19 ට SLFP සහාය හිමිවේ.

Published in පුවත්
Friday, 24 April 2015 10:23

19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර තිබේ. ඊයේ (23)පස්වරුවේ රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී ඒ සදහා එකගතාව පළවී අැත.

19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය භාවිත කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව මීට පෙර අවස්ථා කිහිපයකදීද රැස්වී සාකච්ඡා පැවැත්වූයේය.

කෙසේවෙතත් පක්‍ෂයේ ඇතැම් සාමාජිකයන්ගේ අදහස වූයේ 19 වන සංශෝධනය සමග 20 වන සංශෝධනය එකවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් එසේ නොවුනහොත් 19 වන සංශෝධනයට විරුද්ධ වන බවට ඔවුන් ප්‍රකාශ කළේය.20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එයද සම්මත කර ගැනීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවට ඊයේ පොරොන්දුවක් ලබාදී අැත.

මීට අමතරව හිටපු ජනාධිපතිවරයා සහ වර්තමාන ජනාධිපතිවරයා අතර පැවැත්වෙන සාකච්ඡාවක් කඩිනමින් සිදුකළ යුතු බවටත් තීරණය කර තිබේ.

Last modified on Friday, 24 April 2015 10:25

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us