ඇවිළෙන ගින්නට පිදුරු නොදමනු...!

Published in පුවත්
Monday, 02 March 2015 08:28

ගෙයි ගින්දර පිටට නොදෙන ලෙසත්, පිට ගින්දරට ගෙදරට නොගෙනෙන ලෙසත් වශයෙන් දෙන අවවාදයක් අපේ ජනවහරේ ඇත. එහෙත් නිවසේ ම වෙසෙන සොහොයුරකු විසින් එම නිවසේ ම වෙසෙන සොහොයුරියක දූෂණය කරයී නම් ඉහත අවවාදය පිටුදකින්ට සිදු වීම අරුමයක් නොවේ.


ජනතා විමුක්ති පෙරමුණ මෙවර ජනාධිපතිවරණයෙන් අනතුරුව පිහිට වූ ආණ්ඩුවේ ඍජු හවුල්කරුවකු නොවුණ ද එම ජයග්‍රහණය වෙනුවෙන් නිල නොවන මට්ටමේ දැඩි මෙහෙයක් ඉටු කළ පක්ෂයක් බව අවිවාදිත ය. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කළේ පැවති රෙජිමයේ දුර්දාන්ත පාලනය අතුගා දැමීමට පමණක් නොව එකල සිදු වූ වංචා දූෂණ පිළිබඳ නිසි පරීක්ෂණ කොට ඊට සම්බන්ධ වූවන්ට තරාතිරම නොබලා දඬුවම් දිය යුතු ය යන පදනමේ සිට ය. (එම කටයුත්ත පමා වීම සහ තෝරු මෝරුන් සිටිය දී හාල්මැස්සන් පිළිබඳ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ මේ මොහොතේ නොලියමි. මන්ද ඒ සඳහා අවැසි නීතිමය කටයුතු සම්පාදනය කිරීමට කල් ගතවන බැවිනි.) එසේ නම් මහින්ද රාජපක්ෂ සමයේ හොරකම් කළ, වංචා කළ, දුෂණයට සම්බන්ධ වූ පුද්ගලයන් පිළිබඳව නිසි සොයාබැලීමක් කොට ඔවුන් නීතිය ඉදිරියට කැඳවා අදාළ චෝදනා ඔප්පු කොට දඬුවම් පැමිණවිය යුතු ය යන්න අවිවාදිත ය.

එහෙත් ඒ සඳහා වත්මන් මැති ඇමතිවරුන්ගෙන් ද යම් යම් බාධා පැමැණෙන්නේ නම්, එකල දූෂිතයන් වෙනුවෙන් වත්මන් මැති ඇමතිවරුන් පෙනී සිටින්නේ නම්, ඔවුන් වෙනුවෙන් ලබා දෙන නීත්‍යානුකූල තීන්දු තීරණ වෙනස් කරන්නට මැදිහත් වන්නේ නම් ජනතාව බලාපොරොත්තු වු යහ පාලනය ස්ථාපිත වේද යන්න සැක සහිත ය.

මේ දිනවල ඉතා දැඩි ලෙස කතාබහා ලක් වෙන මාතෘකාවක් නම් ‘‘ඇවන් ගාඩ්’’ සිද්ධිය යි. මෙම සිද්ධියට අදාළ සැකකරුවන්ගේ විදෙස් ගමන් බලපත්‍ර තහනම් කළ බව රට ම පමණක් නොව ලෝකය ම දන්නා කරුණකි. එහෙත් කුමන හෝ හේතුවක් මත අදාළ සැකකරුවන්ගේ ගමන් බලපත්‍ර තහනම ඉවත් කිරීමට යළි අධිකරණය තීරණය කළේ ය. නීතියට අභියෝග කරන්නට හෝ අධිකරණ තීන්දුවකට එරෙහිවන්නට බලයක් නොමැති වුව ද එකී තීරණය සාධාරණ ද නැද්ද යන්න ප්‍රශ්න කිරීමේ අයිතිය ජනතාව සතුව පවතී.

ඇවන් ගාඩ් සිද්ධියේ රහසක් හෙළිදරව් වන්නේ මෙබඳු පසුබිමක් යටතේ ය. එනම් එකී සිද්ධියට අදාළ සැකකරුවන්ගේ විදෙස් ගමන් බලපත්‍ර යළි ලබාදීම සඳහා තිලක් මාරපන මහතා සහ අධිකරණ අමාත්‍යය විජේදාස රාජපක්ෂ මහතා මැදිහත් වූවා ය යන්න ය. ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා මෙම චෝදනාව එල්ල කරන්නේ ජාතික විධායක කමිටු රැස්වීමකින් අනතුරුව ය. ඔහු ඒ සඳහා සාක්ෂි ද ඉදිරිපත් කළේ ය. (නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියකුගේ අදහස) නමුත් අධිකරණ අමාත්‍යවරයා ඒ සඳහා පිළිතුරු දෙනවා වෙනුවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට සහ එම පක්ෂයට අවලාද නගන්නට වූයේ ‘‘ඔවුන් සුපුරුදු අවලාද නැගීම ආරම්භ කර ඇත’’ යනුවෙන් පවසමිනි. එසේ නම් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා බවට පත් කිරීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂට එරෙහිව ඔවුන් ගෙන ගිය ව්‍යාපාරය ද සුපුරුදු අවලාද නැගීමක්දැයි ජනතාව ප්‍රශ්න කරති.

දැන් පැන නැගී ඇත්තේ බරපතල තත්ත්වයකි. එනම් ලංකා ඊ නිවුස් හි පළ වී ඇති ප්‍රවෘත්තියකට අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මෙසේ අධිකරණ අමාත්‍යතුමාට එරෙහි චෝදනාවක් ඉදිරිපත් කරන්නේ අධිකරණ අමාත්‍යයතුමාගෙන් අනුර කුමාර දිසානායක මහතා ඉල්ලා සිටි ලක්ෂ 25 ක මුදලක් ලබා නොදීම හේතුවෙනි. ඊ නිවුස් වෙබ් අඩවියේ මෙම පුවත පළ කරන්නේ එය ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තරයෙන් ලද තොරතුරක් ලෙසිනි. පසුගිය මෘග පාලනය පෙරළා දැමිමට සුවිශේෂි මැදිහත්වීමක් කළ ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය මෙවැනි පුවතක් පළ කිරීමට ප්‍රථම අදාළ පාර්ශවයන්ගෙන් කරුණු විමසා එය නිරාකරණය කොට ගෙන මෙම ප්‍රවෘත්තිය පළ කළානම් වඩා වැදගත් යැයි මම විශ්වාස කරමි. මන්ද මේ මොහොතේ කුමන්ත්‍රණකරුවන් සැම අස්සක් මුල්ලක ම ගැවසෙන්නේ ය. එය ජනතා විමුක්ති පෙරමුණේ ද, පවතින පාලක පක්ෂයේ ද, විපක්ෂයේ ද කියා වෙනසක් නැත. ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර ප්‍රශ්න තිබෙන බව නොරහසකි.

එහෙත් මේ මොහොතේ එම පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්න එළියට රැගෙන විත් ආණ්ඩුව සමග ගැටුම් ඇතිකිරීමට උත්සාහ ගන්නේ ආණ්ඩුවට තිබෙන ආදරයට හෝ ජනතා විමුක්ති පෙරමුණට තිබෙන ආදරයට නොව ජනතා විමුක්ති පෙරමුණ සහ ආණුඩුව අතර ගැටුම් ඇති කොට වෙනත් දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණෙනි. ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සරුවන් සොයුරා ද මෙම දේශපාලන යථාර්ථය නොදන්නා පුද්ගලයකු නොවේ. මෙම ප්‍රවෘත්තිය පළ කිරීමට පෙර දෙපාර්ශවයෙන් ම විමසීමට තිබුණේ යැයි මා කලින් සහන් කළේ මෙය හේතු කොටගෙන ය. මන් ද සඳරුවන් සොයුරා මීට පෙර විජේදාස රාජපක්ෂ මහතා ද විවේචනයට ලක් කොට තිබූ බව අප කවුරුත් දන්නා කරුණකි. ඒ ඔහුගේ කශේරුකාවේ ප්‍රාණවත් බව යි.

දැන් මෙම දෙපාර්ශවයට ම නිහඬ ව්‍රතය පිරීමට අවකාශ නැත. මෙහි සත්‍යය අසත්‍යය ජනතාවට පසක් කළ යුතු ය. එනම් මෙම ප්‍රවෘත්තිය සත්‍යයක් ද අසත්‍යයක් ද යන්න අධිකරණ අමාත්‍යතුමා සහ ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට හෙළිදරව් කළ යුතු ය. එසේ නොවන්නනේ නම් ඉදිරි මැතිවරණයේ දී දේශපාලන අනාථයන් මෙය කදිමට ආයුධයක් ලෙස භාවිතා කරනු නියත ය. අදාළ සැකකරුවන් වෙනුවෙන් අධිකරණ අමාත්‍යතුමා මැදිහත් වූවා නම් එය බරපතල කාරණයක් වන අතර ම ජනතා විමුක්ති පෙරමුණ එය හෙළිදරව් කර සිටින්නේ තම පක්ෂයට අධිකරණ අමාත්‍යතුමා ලක්ෂ 25 ක් නුදුන් හේතුව නිසා නම් එය ද බරපතල කාරණයකි. (මෙහි දි ජනතාවට නැගෙන ප්‍රධාන සැකය නම් එකි සිදුවීමට අධිකරණ අමාත්‍යතුමා මැදිහත් වුවාය යන්න සහ ජනතා විමුක්ති පෙරමුණ ද නොනිල වශයෙන් කප්පම් ගන්වා ය යන්න ය.) ජනතාව මේ කිසිවක් හරියාකාරව නොදන්නා හෙයින් ඒ සම්බන්ධයෙන් ජනතාවට කරුණු ඉදිරිපත් කළ යුත්තේ අධිකරණ අමාත්‍යවරයා සහ ජනතා විමුක්ති පෙරමුණ යි.

එසේ නොවන්නට මෙම සිද්ධිය මේ මොහොතේ ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් බවට පත්වීම වැළැක්විය නොහැකි ය. එමෙන් ම ඊ නිව්ස් වෙබ් අඩවියට ද වගකීමක් ඇති බව සඳහන් කළ යුතු ය. එනම් මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු සොයා බලා ජනතාව දැනුවත් කිරිම ය. මේ මොහොතේ අනාථයන්ට පිහිට විමට අප කිසිවකුටත් වුවමනා නැත. එමෙන් ම පක්ෂ අභ්‍යන්තර අරගල දඩමීමා කොට ගනිමින් රෙජිමයට අත්කරදුන් පරාජය ආපසු හැරවීමට ද අප කිසිවකුට අවශ්‍යය නැත. මේ මොහොතේ ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර අරගලකරුවන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා බවට පත්කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කළ කැපවීම අවලංගු කොට නැවත රට අරාජික කරවිම ය.

අවසාන වශයෙන් පැවසිය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ද, අධිකරණ අමාත්‍යතුමාගේ ද කිල්ලෝටවල හුණු නැතැයි කියන්නට ලියුම්කරු නොපෙලඹෙන බව සහ මේ මොහොතේ කළ යුත්තේ අසීරුවෙන් ගොඩනගාගත් ජනාධිපතිධුරය සහ ආණ්ඩුව යළි මරාකරණය වීමට ඉඩ නොදිය යුතු බව ය. දැන් ඔබ තෙපළ ම (අධිකරණ අමාත්‍යතුමා, ජනතා විමුක්ති පෙරමුණ සහ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය) තෙපළක නොසිට එකට එක්ව මෙම ගැටලුව පිළිබඳ ජනතාවට සත්‍යය හෙළිදරව් කළ යුතු බව ය.

 

ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Last modified on Monday, 02 March 2015 08:30

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us