය ලබාගෙන අපේ උතුම් මාතෘභූමිය හා සංවර්ධනය වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව සඳහන් කළ යුතු වෙනවා.

ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය සඳහා කටයුතු කරන අතරම අන්‍යාගමික මෙන්ම සෑම ආගමකම නිදහස හා අයිතිය තහවුරු කරමින්, සියලූම ජනතාවට අපේ රට තුළ ආගමික නිදහස ඇති කරමින් සදාචාර බව, විනය ගරුක බව, සහෝදරත්වය ඇති කරමින් ඔබේ අපේ මාතෘ භූමිය යහපත් රටක් බවට ගොඩනගනවා.
අපේ රට කෘෂිකාර්මික රටක් වශයෙන් ශක්තිමත් වන්නේ ගොවි ආර්ථිකය ශක්තිමත් වූ විටයි. මේ නිසාදේශිය කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා නව තාක්ෂණික ලොව තුළ අවශ්‍ය වෙනස් කම් කරමින් මේ රටේ දේශීය කෘෂිකර්මාන්තය වැඩිදියුණු කිරීම අපේ ආණ්ඩුව අප විසින් කටයුතු කරන බව ප්‍රකාශ කළ යුතුයි.

ඒ වගේම පොලීසිය අපක්ෂපාති මධ්‍යස්ථ සේවාවක් බවට පත්කරන්න ඕනෑ රාජ්‍ය සේවකයාගේ ආර්ථිකය ගොඩනැගීම සඳහා ඔවුන්ට දිය හැකි සේවා තෘප්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කියන්න ඕනෑ. ඒ වගේම පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය පියවර අපි ගන්නවා.
විදේශයන්‍ හි සේවය කරන ලක්ෂ 25ට අධික ගෘහ සේවිකාවන්ගේ පෞද්ගලික ආර්ථිකය වැඩිදියුණු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.

වංචා, දූෂණ, අක්‍රමිකතා, අල්ලස් සම්පූර්ණයෙන් තුරන් කිරීමට අපේ රජය කටයුතු කරන බව කියන්න ඕනෑ. මේ නිසා අපේ රටට අවශ්‍ය වන්නේ රජෙක් නොව සැබෑ මිනිසෙක් බව කියමින් මා ඔබේ සේවකයෙක් පමණයි කියන්න ඕනෑ. නිදහස් චතුරස්‍රයේදී එදා දිවුරුම් දුන් අවස්ථාවේ කියූ පරිදි මේ මගේ අවසන් ජනාධිපතිවරණය බව ප්‍රකාශ කරන්න ඕනෑ.

මට ලැබී ඇති තනතුර යහපත් ලෙස යොදාගනිමින් ජනතාවට සෙනෙහෙබරවීමත් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන බවත් මා සඳහන් කරන්න ඕනෑ

පොලීසිය හා ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නා සාමය ඇති කරන්න කටයුතු කරන ලෙසට මනුෂ්‍යත්වය මිනිස්කම සමාජයට‍ පිළිඹිබු කළ හැක්කේ ජාති ආගම් බේද පක්ෂ බේදයෙන් තොරව කටයුතු කිරීමෙන්” යැයි ද ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවේ වැඩිදුරටත් සඳහන් විය.

 

 

adaderana

Last modified on Sunday, 11 January 2015 17:05

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us