නායකයෙක් නැතුව මහජන පක්ෂයත් අනාතයි

Published in පුවත්
Friday, 27 March 2015 13:46

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උප සභාපති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වඩාත් සුදුසුම පුද්ගලයා ලෙස පත්කරන ලෙසත් විපක්ෂයට සුදුසුම නායකයාට පත්වීමට ඉඩදෙමින් ලාංකීය දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්කිරීමට දායකවන ලෙසත් සියළුම පක්‍ෂ විපක්‍ෂ දේශපාලකයන්ගෙන් ඉල්ලමින්ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ලේකම් අසංක නවරත්න නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් රජයේ අමාත්‍යධූර ලබාගැනීම සම්බන්ධයෙන් මතුව ඇති දේශපාලන අර්බුධය පිළිබදව අප පක්‍ෂයේ ස්ථාවරය මෙයින් ප්‍රකශකර සිටිමු.

ශ්‍රී ලංකා මහජන පක්‍ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවීම සදහා ආරම්භක අවස්ථාවේ එනම්, 2004 වර්ෂයේ නිල වශයෙන් අත්සන් තබා සම්බන්ධ වූ පක්‍ෂයක් වන අතර, එතැන් පටන් මේ දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහනය වෙනුවෙන් සුවිශාල කැපකිරීමක් සිදුකල පක්‍ෂයකි. එහිදී විශේෂයෙන් ජාතීන් අතර සමගිය සහ සහජීවනය ගොඩනැගීම සඳහාත්, ජනවාර්ගික අර්බුධය විසදීමට බලය බෙදාහැරීම විසදුමක් ලෙසත් පිළිගෙන, මූලික එක`ගතාවයකින් යුතුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ජයග්‍රහනය වෙනුවෙන් අප පක්‍ෂය රටපුරා සංවිධානාත්මකව කටයුතු කලෙමු.

එහිදී අප පක්ෂයක් වශයෙන් අපේ අනන්‍යතාවය කැපකොට නිදහස් සන්ධානයේ ජයග්‍රහනය මගින් රටට සෞභාග්‍යයමත් අනාගතයක් උදාකිරීම සඳහා අත්වැල් බැඳගතිමු. ජනපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහනයෙන් පසු ශ්‍රී.ල.නි.ප ව්‍යවස්ථාව අනුව ඔහු පක්‍ෂයේ සභාපතිධූරය ලබාගැනීමත්, එ.ජ.නි.ස ව්‍යවස්ථාව අනුව සන්ධානයේ සභාපතිධූරය ලබාගැනීමත් ව්‍යවස්ථානුකූල වුවද, එය සදාචාරවාදී ප්‍රථිපත්තිගරුක දේශපාලන භාවිතයක් යැයි පක්‍ෂයක් ලෙස අපි විශ්වාස නොකරනුයේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අතිවිශාල බහුතරයක් ඡන්දදායකයින් තවමත් ඔවුන්ගේ නායකයා ලෙස පිළිගනු ලබන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් වීමත්, ඔවුන් තම ඡන්දය පාවිච්චිකලේ එතුමාගේ ජයග්‍රහනයටත් වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පරාජය වෙනුවෙන් වීමත් නිසාය.

දින සීයේ ජනතා පොරොන්දු ඉටුකිරීම පසෙකලා, දින සියය අවසන් වීමටත් ප්‍රථම තම බලය අනිසිලෙස පාවිච්චචිකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් සුළු පිරිසකට අල්ලස් ලෙස අමාත්‍යධූර ලබා දී කරමින් යන ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන භාවිතාව පිළිකුලෙන් යුතුව අපි හෙලා දකිමු. මෙම ඊනියා හවුල් ආණ්ඩුව විසින් තමන්ට ප්‍රථිවිරුද්ධ දේශපාලන බලවේග මෙල්ලකරමින්, කලින් ආණ්ඩුවේ දූෂිත යැයි ඔවුන් චෝදනා එල්ලකල පිරිස් පවා බිලිබාගනිමින් ලාංකීය දේශපාලනය ඇද දමමින් යන මෙම කණගාටුදායක දේශපාලන භාවිතයේ ඉලක්කය වනුයේ ජනතාවගේ හදවත්තුල සැබෑ නායකත්වයේ සලකුණු සටහන්කල මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කුමන්ත්‍රණකාරී ලෙස දේශපාලනයෙන් ඉවත්කිරීමය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුළුතරයක් විසින් පක්ෂය මේ ආකාරයෙන් පාවා දෙමින් සිදුකරන ක්‍රියාව පාලනය කිරීම සදහා විපක්‍ෂයක් වශයෙන් ගොඩ නැගීමට සුදුසු විපක්‍ෂ නායකයෙකුගේ අවශ්‍යතාවය තදින් දැනෙන අතර ඒ සඳහා යෝජනා වී ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උප සභාපති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වඩාත් සුදුසුම පුද්ගලයා ලෙස අපගේ ද අදහසයි.
ශ්‍රී ලංකාවේ දේශපාලනය තීරණාත්මක ලෙසින් අගාදයට ඇද දමන මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතය දැඩිලෙස හෙළා දකිමින්, විපක්ෂයට සුදුසුම නායකයාට පත්වීමට ඉඩදෙමින් ලාංකීය දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්කිරීමට දායකවන ලෙස සියළුම පක්‍ෂ විපක්‍ෂ දේශපාලකයන්ගෙන් මහජන පක්‍ෂය වශයෙන් අපි ඉල්ලා සිටිමු.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us