මහින්ද අගමැති කරන්න දඟලන වුන්ගේ ඇත්ත කතාව

Published in පුවත්
Sunday, 15 February 2015 18:33

ඊයේ දිනයේ (2015-02-14) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව රැස්විය. එහි දී නව නිලධාරී මඩුල්ලක් ද පත්කරගත්හ. එහෙත් එම සභාව අවසන්ව ජනාධිපතිතුමා පිටව යාමෙන් අනතුරුව පැවති පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයෝ සහභාගී වූ සමස්ත ලංකා කාරක සභාවේ දී හිටපු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ යළි අගමැති කළ යුතු යැයි ඔවුහු බලකර සිටියහ. පසුව පැවති පළාත් සභා මන්ත්‍රී සමුළුවේ දී මෙය වඩාත් බලවත් ලෙස කරළියට රැගෙන ආහ. මෙය බැලූ බැල්මට තව දුරටත් මහින්ද බලයේ රැඳී සිටීමට උත්සාහ කරන තත්ත්වයක් පමණක් නොවේ. සැබැවින් ම යහපාලනයට කරනු ලබන අභියෝගයකි.

මෙය කොටස් කිහිපයකින් විග්‍රහ කළ හැකි ය.


පරාජයෙන් පසුවත් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ තමන්ට තවත් දෙවසරක් බලයේ රැඳී සිටිය හැකි යැයි ගොන් තර්කයක් ගෙනවිත් බලහත්කාරයෙන් ජනාධිපති ධුරයේ රැඳී සිටීමට උත්සාහ ගත් බව මේ වන විට සමස්ත ලෝකය ම දන්නා කතාවකි. එහෙත් එය ව්‍යර්ථ වූ බව ද ලෝකය ම දන්නා කාරණයකි. මෛත්‍රී පාලනයක් යටතේ විධායක ජනාධිපති ධුරය අහෝසි කොට අගමැතිට බලය පැවරෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කරන්නට මෛත්‍රීපාල ජනාධිපතිතුමා සහ රනිල් වික්‍රසිංහ අගමැතිතුමා ජනතාවට පොරොන්දු වූ බවත් ලෝකය ම දන්නා කරුණකි. මේ සියලු කරුණු සලකා බැලීමේ දී හැඟෙන ප්‍රධාන කරුණ නම් ඉක්බිති රටේ ප්‍රධාන පුරවැසියා වන්නේ විධායක ජනාධිපති නොව අගමැති බවයි. එමෙන් ම විධායක ජනාධිපති ධුරය පැවතිය ද පර්සි මහින්ද රාජපක්ෂට තෙවැනි වරට ඉදිරිපත්විය නොහැකි ය. එසේ නම් තරඟ කළ යුත්තේ අගමැති ධුරය සඳහා ය. නමුත් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂට අගමැති ධුරය සඳහා තරඟ කිරීමට බාධා එමට ය.


නව විපක්ෂය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරු දරන්නේ පක්ෂයේ පැරණිම සාමාජික සාමාජිකාවෝ ය. පර්සි මහේන්ද්‍ර ගේ සිහිනය සැබෑ කරගැනීමට ඔවුන්ගේ සහය නොලැබෙන බව ඔහු සක් සුදක් සේ ම දන්නේ ය. පහළ මට්ටමේ බලය දරන්නන් හරහා ඔහුගේ අභිප්‍රාය ඉටුකරගනු වස් බළලුන් ලවා කොස් ඇට බාවන්නට වෙහෙසෙන්නේ එනිසා ය.


ඒ මෙහි එක් පැත්තකි. දැන් අනෙක් කරුණු කෙරෙහි ද අවධානය යොමු කරමු.


පසුගිය කාලවකවානුව පුරා ම ප්‍රාදේශීය සහ පළාත් සභා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා ලබා තිබූ බහුතරයක් පිරිස මහේන්ද්‍ර වාදියෝ වූහ. එමෙන් ම ඔවුහු මුහුකුරා ගිය දේශපාලන අත්දැකීම්වලින් සමන්විත වූවෝ නොවෙති. ඔවුන් බහුතරයක් අපේක්ෂකත්වයට සුදුකම් ලැබුවේ මහේන්ද්‍ර වෙනුවෙන් මිනී මරා, විරුද්ධවාදින්ට පහර දී, ඔවුන්ගේ දේපළ විනාශ කොට, ඔවුන් බිය වද්දා, ඔවුන් මත බලහත්කාරය පටවා සන්ධානය දිනවීමට කටයුතු කිරිම ය. එහෙත් ඔවුන්ට සාපේක්ෂව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ කළ අකටයුතුකම් අවම ය. (ඔවුන් ශුද්ධවන්තයන් නොවන බව තරයේ අවධානය කරමි) ඒ අනුව ඉදිරි සියලු මැතිවරණවලදී මේ මැරයන්ට අපේක්ෂකත්වය ලැබීම සැක සහිත ය. එසේ නම් ඔවුන් කළ යුත්තේ කුමක් ද? තමන්ට අපේක්ෂකත්වය ලබා දෙතැයි විශ්වාස කළ හැකි පුද්ගලයකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා කිරීම ය. පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ යළි ඔසවා තබන්නට දඟලන්නේ මේ අරමුණු ඉටු කරගැනීම සඳහා ය.


මෙම සමුළුවේ මුලසුන දැරූ දකුණු පළාත් සභාවේ කාෂිකර්ම ඇමති යූ. ඩී. ජී ආරියතිලක මහතා ද යම් දේශපාලන පරිචයකින් හෙබි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි සාමාජිකයෙකි. ඔහු ඇතුළු පැරැන්නන් සැබැවින් ම පසුගිය වකවානුවේ කටයුතු කළේ රුකඩ විලසිනි. ඒ මහින්ද රාජපක්ෂ පාලනයේ ප්‍රධාන ලක්ෂණය යි. නමුත් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ‘‘සැබැවින් ම නිදහස්’’ පක්ෂයකි. එහි පැරණි සාමාජික සාමාජිකාවෝ ද නිදහස් වූවෝ වෙති. පක්ෂය රැකගැනීමේ සැබෑ වුවමනාවක් ඔවුහු සතුව පවතී. එහෙත් ප්‍රාදේශීය සභාවල සහ පළාත් සභාවල මැති ඇමතිකම් දරන මැරයෝ මේ සදහා අකමැතිය.


සැබැවින් ම මෙම ඝට්ටනය අවසන් වන්නේ පක්ෂය දෙකඩ වීමෙන් බව ඔවුහු ද දනිති. එවිට ද පර්සි මහේන්ද්‍ර රාජපක්ෂට අත්වන්නේ නොසිතූ වාසියකි. රටේ සංඝයා භේද භින්න කළ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂට පක්ෂය දෙකඩ කොට බලය තමන් අතට ගැනීම එතරම් අපහසු කටයුත්ක් නොවේ. මේ සිදුවෙමින් පවතින්නේ ඒ පෙරහැරේ කසකරුවන්ගේ දර්ශනය යි. එය පොරවෙන් කපන්නට ඉඩ නොතබා නියපොත්තෙන් කඩා ඉවත් නොකරන්නේ නම් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මතු නොව සමස්ත රටේ ප්‍රගතිශීලී ජනතාවට ද අත්වන්නේ ඛේද ජනක ඉරණමකි. මෛත්‍රි පාලනයක්, යහපාලනයක් ස්ථාපිත කරන්නට බලයට පැමිණි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු ව ඇත. එය එතුමාගේ වගකීමකි.


අනෙක් කරුණ නම්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ සියලු (ප්‍රාදේශිය සභා, නගර සභා සහ පළාත් සභා) මැති ඇමතිවරුන් සිතා සිටින්නේ සංධානය යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවයි. විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල සහ දිනේෂ් ගුණවර්ධන යන අනාතයෝ නම් මෙය කදිමට වටහාගෙන ඇත. ඔවුන් පර්සි මහේන්ද්‍ර ද ඈඳාගෙන නව පෙරමුණු ගොඩ නගන්නට උත්සාහ දරන්නේ ද එබැවිනි. එහි දී එකට එකතුවන්නේ ද දේශපාලන වශයෙන් අනාථ වූවන් මිස සැබැ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ නොවන වග ද මේ සිව් කට්ටුව අවබෝධ කොට ගත යුතු ය.


ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ලේකම් අනුර ප්‍රියදර්ශන මහතා සහ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂයේ තීරණය දැනුම් දෙමින් ඔවුන් (ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ)18 වන දින පැවැත්වෙන රැස්වීමට සහභාගි නොවන බව පැවසුවේ මේ යථාර්ථය හඳුනාගත් හෙයිනි; පරිනත දේශපාලන ශක්තියක් ඔවුන් සතු හෙයිනි. එසේ නොවන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාතයන්ගේ විශ්‍රාම ශාලාවක් බවට පත්වනු නොඅනුමාන ය. ඉදිරි මැතිවරණවලදි සැබැ ශ්‍රි ලංකා නිදහස් පාක්සිකයන්ට නාමයෝජනා ලබා දුනහොත් මෙය ආරම්භයේ දීම නවතා දැමිය හැකි ය. එසේ නොවන්නේ නම් ජනතාව බලාපොරොත්තු වු මෛත්‍රී පාලනය සහ යහපාලනයට අබ සරණ හැර අන්සරණක් නම් නොමැත්තේ ය.

ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


සැබැඳි පුවත්

මහින්ද අගමැති කරන, දේශපාලන ආනාථයන්ගේ ‍රැළියට ශ්‍රීලනීපය නෑ

පක්ෂයද ? මහින්දද ? පළාත් සභා මන්ත්‍රීවරු කාලගෝට්ටියක(AUDIO)

 

Last modified on Sunday, 15 February 2015 18:44

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us