සමෘද්ධිය කොල්ල කෑ බැසිල්ට බේරුමක් නෑ ! Featured

Published in පුවත්
Thursday, 23 April 2015 15:48

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂව අත්ඩංගුවට ගෙන නීතිය හමුවට පත් කිරීම සඳහා හේතු වී ඇත්තේ සමෘද්ධිලාභීන්ගේ අරමුදල් කොල්ල කෑම සම්බන්ධ චෝදනා හේතුවෙනි. පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ලෙස මේ වන විට බැසිල් රාජපක්ෂට එරෙහිව පොලිස් බී වාර්තා 6 ගොනු කොට ඇති අතර තවත් වාර්තා දෙකක ඉදිරිපත් වීමට නියමිතය.

මේ අතර ඊයේ දිනයේදී ඇප ලබා ගැනීම සඳහා දැඩි උත්සාහයක් ඔහුගේ නීතිඥවරුන් විසින් ගනු ලැබූවද චෝදනාවන්හී බරපතලභාවය අනුව අධිකරණය ඔහුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබීය.

මෙලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමඟ නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු වතාවට මහජන මුදල් මිලියන හයදාහකට(6,000) ආසන්න ප්‍රමාණයක් වංචා කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරයෙකු හා ආයතනික ප්‍රධානියකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. රිමාන්ඩ් කර තිබේ. දිවි නැගුම දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සිදු කරන ලද පරීක්ෂණයකින් අනතුරුව එය සිදුව ඇත.

1995 අංක 30 දරන පනතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය, 1996 අංක 18 දරන පනතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය සහ 2005 අංක 26 දරන පනතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරිය යන ආයතන තුන ඒකාබද්ධ කරමින් “දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව“ නමින් රජයේ සියලු පරිපාලන සේවා නීතිරීතිවලට යටත් වන පරිදි සේවක විශ්‍රාම වැටුප් හා අනෙක් අයිතිවාසිකම් සමඟ එකඟ වන අයුරින් එක් දෙපාර්තමේන්තුවක් 2014 ජනවාරි තුන් වෙනි දින ස්ථාපනය කරන ලදී. එය අයත් වන්නේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයටයි. මේ උත්සහ ගන්නේ සමෘර්ධි අරමුදල් කොල්ල කෑමට බවට බරපතල චෝදනාවක් එවකටද විපක්ෂයෙන් එල්ල විය.අද ඒ දා ඒ නැගූ චෝදනාව සහතිකවම සත්‍යක් බව ඔප්පු වෙමින් තිබේ.

“දිවි නැගුම” යටතට ඇතුලත් පුද්ගලයන්ගේ ආදායම් එකතු කිරීමට හා වියදම් බෙදා හැරීම වෙනුවෙන් දිවි නැගුම අරමුදල නම් වෙනම අරමුදලක් විය. එය දිවිනැගුම දෙපාර්තමේන්තුව ගොඩ නැගීමට ගෙන ආ පනතෙන් බලය ලබා දුන් විශේෂ අරමුදලක් විය.පොදුවේ ගත් විට 16 ලක්ෂයකට අධික පිරිසක් ඒ යටතේ ආවරණය වුණි.

දිවි නැගුම අරමුදලට මුදල් ලැබූ ප්‍රධාන මූලාශ්‍රයක් වූයේ ඊට අයත් රට වටා පිහිටවා තිබූ ක්ෂුද්‍ර මූල්‍ය බැංකුය. පසුගිය වසරේ ජූලි මාසය වන විට එබදු බැංකු 1073 ක් රට වටා පිහිටවා තිබුණි. දිවි නැගුමේ සාමාජිකයන් තැන්පත් කරන මුදල්වලින් ඒ බැංකු පෝෂණය වූ අතර, අපේක්ෂා කළ යුතු ආකාරයට ම ඉන් ප්‍රතිලාභ හිමි විය යුතු ව තිබුණේ එහි තැන්පත් කරුවන්ට පමණි. රාජපක්ෂලා කොල්ල කෑවේ මුදල්ය.

දිවිනැගුම අරමුදලෙන් පරිබාහිරව එම මුදල් වියදම් කිරීමේ හැකියාවක් කිසිසේත්ම නොවුමුත්, පසුගිය ජනාධිපතිවරණ සමයේ දී මහින්ද රාජපක්ෂගේ අපේක්ෂකත්වය ප්‍රවර්ධන කිරීම වෙනුවෙන් නිර්ලජ්ජිත ආකාරයට එම මුදල් බලධාරීන් නිර්ලෝභීව වියදම් කළේය. දිවිනැගුම භාර අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊට අවැසි නියෝගය ලබා දෙත් දී අමාත්‍යංශ ලේකම් නිහාල් ජයතිලක හා දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඒ.කේ රණවක හිස වනමින් එය පිළිගන්නා ලදී.

තම අමාත්‍යංශයට අදාළ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමේ දී අදාළ අමාත්‍යවරයාට මග පෙන්වීමේ යුතුකමත් රාජ්‍ය නිලධාරින්ට ඇතිමුත් මේ ඉහළ නිලධාරීන් දෙදෙනා ඒ වෙනුවට කළේ ඉහළින් තමන්ට ලැබුණු උපදෙස් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව දේවභාෂිතයක් ලෙස පිලිගැනීමය.

ඒ අනුව මහින්ද රාජපක්ෂ අපේක්ෂකයාගේ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් දිවි නැගුම අරමුදලට අයත් මුදල්වලින් නිවාස ණය ආධාර ලබා දීමට හා හිටපු ජනාධිපතිවරයාගේ රුව රැගත් ලිත් මුද්‍රණය කිරීමට ඔවුන් කටයුතු කළේය. දිවි නැගුම යටතේ ආවරණය වූ මුළු සාමාජික සංඛ්‍යාව ලක්ෂ පහළොවක් පමණ වුවත්, ඔවුන් ලිත් ලක්ෂ පනහක් පමණ පසුගිය ජනාධිපතිවරණ සමයේ මුද්‍රණය කිරීමට කටයුතු කරන ලදී.

සමෘද්ධි සහනා ධාරයෙන් ජීවත්වූ ගම්බද අසරණ ජනතාව තම අනාගත සුභසාධනය ගැන සිතමින් ගම්වල පිහිටි සමෘද්ධි බැංකුවල තැන්පත් කළ මුදල් හිටපු පාලකයන් කොල්ල කෑවේ ඒ ආකාරයට ය. ඉන් නොනැවතී ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය සදහා යැයි කියමින් ඔවුන් රුපියල් බිලියන 2.1 ක මුදලක් ද දිවි නැගුම අරමුදලින් අත දිග හැර ලෝස් නැතුව වියදම් කර ඇත.

එවැන්නකට කිසිදු හැකියාවක් නොමැති අතර, ඒ සදහා ඔවුන් මුදල් ලබාගත යුතුව තිබුණේ මහා භාණ්ඩාගාරය හරහා ය. මේ ආකාරයෙන් බරපතල විෂමතා රැසක් බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන අමාත්‍යධූරයේ සිටිය දී සිදු ව තිබේ. දැන් ඒවා එකින් එක ඉදිරියට ඇදෙමින් තිබේ.

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us