මෛත්‍රීට කළගුණ දක්වන්න, විධායකය අහෝසිවීම මෛත්‍රීපාලනයෙන් පසුවට

Published in පුවත්
Monday, 26 January 2015 17:09
විධායක ජානාධිපති ධූරය සම්පුර්ණයෙන්ම අහෝසි වි පාර්ලිමේන්තුවට වග කියන කැබිනට් මණ්ඩලයක් ඇති කිරීම ට අදාල වන සම්පුර්ණ ව්‍යවස්ථා විධි විධාන ක්‍රියාවට නැංවෙන්නේ අභීනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලයේ සිට නොව මීළඟට එන ජනාධිපතිවරයාගේ ධුර කාලයේ සිට බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවැසූ බව  රන්දොර වෙබ් අඩවිය පවසයි
 
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමට අදාලව යෝජනාව මුලින්ම කරළියට ගෙන ආවේ අභීනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.මේ සම්බන්ධයෙන් ඒ මහතාගේ කැපවිමට පරිත්‍යාගයට කෘත ගුණ සැලකිමක් ලෙස ඔහුගේ ධූර කාලයට පමණක් සීමා වන යම් විධායක බලතල කිහිපයක් අඛණ්ඩව පවත්වා ගෙන යන්න තීරණයක් ගෙන තිබෙනවා. ඒවා කවරේදැයි? තවමත් අවසන් නිගමනයකට විනිශ්චයකට පැමිණ නැහැ.
 
ඒ ඇරෙන්න පාර්ලිමේන්තුවේ සම්මත වන යම් පණත් කෙටුම්පතක් තමන්ට අසතුටුදායක තත්ත්වයක පවති නම් එක් වරක් පමණක් එය නැවත සලකා බලන්න යැයි පාර්ලිමේන්තුවට විධාන නිකුත් කිරිමේ හැකියාවද නව ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු එන ජනාධිපතිවරයාගේ බලතල අතර වනවා. එසේම, කැබිනට් මණ්ඩලයට උපදෙස් දිම හා ඇතැම් යහ පාලන බලතලත් ඔහුට අයත් වෙනවා.
 
මේ අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ එන ජනාධිපතිවරයා යනු 1972 ව්‍යවස්ථාවේ සිටි ජනාධිපති ධුරයට එහා ගිය යම් බලතල සතු වුවෙක් යැයිද ඔහු කියා සිටියේය.
 
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා  24 වන දින නුගේගොඩ ජනරැලියක් අමතමින් ප්‍රකාශ කළේ තමන් විධායක ජනාධිපති ධූරය නම් ශාපය රටින් තුරන් කිරිමේ ස්ථාවරයේ සිටින බවත් එහිදි වත්මන් ජනාධිපතිවරයාට පමනක් යම් සුවිශේෂි ආවරණයක් අදාල බලතල කප්පාදුව සම්බන්ධයෙන් ලබා දිය හැකි බවයි.
 
මෛත්‍රීපාල සිරිසේන රජයේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිම ඇතුළු යෝජනා ඇතුළත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාල පණත් කෙටුම්පත ට අදාල සියළු කටයුතු මේ වන විට අවසන් නමුත් එහි කතිකා කර ගත් පරිදි ගෙවුණු 21 දා පාර්ලිමේන්තුව හමුවට ගෙන ඒමට අපහසු වු බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මෙයට පෙර කීය.
 
මෙය භාෂා ත්‍රිත්වයෙන්ම ඉදිරිපත් කළ යුතු වෙනවා.ඒ නිසා අදාල පරිවර්තන තවම අවසන් නැහැ.මේ නිසා මෙය කැබිනට් මණ්ඩලයේ අනුමැතියකට යටත්ව පාර්ලිමේන්තුවට ගෙන ඒමට තව ටික දිනක් ගත වේවි යැයි ඔහු කීය.
 
මෙහිදි සම්පුර්ණයෙන්ම පොරොන්දු වු පරිදි විධායක ජනාධිපති ධූරය අහෝසි වි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන පුද්ගලයෙකු බවට පත් වන බවද සදහන්ය.
 
කෙසේවෙතත්,මැතිවරණ ක්‍රමයේ සංශෝධන මෙයට ඇතුළත් නොවන බවද සදහන්ය.
 
ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනිම සදහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ 2/3 ක අනුමතියෙන් සම්මත විම අනිවාර්ය වේ.මේ සදහා කිසිවෙකු තවමත් විරුද්ධත්වය ප්‍රකාශ කර නැතත්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලතුලනය පවත්වා ගෙන යාම සඳහා විධායක ජනාධිපති ධුරය මෛත්‍රිපාල සිරිසේන මහතා අවම වශයෙන් මීළඟ මහ මැතිවරණය අවසන් වන තෙක්වත් තබා ගත යුතු යැයි ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ තර්කය වි ඇති බව වාර්තා කියයි.
 
මා ඇතුළු කණ්ඩායමක් මේ දිනවල මේ සඳහා මුළිකව කටයුතු කරනවා.අපි බලාපොරොත්තු වෙනවා, කතිකා කර ගත් පරිදි මෙම 21 දා හෝ ආසන්න දිනකදි මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න යැයි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා මෙයට පෙර රන්දොරට කීය.
 
දැනට පවතින අත්තෝනොමතික විධායක ජනාධිපති ධුරය වෙනුවට කැබිනට් මණ්ඩලයඉ හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වු විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහයක් ස්ථාපිත කිරිම සහ 18 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් අදාල ස්වාධීන කොමිෂන් බලාත්මක කිරිමට අදාලව මෙම 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බලාපොරොත්තු වේ.
 
මෙහිදි 17 වන ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක විමද සිදු වන බව සදහන්ය.
 
මේ අතරේ හිටපු විගනණකාධිපති සරත් මායාදුන්නේ මහතා රන්දොරට ප්‍රකාශ කළේ 17 වන සංශෝධනය බලාත්මක කිරිම මගින් ස්වාධීන විගනකාධිපති සතු බලතල වලට යම් සහණයක් ලැබුණද මෙම තනතුරේ ස්වාධීනත්වය තවත් තිව්‍ර කිරිම සදහා තවත් ක්‍රියා මාර්ග ගත යුතු බවයි.
 
මෙම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මගේ අදහසුත් ලබා දුන්නා.
 
නමුත් ,රාජ්‍ය විගණනයේ මුල්‍ය ස්වාධීනත්වය ආරක්ෂා කිරිම සහ විගණන කාර්යය මණ්ඩලයේ පරිපාලන ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් තවත් පියවර කිහිපයක් ගත යුතුව තිබෙනවා.
 
මෙම කටයුතු දින 100 වැඩ පිළිවෙල තුල සාර්ථක කර ගැනිම අපහසු වුවත් ඉදිරියේදි ක්‍රියාවට නග්ගාවි යැයි මම විශ්වාශ කරනවා යැයි මායාදුන්න මහතා කීය.
 
(randoralk)
 

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us