මහින්ද,බැසිල්,ගෝඨා,නාමල් ශ්‍රිලනීපයෙන් ඉවතට, චමල් වෙනුවෙන් ශෂීන්ද්‍ර එයි Featured

Published in පුවත්
Saturday, 25 April 2015 09:08

දූෂිත රාජපක්ෂ පවුලේ සාමාජිකයන් රැසකට එළෙඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලනීපයෙන් නාමයෝජනා නොලැබෙන ලකුණු පහළ වී තිබේ. පරාජිත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඔහුගේ පුත් නාමල් රාජපක්ෂට හා බැසිල් හා ගෝඨභය සොහොයුරන්ටද මෙලෙස ශ්‍රී ලනීපයෙන් නාමයෝජනා නොලැබෙනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි. මේ අතර කතානායක චමල් රාජපක්ෂ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමින් පසුවේ. ඒ වෙනුවෙන් ඔහුගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂට ශ්‍රී ලනිපයෙන් නාම යෝජනා ලැබෙනු ඇති බවත් ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමිකින් පසුවන බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

රාජපක්ෂ පවුලේ අනෙකුත් සාමාජිකයන් අතුරෙන් නාම යෝජනා ලැබීමට නියමිතව ඇති අනෙක් අය වෙන්නේ නිරූපමා රාජපක්ෂ මහත්මිය පමණය. ඇය ජනාධිපතිවරණ අවස්ථාවේදීද මහින්ද රාජපක්ෂට සහය දැක්වීමෙන් ඉවත්ව සිටි අතර ජනාධිපතිවරණයේ අවසන් දින කිහිපයේදී විපක්ෂ වේදිකාවට ගොඩවීමේ අපේක්ෂාවෙන්ද පසු වූ බවද දැන ගැනීමට තිබේ.

කෙසේ නමුත් යළි හම්බන්තොට රාජපක්ෂලාගේ දේශපාලන ආධිපත්‍යය ගොඩ නැගීමට ඉඩ දිය යුතු නැති බව හම්බන්තොට ශ්‍රී ලනිප ජේෂ්ඨයන් ගනනාවක ජනාධිපතිවරයාට හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක හමුවේ කරුණු දක්වා ඇති බවත් වාර්තාවේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us