අලුත් කොමිෂන් සභා දෙකක්. යහපාලනය නමින් අලුත් අංගයකුත්

Published in පුවත්
Saturday, 07 March 2015 08:21

රාජ්‍ය මිල දී ගැනීම් අධීක්ෂණයට හා විගණන කටයුතු සඳහා අලුතින් ස්වාධීන කොමිෂන් සභා දෙකක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවා තිබූ ස්වාධීන කොමිෂන් සභා පහට අමතරව පිහිටුවන මෙම කොමිෂන් සභා දෙක 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කිරීමට නියමිතය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව වඩා ශක්තිමත් කර පිහිටුවීමට යන අනෙකුත් කොමිෂන් සභා වන්නේ මැතිවරණ, පොලිස්, රාජ්‍ය සේවා, අධිකරණ සේවා, අල්ලස් හා දූෂණ සහ මානව හිමිකම් යන ස්වාධීන කොමිෂන් සභාය. රාජ්‍ය පාලනයෙන් වංචා හා දූෂණය ඉවත් කර මෙරට රාජ්‍ය ආයතනවල සිදු කරන විවිධ ගනුදෙනුවලදී සිදු වන අක්‍රමිකතා අවම කිරීමට මේ අලුත් කොමිෂන් සභා දෙක යෝජනා වී තිබේ.

මේ අතර ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය ආදී රටේ ප්‍රධාන අංශ ත්‍රිත්වයට යහපාලනය නමින් නව අංශයක් එක් කැර එය ජනාධිපතිවරයා යටතට පවරන්නේ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත්වූයේ මහජන ඡන්දයෙන් බව කී අගමැතිවරයා එහෙයින් ජනාධිපතිවරයාට විශේෂ ආරක්ෂක අංශයක් විධායක බලතල යටතේ ක්‍රියාත්මක කෙරෙන බව ද ඊට අමතරව කැබිනට් මණ්ඩලය ඕනෑම අවස්ථාවක රැස් කිරීම හෝ හමුවීමේ හැකියාව නව ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කැර ඇතැයි ද කීවේය.

අගමැතිවරයා මෙසේ සඳහන් කළේ සේදවත්ත වේරගොඩ පුරාණ රජමහා විහාරස්ථානයේ දී ඊයේ(6) පැවැති ‍බෝධි ප්‍රාකාරයට මුල්ගල තැබීමේ උත්සවයට එක් වෙමිණි. නව කෙටුම්පත යටතේ යහපාලනය ඇති කිරීම, ස්වාධීන කොමිසම් සභා ක්‍රියාත්මක කිරීම, මැතිවරණ කටයුතු ගෙන යෑම ආදී කරුණු ජනාධිපතිවරයා වෙත පවරා ඇතැයි ද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

කොමිසම් සභා ස්ථාපිත කොට මාර්තු 23 ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද එය ප්‍රමාද වූ බව කී ඒ මහතා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන කෙටුම්පත් කැර පක්ෂ නායකයන්ට ලබා දුන් බව කීය. පාර්ලිමේන්තුවේ පක්ෂ නායක සාකච්ඡා ආරම්භ කළ බවත් බදාදා ජාතික විධායක සභාව ඒ පිළිබඳ සාකච්ඡා කරන බවත් කී අගමැතිවරයා ඉදිරි සතියේ රැස්වීමට අදාළ දින වෙන් කැර ඇති බවත් පැවසීය.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා ක්‍රියාත්මක වෙන්නේ අගමැතිවරයාගේ උපදෙස් මත යැයි කී වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ බහුතරය හිමි පක්ෂ‍ය හෝ කණ්ඩායමට අගමැති ධූරය හිමි වෙන බව අනාවරණය කළේය. අගමැතිවරයා කැබිනට් මණ්ඩලය පත් කැර ඒ යටතේ නව ව්‍යවස්ථා ක්‍රියාත්මක කෙරෙන බව කී අගමැතිවරයා කීවේය.

 

Last modified on Saturday, 07 March 2015 08:34

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us