ෆුල් ෆේස් නීතිය ඉවතට

Published in පුවත්
Tuesday, 10 March 2015 12:32

රටේ ජනතාවගේ ජනතා මතය හිස නමා, මාර්තු 21 වැනි දා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.

මහජන අදහස් සැලකිල්ලට ගනිමින් මෙලෙස එම තහනම අත්හිටුවීමට පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාට උපදෙස් දුන් බව නීතිය හා සාමය අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

මීට පෙර ද එම නීතිය පනවා කෙටි කාලයකින් ඉවත් කර ගැනිණි.

විශේෂයෙන් ජනතාවාදී ආණ්ඩුවක් ලෙස කිසිවිටෙකත් ජනතාවට ගැටලු ඇතිවන ආකාරයේ ක්‍රියාමාර්ග නොගන්නා බව අමාත්‍යවරයා පැවැසීය.

පසුගිය දිනවල ෆුල්ෆේස් හෙල්මට් නීතිය පැනවීමෙන් පසු තරුණයෝ ෆේස්බුක් හා යූටියුබ් ඔස්සේ ඊට එරෙහිව විවිධ දෑ ප්‍රචාරය කළෝය. මේ වන විට ෆුල්ෆේස් හෙල්මට් නීතිය තාවකාලිකව නවතා දැමීම පිළිබදව බොහෝ දෙනා ෆේස්බුක් හරහා සතුට පළ කර සිටිති.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us