වැලිකඩ අවට කැරළි මර්දන ඒකකය සීරුවෙන්

Published in පුවත්
Thursday, 23 April 2015 06:44

අත්අඩංගුවට ගත් බැසිල් රාජපක්ෂ , නිහාල් ජයතිලක, ඒ කේ රණවක යන තිදෙනා කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සඳහා නියෝග කිරීමෙන් අනතුරුව වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා ඇත.

මේ මොහොත වනවිට වැලිකඩ බන්ධනාගාරය අවට හා බේස්ලයින් පාරේ ආරක්ෂාව තරකිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. කැරලි මර්දන පොලිස් කණ්ඩායම්ද සෙසු පොලිස් බල ඇණිද තැන තැන රඳවා ඇත.

රාජපක්ෂවරුන්ට එරෙහිව ඇති දූෂණ වංචා විභාග කිරීම වලක්වා ලීම සඳහා රාජපක්ෂවාදි කොටස් රටේ නීතියට එරෙහිව කටයුතු කිරීම වැලැක්වීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

 දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ මුදල් රුපියල් මිලියන 132 ක මුදලක් මහා භාණ්ඩාගාරය නිකුත් කිරීමට පෙරාතුව සේවකයන්ට පාරිතෝෂිත දීමනා වශයෙන් ලබා දීම, මැතිවරණ සමයේ දිවි නැඟුම මුදල් වැය කරමින් ලිත් ලක්ෂ පනහක් මුද්‍රණය කිරීම, දිවි නැඟුම හරහා රජයේ ක්‍රියාවලියට පරිභාහිරව නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් කර ඇති බවට බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනාට චෝදනා එල්ල කර තිබිණි.

 

මෙහිදී විනිසුරුවරයා ඉදිරියේ කරුණු දැක්වූ විත්තියේ නිතිඥයන් කියා සිටියේ මෙම චෝදනා පොදු දේපළ පනත යටතේ ගැනෙන්නේ නැති බවය.

 

දිවි නැඟුම බැංකුව යනු රාජ්‍ය බැංකු සංකල්පයට අයත් නොවන අතර බැසිල් රාජපක්ෂ මහතා මෙහි කිසිදු මුදලක් සිය පෞද්ගලික පරිහරණයට ගෙන නොමැති බවත් නීතිඥයන් පෙන්වා දුන්හ.

 

ලිත් මුද්‍රණය කිරීමේ දී අනුගමනය කළ යුතු නිසි ටෙන්ඩර් පටිපාටියට අනුව කටයුතු කරමින් ලිතක් රුපියල් 3.50 ක් බැගින් වූ මුදලකට මුද්‍රණය කර ඇති බවත් පෙන්වා දුන් නීතිඥයන් මේ චෝදනා බරපතළ නොවන හෙයින් ඔවුනට ඇප ලබා දෙන ලෙස නීතිඥයන් ඉල්ලා සිටියහ.

 

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලු විනිසුරුවරයා රාත්‍රී 11.15ට පමණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා විනාඩි දහයකට අධිකරණ කටයුතු කල් තැබූහ. ඉන්පසු තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා ලබන මැයි මස 5 දක්වා බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවල ඒ සඳහා සහභාගි වීමට අවසරය ලබා දුන් අතර ඒ මහතාගේ අසනීප තත්ත්වයන් පිළිබඳ සලකා බලා ඒ අනුව අවශ්‍ය ප්‍රතිපාදන සලසා දෙන ලෙස බන්ධනාගාර නිලධාරීනට නියෝග කළේය.

 

කොල්ලුපිටිය විශේෂ මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඊයේ(22) රාත්‍රී 9.15ට පමණ කඩුවෙල අධිකරණයට රැගෙන එන ලද හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පිළිබඳ නඩුව විභාගයට ගැනෙන තෙක් විනාඩි පනස් පහක කාලයක් විනිසුරුවරයාගේ නිළ මැදිරිය ඉදිරියේ රැඳී සිටින්නට සිදුවිය.

 

එම කාලයේ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් විසින් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති චෝදනා ඇතුළත් බී වාර්තාව පිළිබඳ තොරතුරු විනිසුරුවරයාට දැනුවත් කිරීම සිදුවිය.

 

විනාඩි පනස් පහක් තිස්සේ නිල මැදිරිය ඉදිරියේ සිටි බැසිල් රාජපක්ෂ මහතා තමන්ට තව දුරටත් එම ස්ථානයේ සිටීමට නොහැකි බව පවසමින් විදුලි පංකාවක් ඇති ස්ථානයකට යා යුතු බව පොලිසිය හමුවේ කියා සිටියේය.

 

ඒ අනුව ඔහුව අසල විදුලි පංකා සහිත මැදිරියක අසුන් ගැනීමට සැලැස්සුව ද විනාඩි පහක් හෝ ඔහුට රැඳී සිටීමට නොහැකි වූ අතර එම කාලයේ විනිසුරුවරයා හිටපු ඇමැතිවරයාව කැඳවනු ලැබීය.

 

මෙහිදී ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා ප්‍රමුඛ නීතිඥ මඩුල්ලක් සමඟ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනා විනිසුරු නිල මැදිරියට ඇතුළු වූහ.

 

මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා සමඟ නීතිඥවරුන් වන යූ. ආර් ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, නාමල් රාජපක්ෂ, ශාන්ත හේරත්, මේරි ඩික්මන්, චමින්ද කුලරත්න, මනෝජ් ගමගේ සහ සුමිත් විජේසිංහ යන මහත්වරුන් පෙනී සිටියේය.

 

Last modified on Thursday, 23 April 2015 06:49

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us