විපක්ෂය හරස් කැපුවත් ජනතාවට සහන සැලසීම එළෙසම ඉ‍ටු කරනවා - මුදල් ඇමැති (audio)

Published in පුවත්
Wednesday, 08 April 2015 06:45

රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා භාණ්ඩාගාරයට මුදල් නොමැති බවට විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීම ඇතුළු කරුණු රැසක් අනාවරණය කිරීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (06) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.

එහි දී අමාත්‍යවරයා පැවසුවේ ආණ්ඩුවට මුදල් ලබා ගැනීමේ කිසිදු බාධාවක් නොමැති බවය.
එහෙත් පැවැති ආණ්ඩුවේ අසාර්ථක මුල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ වත්මන් ආණ්ඩුවට බව පෙන්වා දුන් අතර මුදල් නොමැති නම් රාජ්‍ය සේවකයන්ට මෙවර උත්සව අත්තිකාරම් මුදල දෙගුණ කර ලබා දුන්නේ කෙසේ දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.


එමෙන්ම මෙහිදී පාර්ලිමේතුවේ දී පරාජය වූයේ රෙගුලාසියක් බවත් ඉන් ආණ්ඩුවට කිසිම ‍බලපැමක් සිදුනොවන බවත් මුදල් ඇමති රවි කරුණානායක මහතා අවධාරණය කළේය.

රජයේ සේවකයන්ගේ වැටුප් හා ‍අත්තිකාරම් දිමනා කිසිදු බාධාවකින් තොරව ගෙවීමට රජය කටයුතුකරන බවද ඒ මහතා කීය.

එහිදි වැඩි දුරටත් කතා කළ ඇමතිවරයා භාණ්ඩාගාරයේ බැඳුම්කරවලින් මෙම මුදල් රජය ගන්න තිරණය කළේ රාජපක්ෂවරු රට මත පටවා ඇති ණය බර අඩුකොට ජනතාවගේ ජිවන බර අඩුකිරීමට බවද පෙන්වාදුන්නේය.

ඒ පාලන සමයේ ගත් 7% හා 8% විශාල ණය අනුපාත කළමනාකරණය කරමින් 4% වගේ අඩු පොලි අනුපාතවලට යෑම රජයේ අරමුණ බවත් ඒ මහතා කිවේය‍. මේ පනත මුදල් පනතක් නොවන අතර මෙය රෙගුලාසියක් බව කරුණු දැක්වු කරුණානායක මහතා මින් ආණ්ඩුවට කිසිම ‍බලපැමක් සිදුනොවන අතර විපක්ෂය මුලින් මේ පිළිබඳ ඡන්දයක් ඉල්ලන්නේ නැතැයි පවසා පසුව එය වෙනස් කිරීම ගැන ජනතාව අවධානය යොමු කළ යුතු බව කීවේය.

මිට විරුද්ධව ඡන්දය දුන් අය සිදු කළේ කූඨ ක්‍රියාවක් බව පැවසු ඇමැතිවරයා මොවුන් වැඩිවශයෙන් අපි ණය ගෙවීම ගැන සතුටුවෙනවා ඇතැයි ද පැවසීය.

අපේ ආණ්ඩුවේ එකම අරමුණ වූවේ ජනතාවට සහන ලබා දීමයි රටේ පැවති දූෂණය නාස්තිය නතර කොට ඒ මුදල්වලින් ජනතාවට සහන දුන් මේ ආණ්ඩුව මින් බලාපොරොත්තුවූවේ ඒ අයට තව තවත් සහනදීම බවට කරුණු දැක්වූයේය.

මෙහිදි කතා කළ වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙය විපක්ෂය දෙකඩ වු අවස්ථාවක් ලෙස පෙන්වාදුන්නේය. කණ්ඩායමක් නැගිටලා ගියා අනෙක් කණ්ඩායම විරුද්ධව ඡන්දය ප්‍රකාශ ‍කළ බව කීවේය. මුලින්ම විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවා ඡන්දයක් අවශ්‍ය නොමැති බව. පසුව ‍හිටපු ඇමති ජෝන් සෙනෙවිරත්න මහතාත් ඊට එකඟත්වය පළ කර සිටියා. අවසානයේ මේ ආකරයට සිදු කිරීම පිහියෙන් ඇණිමක් වගේ දෙයක් බවත් කීය.

ආර්ථික හා ප්‍රතිපත්ති සම්පාදක නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා කතා කරමින් අප්‍රේල් මාසයේ වැටුප් ගෙවීමට අවශ්‍ය තවත් රුපියල් බිලියන 19ක් බව කීවේය. ඒ සොච්චම සොයා ගැනීමට ආණ්ඩුවට එතරම්ම අපහසු කරුණක් නොවන බව පැවසීය.

මෙයින් ආණ්ඩුව කරන්න සූදානම් වූයේ ඉකුත් රජය මෙන් ජනතාව මත බදුබර නොපටවා භාණ්ඩාගාරයේ ණය කළමනාකරණය කිරීමට බව පෙන්වාදුන්නේය.

දැනට සමෘද්ධි සහනාධාර, රබර්, හා වි මිල දී ගැනීම කිසිදු ගැටලුවක් නොමැතිව සිදු කෙරෙන අතර ගැටලුවක් වුණොත් ඊට ඡන්දය දුන් අය වගකිව යුතු බවත් ලබන (23) ඡන්දයකට යන බවත් ඒ මහතා කීවේය.


මාධ්‍ය හමුවේ හඬපටය 

{soundcloud}https://soundcloud.com/lankadaily/ravi-karunanayaka-press{/soundcloud}

Last modified on Wednesday, 08 April 2015 06:58

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us